Home Sinhala ශෙරාන් සහ යෙසිත් අර්ධ ශතක රැස් කරද්දී තරගයට වර්ෂාව හරස් වෙයි

ශෙරාන් සහ යෙසිත් අර්ධ ශතක රැස් කරද්දී තරගයට වර්ෂාව හරස් වෙයි

87 වැනි සාන්තුවරුන්ගේ මහා ක්රිකට් ගැටුම

905

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අතර 87 වැනි වරටත් පැවැත්වෙන මහා ක්‍රිකට් සංග්‍රාමයේ පළමු දිනය අද (13) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ආරම්භ වුනා.

2016 වසරට පසු මහා ක්‍රිකට් ගැටුමක ජයක් සොයමින් කණ්ඩායම් ද්විත්වයම තරගයට අවතීර්ණ වූ අතර කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර නායක නිපුනක ෆොන්සේකා පළමුවෙන් පන්දුවට පහර දීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයන්ට ආරාධනා කළා.

මෙම තරගයේ සිය පළමු ඉනිම් සඳහා කණ්ඩායම් ද්විත්වයටම හිමි වන පන්දුවාර සංඛ්‍යාව 60කට සීමා වුනා.

19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ සාන්ත ජෝසප් නායක දුනිත් වෙල්ලාලගේ, ශෙවෝන් ඩැනියල් සහ සදීෂ ජයවර්ධන හටත් පීතර ක්‍රීඩක වනුජ සහන් හටත් මෙම තරගය ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසර හිමිව තිබුණේ නැහැ.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

සාන්ත පීතර නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පැමිණි සාන්ත ජෝසප් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ශෙරාන් ෆොන්සේකා සහ යෙසිත් රූපසිංහ සිය කණ්ඩායමට අගනා ආරම්භයක් ගෙන දෙමින් ලකුණු 120ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වුනා.

පන්දු 93කට මුහුණ දෙමින් ලකුණු 52ක් රැස් කළ ශෙරාන් ෆොන්සේකා, චමෙල්ක ද සිල්වාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියා. පන්දු 85ක් තුළ ලකුණු 57 රැස් කළ යෙසිත් රූපසිංහ, නිමාන් උමේෂ්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වුනා.

87 වැනි සාන්තුවරුන්ගේ සටනේ පළමු දින දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත ජෝසප් ක්‍රීඩකයන් පන්දුවාර 34ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 148ක් රැස් කරගෙන සිටියා.

දිවා ආහාරයෙන් පසු සාන්ත ජෝසප් ක්‍රීඩකයන්ට දැඩි පීඩනයක් එල්ල කළ ශෙලොන් රොද්‍රිගෝ පන්දුව කෙළින්ම කඩුල්ලේ වද්දමින් ලකුණු 20ක් වාර්තා කරගෙන සිටි මිතිර තේනුර දවා ගැනීමට සමත් වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 157ක් වන විටයි.

ඉන්පසු පිටියට එක්වූ කෙනෙත් ලියනගේ ලකුණු 12කට සහ හිරාන් කපුරුබණ්ඩාර ලකුණු 4කට දවා ගැනීමට නිමාන් උමේෂ්ට හැකි වුනේ සාන්ත ජෝසප් පළමු ඉනිමේ ලකුණු පුවරුව 193/5ක් බවට පත්කරමිනුයි.

ඉන්පසු පිටියේ එක්වූ සහන් දාබරේ සහ හිරාන් ජයසුන්දර හයවැනි කඩුල්ල සඳහා නොබිඳුනු ලකුණු 40ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිටිය දී ඇදහැලුණු වර්ෂාව නිසාවෙන් තරගය නතර කිරීමට සිදු වුනා.

එසේ දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සාන්ත ජෝසප් ක්‍රීඩකයන් පන්දුවාර 55.3ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 233ක් රැස් කරගෙන සිටියා.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායමේ නැංගුරම වූ හිරාන් ජයසුන්දර පන්දු 88කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 49ක් රැස් කරගෙන සිටි අතර පන්දු යැවීමේ දී නිමාන් උමේෂ් ලකුණු 55කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

87 වැනි සාන්තවරුන්ගේ ක්‍රිකට් සංග්‍රාමයේ දෙවැනි සහ අවසන් දිනය හෙට (14) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වීමට නියමිත අතර එහි සියලුම තොරතුරු එසැණින් දැ නගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟ.


