ඕස්ටේලියානු ටෙස්ට් සංචිතයේ හදිසියේම සිදුවූ වෙනස

277

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මේ දිනවල පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා තවමත් ටෙස්ට් වරම් ලබා නොමැති සිය මංගල ජාත්‍යන්තර ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් පසුවන තුන් ඉරියව් ක්‍රීඩක මාර්කස් ස්ටොයිනිස් ඕස්ට්‍රේලියානු සංචිතය වෙත කැඳවීමට එරට තේරීම් කමිටු බලධාරීන් පියවර ගෙන තිබේ.

වේගපන්දු යවන්නෝ දෙදෙනෙකුට ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචාරය අහිමි වේ

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර පාදයේ ආබාධයක් නිසා ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වෙන…

නිමාව දුටු පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළ කණ්ඩායමේ සිය ස්ථානය තහවුරු කරගැනීමට අපොහොසත් වූ ආරම්භක පිතිකරු මැට් රෙන්ෂෝ වෙනුවට ස්ටොයිනිස් සංචිතයට එක් කර ඇති අතර ඒ අනුව රෙන්ෂෝ බිග් බෑෂ් ලීගයේ තමන් නියෝජනය කරන බ්‍රිස්බෙන් හීට් කණ්ඩායමේ සේවයට නැවතත් වාර්තා කර ඇති බව සඳහන් වේ.

ඔහුට අමතරව වේගපන්දු යවන ක්‍රීඩක පීටර් සිඩ්ල් ද බිග් බෑෂ් ලීගයේ ඉදිරි තරග කිහිපය සඳහා සිය දායකත්වය ලබා දීමට නියමිත නමුත් එළඹෙන පළමු වැනිදා පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරගය සඳහා ඔහු නැවතත් සංචිතය සමඟින් එක්වීමට සූදානමින් පසුවේ.

පළමු පෙළ තරගාවලීන්හී දල ලකුණු ලබා ගැනීමේ වේගය 33.1ක් ලෙසත්, පන්දු යැවීමේ සාමාන්‍ය 42.3ක් වැනි අගයක රඳවා ගැනීමට ස්ටොයිනිස් සමත් වී ඇති නමුත් සාපේක්ෂව ඔහුගේ එම දක්ෂතා කණ්ඩායමට ඇතුළු වීමට තරම් විශිෂ්ට මට්ටමක නොවුනත් සීමිත පන්දුවාර තරගවල දී ඔහු තුන් ඉරියව්වෙන්ම පෙන්වා ඇති කැපී පෙනෙන දක්ෂතා නිසාවෙන් මෙම අභියෝගය සඳහා මුහුණ දීමට අවශ්‍ය ඉතා ඉහළ මානසික මට්ටමක් ඔහු සතුව ඇති බව අපේක්ෂා කෙරේ.

නවසීලන්තයට එරෙහිව එක්දින තරගයක දී ඔහු නොදැවී වාර්තා කළ ලකුණු 146 එක්දින තරග ඉතිහාසයේ දියත් කළ සුපිරිම ඉනිමක් ලෙස සැලකෙන අතර සීමිත පන්දුවාර තරගවල දී ලකුණු සාමාන්‍ය 42.37ක් වැනි ප්‍රශංසනීය මට්ටමක රඳවා ගැනීමට ඔහු සමත් වී ඇත. කෙසේ නමුත් මෙම තරගවාරයේ දී රතු පන්දුවෙන් ද තමාට සුපුරුදු ක්‍රීඩා රටාව මැනවින් දියත් කිරීමට ඔහු සමත් වී තිබෙන්නේ පිත්තෙන් (ලකුණු සාමාන්‍ය 42.57) සහ පන්දුවෙන් (25.20) ඔහු දක්වා ඇති දක්ෂතා නිසාවෙනි.

අවසන් මෙහොතේ නැවත වරක් සංචිතයේ වෙනසක් සිදු කිරීම පිළිබඳ සිය මතය ඉදිරිපත් කළ ප්‍රධාන තේරීම් කමිටුභාර නිලධාරි ට්‍රෙවර් හෝන්ස් මහතා මෙසේ ඒ බව සඳහන් කර සිටියේය.

“අපිට ඉදිරි තරගවල දී ඕන කරන්නේ වඩාත්ම සමබර කණ්ඩායමක් ඉතින් ඒ නිසා කණ්ඩායමේ සංයුතියේ වෙනසක් කිරීමේ අවශ්‍යතාව දැනුණු නිසායි අපි මේ තීරණයට එළඹුණේ. ඉදිරි තරගයේ දී පන්දු යවන්න පුළුවන් වගේම පිත්තෙනුත් දස්කම් දක්වන්න පුළුවන් ක්‍රීඩකයෙක් විදියට ස්ටොයිනිස්ව එක් කරගැනීමට හිතුවේ ඒ නිසා.”

පිතිපෙළ නැවත වරක් නාය යයි; ශ්‍රී ලංකාවට ලැජ්ජා සහගත පරාජයක්!

තරගය පුරාවට දැක්වූ දියාරු පිතිකරණ රටාව නිසා ඕස්ට්‍රේලියානු සංචාරය අරඹමින් පැවති පළමු ටෙස්ට් ක්‍රිකට්…

“මේ තරගවාරයේ දී දේශීය පළමු පෙළ තරගවලදීත් ඉන්දියාවට එරෙහිව පැවති එක්දින තරගාවලියේදීත් දැක්වූ සුවිශේෂී දක්ෂතා නිසා අපේ අවධානය දිනා ගන්න ඔහු සමත් වුනා.”

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 40කින් දැවැන්ත පරාජයකට උරුමකම් කීමට ශ්‍රී ලංකාවට සිදු වූ අතර එළඹෙන පළමු වැනිදා කැන්බරා හීදී දෙවන සහ අවසන් ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<