තීරණාත්මක සටන සඳහා වේල්ස් ප්‍රබලයාගේ සහභාගීත්වය තහවුරු වේ

82

යම් හෙයකින් වේල්ස් Fly Half ක්‍රීඩක Dan Bigger තම කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වූවා නම් නියත වශයෙන්ම අද (19)  දිනයේ දී ක්‍රියාත්මක වීමට නියමිත අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ඔහුට අහිමි වී යාමට වැඩි ඉඩකඩක් තිබුණු බව ප්‍රංශ රග්බි කණ්ඩායමේ පුහුණුකරු Jacques Brunal ඉකුත් දා (17) පැවති මාධ්‍ය සාකච්ඡාවක් සඳහා එක්වෙමින් සඳහන් කර සිටියේය.

Video – ශ්‍රී ලංකා A – බංග්ලාදේශ A එක්දින තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා – ශිරාන් ප්‍රනාන්දු

2019 ශ්‍රී ලංකා A – බංග්ලාදේශ A එක්දින තරගාවලිය සඳහා නිල නොවන එක්දින…

ප්‍රංශය සහ වේල්සය අතර පැවැත්වෙන සුපිරි අටදෙනාගේ වටයේ තීරණාත්මක තරගය සඳහා වන වේල්ස් සංචිතය නිකුත් කිරීම ඊයේ දිනයට යෙදී තිබුණු අතර එහි Dan Biggerගේ නම සඳහන් වීම පිළිබඳ මේ වන විට බොහෝ දෙනාගේ සිත් තුල පවතින්නේ දැඩි කුතුහලයකි.

මූලික වටයේ අවසන් තරග ද්විත්වය අතරතුර අවස්ථාවන් දෙකක දී හිසට සිදු වූ අනතුරු නිසාවෙන් Dan Bigger හට තාවකාලිකව පිටියෙන් ඉවතට ගමන් කිරීමට සිදු වූ අතර ඔහුට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු කිරීමෙන් අනතුරුව නැවත වතාවක් තරග බිමට පිවිසීමට නම් අවම වශයෙන් සතියකට නොඅඩු විවේක කාලයක් ලබා දිය යුතු බව ද බොහො දෙනාගේ අදහස විය.

පසුගිය තරග අට පුරාවටම හොඳම සහ උචිතම ක්‍රිඩකයින් පහළොස් දෙනෙකුගෙන් සැදුම්ලත් ප්‍රංශ කණ්ඩායම තෝරාගැනීමේ භාර ධූර කාර්‍යභරය තම උර මතට පැවරුණු සුවිශාල වගකීමක් වූ නිසාවෙන් සෑම විටක දී ම දුර දිග බලා තීරණ ගැනීම අත්‍යාවශ්‍ය කාරණාවක් බව විශේෂයෙන්ම  Brunal මහතා ප්‍රකාශ කර සිටියේය.

රග්බි කියන්නේ හැමවෙලාවෙම  අවදානමක් සමඟ සෙල්ලම් කරන ක්‍රීඩාවක්. ඉතින් මේ වගේ අනතුරුදායක සිදුවීමක් ඕනෑම මොහොතක දී අපේ කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට වුනත් වෙන්න පුළුවන් ඉහළ සම්භාවිතාවක් තියෙනවා. ඔලුව වගේ සංවේදි ස්ථානයකට දෙවතාවක්ම විශාල කම්පනයක් දරාගන්න සිද්ධ වෙනවා කියන්නේ සුළුවෙන් තකන්න පුළුවන් කාරණයක් නෙමේ. Dan ප්‍රංශ ක්‍රීඩකයෙක් වුනා නම් මෙරට රග්බි නීතියට අනුව අවම වශයෙන් සති තුනක කාලයක් තරග බිමෙන් ඉවත්ව සිටිය යුතුයි, වගේම බොහෝ දුරට ඔහුගේ ලෝක කුසලාන ගමන් මග එතෙකින් නිමා වෙන්න තිබ්බා.”

