මාලවනට නව කණ්ඩායමක්!

77

2020 අන්තර් පාසල් රග්බි තරග වාරය වෙනුවෙන් මහනුවර විද්‍යාර්ථ විදුහලේ A කාණ්ඩයේ සිහින යථාර්ථයක් කිරීමට විශාල ලෙස දායකත්වය ලබා දුන් සුමේධ මාලවන එළඹෙන තරග වාරය සඳහා සාන්ත අන්තෝනි විදුහලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

නිල්ෆර් ගෙදර යයි!

ආදි කිංග්ස්වුඩ් ක්‍රීඩකයෙක් වන නිල්ෆර් ඊබ්‍රහීම් එළඹෙන රග්බි ………

1998 වර්ෂයේ දී සුමේධ මාලවන විද්‍යාර්ථ විදුහල වෙනුවෙන් ක්‍රීඩා කළ අතර පසුව 2000 වර්ෂයේ සිට වසර 14ක් පුරාවට නාවික හමුදා ක්‍රීඩා සමාජ වෙනුවෙන් තම දායකත්වය ලබා දුන්නා. එසේම ශ්‍රී ලංකා ජාතික සංචිතය වෙනුවෙන් ද 2002 වර්ෂයේ සිට 2013 වර්ෂය වන තෙක් ඔහු ක්‍රීඩා කර තිබෙනවා.

පාසල් රග්බි පිටියේ දී ප්‍රථමයෙන් D. S. සේනානායක විදුහල වෙනුවෙන් පුහුණුකරු ලෙස කටයුතු කිරීම ආරම්භ කළ මාලවන පසුව තම පාසල වෙත වගකීම් සම්භාරයක් ඉටු කරමින් 2012 වර්ෂයේ A කාණ්ඩයෙන් පහළට ඇදවැටුණු විද්‍යාර්ථ විදුහල එළඹෙන තරග වාරයේ දී නැවත A කාණ්ඩය වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා විශාල සේවයක් ඉටු කළා.

විද්‍යා විදුහල ගොඩගන්න අලුත් කෙනෙක්!

ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ රග්බි කණ්ඩායමේ පුහුණුකරු ………..

විද්‍යාර්ථ විදුහලේ පළමු පෙළ රග්බි කණ්ඩායම මෙන්ම සත් සාමාජික රග්බි කණ්ඩායමට ද විශාල ලෙස තම දායකත්වය ලබා දුන් සුමේධ මාලවන එළඹෙන තරග වාරය සඳහා සාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<