පෙලිකන්ස් නායකයා කණ්ඩායම මාරු කරයි

821

පසුගිය වර්ෂයේ පෙලිකන්ස් ක්‍රීඩා සමාජයේ නායකත්වය දැරූ චරිත රත්නායක මේ වසරේ පැවැත්වෙන ඩයලොග් අන්තර් සමාජ ලීග් පාපන්දු තරගාවලියේ දී වත්මන් ශූරයින් වන කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම යටතේ තරග වැදීමට තීරණය කර ඇත.

ක්ලබ් ඊගල්ස් පාපන්දු පිලේ නායකත්වය සුජාන්ට

මාලදිවයිනේ පැවැත්වෙන 2018 ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලි සඳහා තරග වදිනු ලබන ක්ලබ්..

නොකඩවා තුන් වතාවක් මෙම පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගත් කොළඹ පාපන්දු සමාජයෙන්, ThePapare.com මේ පිළිබඳව විමසීමක් කළ අතර එහි දී ඔවුන් එය තහවුරු කරන ලදි.

රත්නායක පසුගිය වසරේ දී කොළඹ පාපන්දු සමාජය හා එකතු වීමට සිටියත්, ඒ වන විටත් ඔහු පෙලිකන්ස් ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුම් ගත වී සිටි නිසා එය සිදු නොවීය. පෙලිකන්ස් ක්‍රීඩා සමාජය 2016 වර්ෂයේ දී පළමු පෙළ පාපන්දු කණ්ඩායම් අතරට එකතු විය. රත්නායක ඊට වසර දෙකකට පෙර ක්‍රිස්ටල් පැල්ස් පාපන්දු සමාජය ද නියෝජනය කරන ලදි.

රත්නායක පෙලිකන්ස් ක්‍රීඩා සමාජයේ නායකත්වය දරන ලද්දේ පළමු වතාවට වන අතර ජයග්‍රහණ 8ක් හා ලකුණු සමවූ තරග 5ක් සටහන් කරමින් තරගාවලිය අවසන් කළ ඔවුන් 5 වන ස්ථානය දිනා ගත්තේ ප්‍රසාද ලකුණු 29ක් දිනා ගනිමිනි.

රෙඩ් ස්ටාර්ස්; ප්‍රතික්‍ෂේප වීමේ සිට ශූරතාවය දක්වා

රෙඩ් ස්ටාර්ස් පාපන්දු සමාජය වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දී රත්නම් ක්‍රීඩා සමාජය පරාජයට…

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදී සිසුවෙකු වන රත්නායක 2005 වර්ෂයේ දී වයස අවුරුදු 13න් පහළ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන ලදි. අනතුරුව 2014 වර්ෂයේ දී ඔහු පළමු වරට ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත්තේය. කොළඹ පාපන්දු සමාජයේ ප්‍රධාන පුහුණුකරු වන මොහොමඩ් රූමි මහතා ඔහු පිළිබඳව දහසකුත් බලාපොරොත්තු තබා ඇත.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<