ස්කොට්ලන්තය ගෙදර යැවූ ජපානය සුපිරි අටදෙනාගේ වටයට

මූලික වටයේ තරග සියල්ල හමාර කරමින් 2019 රග්බි ලෝක කුසලාන තරගාවලි…

සිදු වූ අනතුරින් පසුව කිසිදු පසු කම්පන තත්වයක් හෝ සැලකිය යුතු රෝග ලක්ෂණයක් Dan තුලින් දිස් නොවු අතර ඔහුගේ වත්මන් තත්වය පරික්ෂා කර බැලීම සඳහා විශේෂඥ සහය ලබා ගැනීමටත් ඔවුන් කටයුතු කළ බවත් සඳහන් කරමින් වේල්ස් රග්බි සම්මේලනය පසුගිය දා තම නිල ට්විටර් ගිණුමට සටහනක් එක්කොට තිබුණි. ඒ අනුව නැවත වතාවක් තරගකාරී රග්බි පිටියට පිවිසීමට අවශ්‍ය සියලුම කරුණු කාරණා Dan විසින් සපුරා ඇති බවත් එහි වැඩිදුරටත් අවධාරණය කොට තිබේ.

30 හැවිරිදි Dan Bigger ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගය අතරතුර දී ප්‍රථමයෙන් අනතුරුදායක tackle කිරීමකට හසු වූ අතර එම අවස්ථාවේ දී ම සිදු කළ වෛද්‍ය පරීක්ෂා කිරීම්වලින් අනතුරුව තවදුරටත් ඔහු ක්‍රීඩා පිටියේ රැඳී නොසිටිය යුතු බව නිගමනය කෙරිණි. 

කෙසේ නමුත් දින 10කට පසුව පැවති ෆීජී තරගය සඳහා ක්‍රීඩා කිරීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමට ඔහු සමත් වූ නමුත් එහි දී ද ගුවනේ තිබුණ පන්දුව රැකගැනීමට යාමේ දී තම කණ්ඩායම් සඟයෙකු වන Liam Williams සමඟ ඇති වූ ඝට්ටනයකින් නැවත වතාවක් ඔහුගේ හිස ප්‍රදේශය අනතුරට ලක්විය.

Danට සිදු වූ ආබාධය පිළිබඳ නිසි අවබෝධයක් ඇති ප්‍රධානතම පුද්ගලයා වන වේල්ස් කණ්ඩායමේ පුහුණුකරු Warren Gatland මහතා පෙන්වා දුන්නේ නිසි වේලාවට ගත යුතු පියවර නිසි අයුරින් ක්‍රියාත්මක කළ නිසාවෙන් කිසිවෙකුත් කලබල විය යුතු නොමැති බවය.

අයර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු දල්වයි

අමතර ප්‍රසාද ලකුණත් පහසුවෙන් දිනා ගත් අයර්ලන්ත රග්බි කණ්ඩායම අද (12) සැමෝවා කණ්ඩායම ලකුණු 47-05…

මම කලින් සඳහන් කළා වගේ ඔහුගේ තත්වය බැරෑරුම් නැහැ. අපි හැකිතාක් උපරිමයෙන් අවශ්‍ය පාර්ශවයන්ගේ සහය ලබා ගත්තා ඔහුගේ වර්තමාන තත්වය පිරික්සලා බලන්න. ප්‍රංශ තරගයට දින තුන හතරකට කලින් ඉඳලම ඔහු ඉතාමත් හොඳ ශාරීරික යෝග්‍යතාවකින් පසුවෙනවා කියලා සනාථ කරලා තියෙනවා. ඔහු ඉතාමත් ආසාවෙන් ඉන්නේ මේ සුවිශේෂී තරගය ක්‍රීඩා කරන්න.”

මෙවැනිම තරමක් ආන්දෝලනාත්මක අනතුරුදායක සිදුවීමක් 2015 ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී වේල්ස් ක්‍රීඩක George North හට ද අත්විඳීමට සිදු වූ අතර එම අත්දැකීම් ද උපයෝගී කරගනිමින් වඩාත් සුදුසුම ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු වන Gatland මහතා ප්‍රකාශ කර සිටියේය.

ඉදිරි තරගයේ දී හරි නැත්නම් ඉදිරි මාසයක කාලයක පුරාවට පැවැත්වෙන ඕනෑම තරගයක දී ඔහුට කිසියම් හෝ ආබාධයක් සිදු වුනොත් අපි අනුගමනය කරන්නේ මීට වඩා වෙනස් පිළිවෙතක්. අපි හැමතිස්සෙම ඔහු ගැන විශේෂ අවධානයක් ලබා දීලා කටයුතු කරනවා. මේ තරගය ක්‍රීඩා කරන්න පුළුවන් ඉතාමත් හොඳ ආත්ම විශ්වාසයකින් ඔහු පසුවෙන නිසා තමයි අපි ඔහුට අවස්ථාව සලසලා දුන්නේ.”

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<