මාතලේ ක්‍රීඩාව අලුත් Track එකකට මාරුවෙයි

162

ශ්‍රී ලංකා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යටතේ මාතලේ බර්නාඩ් අලුවිහාරේ ජාතික ක්‍රීඩා සංකීර්ණයේ නව ඉදිකිරීම් කිහිහිපයකටම මුල්ගල තැබීම සම විවෘත කිරීම් වැඩසටහන් කිහිපයක් ඊයේ (18) ගරු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් සිදු කරන ලදි. 

සුමේදගේ හෙල්ල රන් පදක්කමකින් නවතී

2019 වියට්නාම විවෘත මලල ක්‍රීඩා ශූරතාව ඊයේ (17) ආරම්භ වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හෙල්ල විසිකිරීමේ ඉසව්වට….

මෙම ක්‍රීඩාංගණයේ ඉදිකරනු ලබන එක් අංගයක් වන්නේ මීටර 400ක දිගින් යුත් ශ්‍රී ලංකාවේ තෙවැනි කෘතීම ධාවන පතයයි. මාතලේ අලුවිහාරේ ජාතික ක්‍රීඩා සංකීර්ණයේ ඉදි කරන ලද පිහිනුම් තටාකය ද ක්‍රීඩා අමාත්‍යතුමා අතින් විවෘත කළ අතර ඇල්ක් අලුවිහාරේ ගෘහස්ථ ක්‍රීඩාංගණය ද ක්‍රීඩා අමාත්‍යතුමාගේ අතින් ඊයේ දිනයේ දී විවෘත කරන ලදි.

නිමා වූ ජාතික මහා ක්‍රීඩා උළෙලේ හොකි තරගාවලියේ පිරිමි හා කාන්තා අංශ ද්විත්වයෙන් මෙන්ම, දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව බිහි වූයේ ද මධ්‍යම පළාතෙන්ය. මාතලේ දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාව අතින් ඉදිරියෙන්ම පසු වේ. 

ජාතික හොකී කණ්ඩායමට වැඩිම ක්‍රීඩකයින් ප්‍රමාණයක් බිහි කළ මාතලේ එඩ්වඩ් පාර්ක් හොකී ක්‍රීඩාංගණය නවීකරණය කිරීම සඳහා මුල් ගල් තැබීම ද ඊයේ සිදු වූ තවත් එක් විශේෂ සිදුවීමකි. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<