ග්‍රැහැම් ෆෝඩ් වසර 3කට ගිවිසුම් අත්සන් කරයි

411

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා මේ වසරේ දෙසැම්බර් මාසයේ සිට අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය ගිවිසුම්වලට අත්සන් තබා ඇත. එම ගිවිසුම වසර 3ක කාලයක් සඳහා බලපැවැත්වෙනු ඇත.

ලකුණු 15000 සීමාව පසු කරන්නට කෝලි වේගවත් වේ

ඉන්දීය කණ්ඩායමේ වත්මන් නායක ප්‍රවේගකාරී පිතිකරු විරාත් කෝලි ඊයේ (06) දිනයේ දී ඔහුගේ ක්‍රීඩා දිවියේ 50 වැනි විස්සයි විස්ස තරගයට කොළඹ…

අයර්ලන්ත ක්‍රිකට් ආයතනය විසින් මෙම තීරණය පිළිබඳව ඊයේ (9) දිනයේ දී නිල වශයෙන් මාධ්‍යයට දැනුම් දෙන ලදි. මෙතෙක් කාලයක් අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කළ නවසීලන්ත ජාතික ජොන් බ්‍රේස්වෙල් මහතාගේ නිල ධුර කාලය මේ වසරේ දෙසැම්බර් මාසයෙන් අවසන් වන නිසා අයර්ලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය මෙවන් තීරණයකට පැමිණ ඇත.

දකුණු අප්‍රිකානු ජාතික ග්‍රැහැම් ෆෝඩ් මහතා 1999 සිට 2002 වර්ෂය දක්වා දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහය ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කළ අතර, ඊට පෙර දකුණු අප්‍රිකානු A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද ක්‍රියා කළේය. පසුව 2012 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා ඒ මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කරන ලදි. පසුව නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2019 වර්ෂයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගෙන ඒ මහතාව නැවත එම ධූරයේ තැබුව ද, පසුගිය ජුනි මාසයේ දී ඒ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්විය.

“අයර්ලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයේ කොටසක් වීමට මටත් අවස්ථාවක් ලැබීම සම්බන්ධව මා අවංකවම සතුටට පත්වෙනවා. විනය ගරුක හා හොඳ ක්‍රීඩකයින් සමඟින් මෙන්ම යහපත් ආකල්පවලින් සපිරුණු ක්‍රීඩකයින් රැසක් ඔවුන් සතුව සිටිනවා. එය මා හට ඔවුන් සමඟින් හොඳින් වැඩකටයුතු කිරීමට විශාල රුකුලක් වේවි. මගේ දැනුම හා අත්දැකීම් අනුව මොවුන් තුල සැබෑම වෙනසක් ඇති කිරීමට හැකියි. ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටින නියම දක්ෂ ක්‍රීඩකයින්ගේ දක්ෂතාවය වර්ධනය කර ගැනීමට මා මාගේ උපරිම සහයෝගය ඔවුන්ට ලබා දීමට සූදානම්ව සිටිනවා.” යැයි ග්‍රැහැම් ෆෝඩ් මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේය.

“ග්‍රැහැම් ෆෝඩ් වැනි අත්දැකීම් බහුල පුහුණුකරුවෙක් මගින් අපේ තරුණ ක්‍රීඩකයින්ට විශාල දෙයක් ඉගෙන ගන්න තියෙනවා. එය ඔහු සාර්ථකව කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.” යැයි අයර්ලන්ත ක්‍රිකට් ආයතනයේ කාර්ය සාධන අධ්‍යක්ෂක රිචඩ් හොල්ඩ්ස්වෝර්ත් මහතා පැවසීය.

තවද ඒ මහතා  වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.

“ඉදිරි වසර 3 තුල මේ මහතා අපේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කරන අතර, ඒ කාලය තුල අප කෙසේ හෝ 2019 වර්ෂයේ දී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගත යුතුයි.  ඒ සඳහා ලබන වසරේ දී පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ෆෝඩ් මහතාගේ අත්දැකීම් හා දස්කම් අනුව අපේ ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.”

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට