කෝලිගේ ලකුණු කැපේ

70

ඉන්දීය නායක විරාත් කෝලි හට නිල අවවාද කිරීමක් හා එක් අයහපත් ලකුණක් (Demerit point) ලබා දීමට ICCය තීරණය කර තිබෙනවා. ඒ ඉරිදා දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයේ දී සිතාමතා දකුණු අප්‍රිකානු ක්‍රීඩක හෙන්ඩ්‍රික්ස්ගේ උරහිසේ හැප්පීමෙන් ICC චර්යා ධර්ම සංග්‍රහයේ පළමු මට්ටමේ වරදක් සිදු කර ඇති බව පවසමින්.

ඩි කොක් වාර්තා පොත් අලුත් කරයි

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ …..

කෝලි ICC චර්යා ධර්ම සංග්‍රහයේ 2.12 වන වගන්තිය කඩ කර ඇති අතර එම වගන්තියේ “ජාත්‍යන්තර තරගයක් අතරතුර ක්‍රීඩකයෙකුගේ,  පුහුණු කාර්ය මණ්ඩලයේ, විනිසුරුවන්ගේ, තරග තීරකගේ හෝ ප්‍රේක්ෂකයෙකුගේ ඇඟේ සිතා මතා ගැටීම” යන වරද ඇතුළත්. 

මීට අමතරව කෝලිගේ විනය වාර්තාවට අයහපත් ලකුණක් ද එකතු කරන්නට ICCය තීරණය කර තිබෙනවා. 2016 වසරේ අයහපත් ලකුණු ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව කෝලිට හිමි වුණු තෙවැනි අයහපත් ලකුණ මෙය වීම විශේෂත්වයක්.

2018 වසරේ ජනවාරි 15 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව හා 2019 ICC ක්‍රිකට් ලෝක කුසලානයේ ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගයේ දී කෝලි කළ විනය විරෝධී ක්‍රියාවන් නිසා ඔහුට අයහපත් ලකුණු ලබා දී තිබුණා.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ A සටනේ පළමු දිනයට වැස්ස හරස් වෙයි

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් …..

ඉන්දීය – දකුණු අප්‍රිකා විස්සයි විස්ස තරගයේ ඉන්දීය ඉනිමේ පස්වැනි පන්දුවාරයේ දී කෝලි හා Beuran Hendricks අතර මෙම සිදුවීම ඇති වුනා. කෝලි ලකුණක් සඳහා පැති මාරු කර ගන්නා විට පන්දු යවන ක්‍රීඩක Hendricks ගේ සිතාමතා ගැටීම ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා.   

කෝලි වරද පිළිගෙන තරග තීරක රිචී රිචඩ්සන් ලබා දුන් දඬුවම් පිළිගත් අතර එම නිසා මෙම සිදුවීමට නිල නඩු විභාගයක් නොපැවැත්වෙනු ඇත.  ICC චර්යා ධර්ම පද්ධතියේ පළමු මට්ටමේ උල්ලංඝනය කිරීමක් සඳහා නිල අවවාද කිරීමක්. තරග ගාස්තුවෙන් 50%ක දඩයක් හා අයහපත් ලකුණු එකක් හෝ දෙකක් එම ක්‍රීඩකයාට දඬුවම් වශයෙන් ලැබිය යුතු යැයි සඳහන්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<