Gateway සහය දිවීමේ සැණකෙළිය කොළඹ දී

183
Gateway to host Invitational Schools Relay Carnival

Gateway විද්‍යාලයේ 25වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ආරාධිත පාසල් සහය දිවීමේ සැණකෙළිය හෙට (01) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

දිවයිනේ පාසල් 18ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500කට ආසන්න සංඛ්‍යාවක් මෙම තරගාවලියට සහභාගී වීමට නියමිතව ඇති අතර තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට ද අවසර හිමි වීම විශේෂත්වයක්.

ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් දායාද කළ Gateway විද්‍යාලය මෙරට පාසල් මලල ක්‍රීඩා පිටියේ ඉහළින්ම සිටින පාසලක් ලෙස හැඳින්විය හැකි අතර ඔවුන් මෙම වසරේ දී ISAC තරගාවලිය සංවිධානය කිරීමට සැලසුම් කළත් පසුව පවතින තත්වය සැලකිල්ලට ගනිමින් මෙම තරගාවලිය පැවැත්වීමට තීරණය කළා.

තරගාවලියේ ආරම්භක උළෙල හෙට (01) උදෑසන 9.30ට Gateway විද්‍යාලයේ සභාපති Harsha Alles මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති අතර සමාප්ති උළෙල Emma Whale මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම තරගාවලිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නීති සියල්ලට යටත්ව පැවැත්වීමට සංවිධායකයින් කටයුතු කර ඇති අතර පාසල් පිටියේ තරගාවලි අඩු කාලසීමාවක මෙම තරගාවලිය ක්‍රීඩක ක්‍රීඩිකවන්ට සිය දස්කම් වර්ධනය කර ගැනීමට හොඳ අවස්ථාවක්.

තරගාවලිය සඳහා සහභාගී වන පාසල්

  1. Asian International School
  2. Bishops College
  3. Colombo International School Colombo
  4. Gateway College Colombo
  5. Gateway College Dehiwala
  6. Gateway College Kandy
  7. Gateway College Negombo
  8. Holy Family Convent Bambalapitiya
  9. Horizon College International
  10. Lyceum International School Nugegoda
  11. Lyceum International School Wattala
  12. Our Lady of Victories Convent
  13. Overseas International School
  14. Royal Institute
  15. S. Thomas’ College Mt. Lavinia
  16. St. Benedict’s College Kotahena
  17. St. Peters College Bambalapitiya
  18. St. Sebastian’s College Moratuwa

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<