නව පුහුණුකරු පාකිස්තාන ක්‍රීඩකයින්ගේ කටට වැට බඳී

85

ඉදිරියේ දී පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම තුල ස්ථාවර ස්ථානයක් ගොඩනගා ගැනීමේ බලාපොරොත්තුවෙන් යම් ක්‍රීඩකයෙකු පසුවන්නේ නම් ශාරීරික යෝග්‍යතාවට ප්‍රමුඛ ස්ථානය ලබා දී පුහුණුවීම් කටයුතුවල නිරත වන ලෙස, අභිනවයෙන් තේරීපත් වූ එරට ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිශ්බා උල් ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක දී අවධාරණය කර සිටියේය.

මැතිව් වේඩ් ගඟට ඉනි කපද්දී එංගලන්තය තරගාවලිය සම කරති!

ඕස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරු මැතිව් වේඩ් සිව්වැනි ඉනිමේ ලබාගත් විශිෂ්ට ශතකය ඵල රහිත…

එම දීර්ඝ කාලීන සැලසුමේ පළමු වෙඩිමුරය දියත් කරමින් ඔහු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ඇතුළුව දේශීය මට්ටමේ ඉහළ දක්ෂතා අතර සිටින ක්‍රීඩකයින්ගේ දෛනික ආහාර සැලැස්මේ නැත්නම් පෝෂණ සැලැස්මේ විශාල වෙනසක් සිදු කිරීමට පියවර ගෙන තිබේ.

මින් ඉදිරියට පාකිස්තාන ක්‍රීඩකයින් සහභාගී වන ඕනෑම තරගාවලියක් හෝ පුහුණු කඳවුරක් අතරතුර දී කිසිදු මේද අධික හෝ පිෂ්ට අධික ආහාරයක් ලබානොදීමට ඉහළින් තමන්ට අණ ලැබී ඇති බව එරට ප්‍රධානතම පළමු පෙළ තරගාවලිය සඳහා ආහාර සැපයීම සිදු කරන සමාගමේ කළමනාකාරිත්වය මේ පිළිබඳ කරුණු විමසීමේ දී සඳහන් කර තිබුණි.

>>රුබෙල් සහ ශෆිඋල් නැවතත් බංග්ලාදේශ විස්සයි විස්ස සංචිතයට?

“මෙතැන් පටන් ක්‍රියාත්මක වන පරිදි බිරියානි, රතු මස් වර්ග හෝ කිසිම පැණි රස අතුරුපස ජාතියක් ක්‍රීඩකයින් වෙත ලබා නොදිය යුතු බවට ක්‍රිකට් ආයතනය අපිව දැනුවත් කළා. පළමු පෙළ තරගාවලිවල දී සහ ජාතික කණ්ඩායම් පුහුණු කඳවුරුවල දී ලබා දෙන ආහාර ලැයිස්තුවේ මින් ඉදිරියට අඩංගු විය යුත්තේ බාර්බකිවුස්, පැස්ටා සහ පලතුරු වර්ග පමණක් බව විශේෂයෙන්ම සඳහන් කරලා තිබුණා.”

ජාතික කණ්ඩායම සඳහා  ක්‍රීඩා නොකරන කාල සීමාව තුල දී බොහෝ පාකිස්තාන ක්‍රීඩකයින් කැලරි අධික ආහාර ගැනීමට දැඩි කැමැත්තක් නිසාවෙන් එම කාල පරිච්ඡේදය තුලදීත් ශාරීරික යෝග්‍යතාව සහ දෛනික ආහාර සැලසුම පිළිබඳ ලබා දී මාර්ගෝපදේශනයන් නිසි පරිදි පිළිපදින බවට සටහන් කිරීම සඳහා ලොග් පොතක් නඩත්තු කිරීමට නව ක්‍රමවේදයට අනුව ඔවුන්ට සිදු වනු ඇත.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමෙන් ලෝක වාර්තාවක්!

බංග්ලාදේශ තුන්කොන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය අද (15)…

ආරංචි මාර්ග අනුව කිසියම් ක්‍රීඩකයෙකු එම ලබා දී ඇති උපදෙස් මාලාව නොසලකා හරිමින් තම අභිමතයට අනුව කටයුතු කරන්නේ නම් ඔහුට සංචිතයෙන් ඉවත්ව යාමේ දොරටුව විවෘත කරදීමට කිසිසේත්ම පසුබට නොවන බවට සඳහන් කරමින් මිශ්බා තම වැඩපිළිවෙළ පිළිබඳ පෞද්ගලිකව ද ක්‍රීඩකයින් දැනුවත් කර තිබේ.

වයස අවුරුදු 43 වැනි තෙක් ජාත්‍යන්තර තරග බිමේ රැඳී සිටිමින් ඉහළ මට්ටමේ දක්ෂතා දැක්වූ මිශ්බා ජාතික කණ්ඩායමට සමු දී දැනට වසර දෙකක් ගත වූවත් තවමත් ක්‍රීඩකයෙකු වශයෙන් සක්‍රියව තම දායකත්වය ලබා දීමෙන් පෙනී යන්නේ ශාරීරික යෝග්‍යතාව පවත්වා ගෙන යාම සඳහා ක්‍රීඩකයෙකුගේ වයස එතරම් බලපෑමක් එල්ල කරන සාධකයක් නොවන බවයි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<