Result

Match drawn

St. Joseph’s College
261/7 (60)

St. Peter’s College
138/10 (56.3) & 82/2 (22)

Batsmen R B 4s 6s SR
Sheran Fonseka lbw b Chamelka De SIlva 52 142 0 0 36.62
Yesith Rupasinghe lbw b Niman Umesh 57 88 0 0 64.77
Hiran Jaysundara not out 53 98 0 0 54.08
Mithira Thenura b Shelon Rodrigo 22 18 0 0 122.22
Keneth Liyanage st b Niman Umesh 12 24 0 0 50.00
Hirun Kapurubandara c & b Niman Umesh 4 14 0 0 28.57
Shenuka De Silva c & b Shelon Rodrigo 21 16 0 0 131.25
Sahan Dabare run out () 8 13 0 0 61.54
Deshan Seneviratne not out 14 9 0 0 155.56


Extras 18 (b 4 , lb 4 , nb 10, w 0, pen 0)
Total 261/7 (60 Overs, RR: 4.35)
Bowling O M R W Econ
Danal Hemananda 12 0 60 0 5.00
Chamelka De SIlva 9 0 32 1 3.56
Vinuda Liyanage 5 0 27 0 5.40
Niman Umesh 16 0 56 3 3.50
Lashane Rodrigo 9 0 48 2 5.33
Minol Silva 9 0 30 0 3.33
Batsmen R B 4s 6s SR
Shenal Boteju lbw b Shenuka De Silva 62 149 0 0 41.61
Vishen Halambage b Mithira Thenura 5 13 0 0 38.46
Lahiru Dewatage c & b 12 18 0 0 66.67
Nimuthu Gunawardene c & b Hiran Jaysundara 15 27 0 0 55.56
Nipunaka Fonseka c Deshan Seneviratne b Sheran Fonseka 19 56 0 0 33.93
Vinuda Liyanage b Shenuka De Silva 7 26 0 0 26.92
Danal Hemananda st b Lahiru Amarasekara 1 2 0 0 50.00
Niman Umesh b Lahiru Amarasekara 12 32 0 0 37.50
Shelon Rodrigo st Sheran Fonseka b Shenuka De Silva 0 8 0 0 0.00
Monil Silva b Lahiru Amarasekara 0 4 0 0 0.00
Chamelka De SIlva not out 0 4 0 0 0.00


Extras 5 (b 0 , lb 0 , nb 3, w 2, pen 0)
Total 138/10 (56.3 Overs, RR: 2.44)
Bowling O M R W Econ
Mithira Thenura 5 0 25 1 5.00
Deshan Seneviratne 4 1 14 1 3.50
Yenula Dewthusa 8 0 25 1 3.12
Lahiru Amarasekara 20.3 5 40 3 1.97
Yesith Rupasinghe 7 3 8 1 1.14
Shenuka De Silva 12 1 25 3 2.08


Batsmen R B 4s 6s SR
Shenal Boteju c Sahan Dabare b Yesith Rupasinghe 23 35 0 0 65.71
Vishen Halambage c Dinal Anuradha b Shenuka De Silva 0 1 0 0 0.00
Lahiru Dewatage not out 50 76 0 0 65.79
Nipunaka Fonseka not out 4 23 0 0 17.39


Extras 5 (b 0 , lb 0 , nb 5, w 0, pen 0)
Total 82/2 (22 Overs, RR: 3.73)
Bowling O M R W Econ
Shenuka De Silva 7 0 21 1 3.00
Yenula Dewthusa 3 1 13 0 4.33
Yesith Rupasinghe 6 2 19 1 3.17
Lahiru Amarasekara 3 1 6 0 2.00
Deshan Seneviratne 2 0 12 0 6.00
Mithira Thenura 1 0 9 0 9.00



>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<