SLC සහ Dialog වෙතින් සිංහයින්ට සුබ පතන්න Online වේදිකාවක්

267
Supun Weerasinghe, Group Chief Executive, Dialog Axiata PLC posting the first wish on the wishing portal to cheer on the Sri Lanka National Cricket Team to bring home the cup.

Dialog සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව කුසලානය ලංකාවට රැගෙන ඒමට අපේ සිංහයන් හට සුබ පැතුම් එක්කරන Wishing Portal එක දියත් කරයි.

2022 සැප්තැම්බර් 11 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට යෙදී ඇති ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී අපේ සිංහයන් හට ජයග්‍රාහී සවියක් වීම වෙනුවෙන් සුබ පැතුම් එක් කළ හැකි ඩිජිටල් වේදිකාවක් හඳුන්වා දීමට, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහක Dialog Axiata සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව කටයුතු යොදා තිබේ.

වසර 8ක දීර්ඝ කාලයකට පසුව එළඹි මෙම අවසන් මහා තරග අවස්ථාව ජය ගනිමින් මව්බිමට ආසියානු කුසලානය රැගෙන ඒම පිණිස අප ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙත සුබ පැතුම් එක්කරමින් ජයගොස නැගීමට සැදී පැහැදී සිටින ශ්‍රී ලාංකිකයන් හට, මෙම  Wishing Portal එක වෙත QR code එකකින් හෝ වෙබ් අඩවියක් ඔස්සේ පිවිසිය හැක.

https://dlg.lk/apekollo Wishing Portal එක වෙත පිවිසීමෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් වන ඔබගේ සුබ පැතුම පහසුවෙන්ම එක්කිරීමට ඔබට හැකි වනු ඇත. මෙලෙස සුබ පැතුම් එක් කරන අය අතුරින් වාසනාවන්තයින් 1,000 දෙනෙකුට වටිනා Cricket T-shirts ලබා දීමට ද Dialog සූදානමින් සිටියි.

මේ අතර, කොළඹ CR&FC සහ CH&FC පිටියේත්, මාතර සනත් ජයසූරිය පිටියේත්, මහනුවර ගැටඹේ පිටියේත්, අනුරාධපුර රාජාංගනය පිටියේත්, යාපනයේ කලයි මති ක්‍රීඩා සමාජ පිටියේත් ආසියානු කුසලාන අවසන් මහා තරගය දැවැන්ත තිර ඔස්සේ සජීවීව විකාශය කිරීමට ද කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාව අවසන් වරට ආසියානු කුසලානක් දිනා ගනු ලැබුවේ, 2014 වසරේ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ වන අතර එදා එම අවසන් සටනේ ප්‍රතිවාදීන් වූ පාකිස්තානයම මෙවර අවසන් සටනේත් අප ප්‍රතිවාදීන් බවට පත්ව තිබේ. එදා 2014 ආසියානු කුසලාන ජය ගත් ජාතික කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයකු අප වත්මන් ජාතික කණ්ඩායමේ නොවීම ද කැපී පෙනෙයි.

සුපිරි හතර දෙනාගේ වටය යටතේ නැගී එන ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ගියවර ශූරයන් මෙන්ම මෙවර ශූරතාව දිනා ගැනීමේ වැඩිම සම්භාවිතාවක් සහිත කණ්ඩායම ලෙසින් සැලකුණු ඉන්දියාව ද පරදවමින් කල් ඇතිවම අවසන් මහා තරග අවස්ථාව තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

“දශකයට ආසන්න කාලයක් පුරා අප ක්‍රිකට් ක්‍රීඩාවට ලබා දුන් සහයෝගය සහ අප තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් විශ්වාසය තැබීම පිළිබඳව ජාතික කණ්ඩායමේ අනුග්‍රාහකයා වන Dialog Axiata වෙත මගේ හදපිරි ස්තුතිය පිරිනමනවා,” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහකාර ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත මහතා පැවසිය.

“මෙවැනි වැඩසටහනක් මගින් මෙවන් මොහොතක රටට මෙන්ම අප ක්‍රීඩකයන්ට ද අත්‍යවශ්‍ය වන චිත්ත ධෛර්යය සැපයීමට මනා පිටුවහලක් වනවා. මෙවැනි වැඩසටහනක් ක්‍රියාවට නැංවීම පිළිබඳව Dialog වෙත මාගේ කෘතඥතාව පළ කරනාවා,” යැයි ඒ මහතා වැඩිදුරටත් පවසන ලදි.

ආසියානු කුසලාන අවසන් තරගය Dialog Television නාලිකා අංක 73 (SD), 130 (HD) ඔස්සේ සහ Dialog Viu mobile app සජීවීව විකාශය වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<