රටවල් 4කින් දැල්පන්දු කණ්ඩායම් මැයි මාසයේ ශ්‍රී ලංකාවට!

266

මෙම වසරේ මැයි මාසයේ දී රටවල් හතරක කණ්ඩායම් සහභාගී වන දැල්පන්දු තරගාවලියක් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා දැල්පන්දු සභාපතිනිය වන වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය ප්‍රකාශ කළා.

මෙම තරගාවලිය සඳහා මාලදිවයින් ජාතික කණ්ඩායම, කෙන්යානු කණ්ඩායම, සිංගප්පූරු සංචිත කණ්ඩායමක් සහ මැලේසියානු ක්‍රීඩා සමාජ කණ්ඩායමක් සහභාගී වීම තහවුරු කළ බව ඇය ප්‍රකාශ කළා.

සුහද තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය මැයි දෙවැනි සතියේ දී ආරම්භ කරන බව ද ඇය ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම ලෝක කුසලානය සහ කනිෂ්ඨ ආසියානු කුසලානය සඳහා කණ්ඩායම් දෙකේ සූදානම පිළිබඳ අදහස් දක්වමින් වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය ප්‍රකාශ කළේ,

“ජාතික කණ්ඩායම දකුණු අප්‍රිකාවේ යන්න කලින් බොට්ස්වානා වල පුහුණු තරගාවලියක් ක්‍රීඩා කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒක දකුණු අප්‍රිකාවට යන අතරමග තියෙන නිසා ලොකු වියදමක් දරන්න වෙන්නේ නැහැ.

ඒ වගේම කනිෂ්ඨ කණ්ඩායම පැත්තෙන් ගත්තොත් ජාතික කණ්ඩායම ඉන්නවා පුහුණු තරග පවත්වන්න වගේම අපි රටවල් හතරක කණ්ඩායම් සහභාගී කරගෙන සුහද තරගාවලියක් පවත්වනවා,” යැයි ප්‍රකාශ කළා.

දැල්පන්දු ක්‍රීඩාවේ තවත් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<