හුදෙකලා කළ පාකිස්තාන පිතිකරුවාගේ වෛද්‍ය වාර්තාව පැමිණේ

237

පාකිස්තාන පිතිකරණ බලඇණිය සවිබල ගන්වන ප්‍රබල ක්‍රීඩකයෙකු වන මොහොමඩ් හෆීස් හට එංගලන්ත තරග සංචාරයෙහි නිරත වන පාකිස්තාන සංචිතයෙන් හුදකලාව කාලය ගත කිරීමට සිදුව ඇති බව වාර්තා වේ. 

එංගලන්තයට සීමා වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග නවසීලන්තයටත්!

ජෛව-ආරක්ෂණ නීති රීති උල්ලංඝනය කරමින් පොදු ජනතාව අතරට ගොස් ඔවුන් සමඟ සමීපව හැසිරීම හෆීස්ට එරෙහිව මෙවැනි දැඩි පියවරක් අනුගමනයට කිරීමට හේතු සාධක වූ බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය. ඔහුගේ නොසැලකිලිමත්කම නිසාවෙන් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ගේ ද සෞඛ්‍ය තත්වයට ද අහිතකර බලපෑමක් එල්ල විය හැකි බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබුණි.

පිටස්තර පුද්ගලයෙකු සමඟ ගන්නා ලද සේයාරුවක් Twitter සමාජ මාධ්‍ය ජාලය හරහා සංසරණය වීමත් සමඟම පාකිස්තාන කණ්ඩායම් කළමනාකාරිත්වය හෆීස් සම්බන්ධයෙන් මෙවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට පෙලඹ තිබුණ අතර කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින්ගේ සහ කාර්‍ය මණ්ඩලයන්ගේ ආරක්ෂාව පිළිබඳ මෙහි දී වඩාත් අවධානය යොමුව තිබුණි. 

ඒ අනුව පෙරේදා(12)   PCR පරික්ෂණය සඳහා යොමු කෙරෙනු හෆීස්ගේ වත්මන් සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඊයේ (13) දිනයේ දී මාධ්‍ය වෙත ලැබීමට සලස්වන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියේය. 

සර්වාන් CPL තරගාවලියෙන් ඉවතට

“පෙරේදා උදෑසන හෆීස් ක්‍රීඩකයින් නවාතැන් ගන්නා හෝටලය අසල පිහිටි ගොල්ෆ් පිටියට ගොස් තිබෙනවා. ඒ අවස්ථාවේ දී ඔහු පිටස්තර පුද්ගලයෙකු සමඟ ඡායාරූපයකට පෙනී සිට ඇති බවට මේ වන කොට අපිට ප්‍රමාණවත් සාක්ෂි ලැබිලා තිබෙනවා. එහි පැහැදිලිවම පෙනෙන්න තියෙනවා ඔහු මීටර් දෙකේ පරතරය ගැන කිසිදු තැකීමක් නොකර කටයුතු කරලා තියෙන වග. කණ්ඩායමේ වෛද්‍ය කාර්‍යමණ්ඩලයේ උපදෙස් අනුව ඔහුට COVID-19 වයිරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කරගැනීමට PCR පරීක්ෂණය සඳහා යොමු කරන්න කටයුතු කර තිබෙනවා.”

කේසේ නමුත් ඊයේ (13) රාත්‍රියේ ලැබී ඇති වෛද්‍ය වාර්තාවන්ට අනුව ඔහුට වයිරසය වැළඳී නොමැති බව තහවුරු වී තිබෙන නමුත් තවත් දින තුනක කාලයක් ස්වයං නිරෝධායනයෙහි සිටිමින් නැවත වරක් පරීක්ෂණය සඳහා මුහුණ දීමට ඔහුට සිදු වනු ඇත. එංගලන්ත තරග සංචාරයට පෙර ද ඔහු අවස්ථා දෙකක දී PCR පරීක්ෂණයන් සඳහා යොමු කිරීමට ක්‍රියා කළේ ඔහුට වයිරසය ආසාදනය වී ඇති බව පළමු වරට තහවුරු වූ නිසාවෙනි. පසුව නැවත වරක් ඔහු ලබා දුන් සාම්පල පරීක්ෂාවේ දී පෙනී ගියේ වෛද්‍ය වාර්තාවන්ගේ ප්‍රතිඵල යහපත් අතට හැරී ඇති බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<