රොෂේන් ගෙන් නොදැවුනු ශතකයක්

467
Sri lanka A v Durham CC cricket 1st ODI day 1

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ එංගලන්ත තරඟ සංචාරය ආරම්භ කරමින් එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් වන ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින තරඟය ඊයේ (26) එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්රීට් හිදී ආරම්භ විය. තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 273 ක් ලබා සිටින ලදි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා A කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. ශ්‍රී ලංකා A කණ්ඩායමේ   ආරම්භක පිතිකරු උදාර ජයසුන්දර 1 ක් ලකුණෙන් දැවී යන ලදි. මාධව වර්ණපුර 4 පහරවල් 3 ක් සමඟ ලකුණු 34 ක් ලබාගැනීමට සමත් විය. ඔහු ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 52 ක් වනවිට දෙවන කඩුල්ල ලෙස දැවීයන ලදි. මහේල උඩවත්ත තෙවන කඩුල්ල ලෙස ලකුණු 26 කට දැවීගිය අතර අනතුරුව 6 වන කඩුල්ල සඳහා පිටියේ එක්වූ සචිත් පතිරණ හා රොෂාන් සිල්වා 6 වන කඩුල්ල සඳහා ලකුණු 80 සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. පතිරණ 4 පහරවල් 7 ක් හා එක් 6 පහරක් සමඟ වේගවත් ලකුණු 51 ක් ලබාගන්නා ලදි. දිනය නිමාවන විට නොදැවී ක්‍රීඩා කරන රොෂේන් සිල්වා 4 පහරවල් 6 ක් සමඟ ලකුණු 103* ක් හා රොෂාන් ජයසූරිය 4 පහරවල් 3 ක් සමඟ ලකුණු 30 ක් ලබාගෙන 7 වන කඩුල්ල සඳහා නොබිදුනු ලකුණු 74 සබඳතාවයක් ගොඩනංවමින් කඩුල්ලේ දැනට රැදී සිටියි.

ශ්‍රී ලංකා A කණ්ඩායම (පළමු දිනය නිමාවන විට ) – 273-6 (84) රොෂේන් සිල්වා 103*, සචිත් පතිරණ 51, මාධව වර්ණපුර 34, රොෂාන් ජයසූරිය 30*, සිං සන්දු 3/50

අද (27) මෙම තරගයේ දෙවන දිනයයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න