මහනුවර, හැව්ලොක් සහ යුද හමුදාව තියුණු ජයග්‍රහණ අතරට

Nippon අන්තර් සමාජ රග්බි ලීගය 2022/23

663
Nippon Paint Rugby League 2022

Nippon Paint අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවැනි සතිය සෙනසුරාදා දිනයේ දී පැවැත්වුනා. මෙවර සතිඅන්තය පෙරළිකාර ප්‍රතිඵල කිහිපයක් සමඟින් අවසන් වුනා.

නත්තල් නිවාඩුවට පෙර සතියේ මහනුවර ක්‍රීඩා සමාජය, හැව්ලොක් ක්‍රීඩා සමාජය, යුද හමුදාව සහ CH & FC කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා.

මහනුවර ක්‍රීඩා සමාජය සහ CR & FC අතර තරගය

සෙනසුරාදා ලෝන්ග්ඩන් පිටියේ පැවති මහනුවර සහ CR & FC තරගයේ දී හිටපු CR & FC ක්‍රීඩක තරින්ද රත්වත්තේ අවසන් මිනිත්තු කීපය තුළ වාර්තා කළ දඬුවම් පහර මහනුවර ක්‍රීඩා සමාජයට ලකුණු 13-11ක තියුණු ජයග්‍රහණයක් ලබා දුන්නා.

බොහෝ දෙනා අනුමාන කළ පරිදි මෙම තරගය ප්‍රබල සටනක් වූ අතර එය නිසැකවම එය ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තු වූ පරිදිම තියුණු සටනක් වුනා. පළමු අර්ධයේ දී එය කණ්ඩායම් දෙකම ලකුණු 3 බැගින් ලබාගෙන සම තත්වයේ පසුවුනා.

දෙවැනි අර්ධය දෙපිල අතර උණුසුම් මුහුණුවරක් ගත්තා. මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරගයේ පළමු සහ එකම උත්සාහක දිනුම වාර්තා කිරීමට තරින්ද රත්වත්තේ සමත් වුනා.

70 වැනි මිනිත්තුවේ දී CR & FC වෙනුවෙන් වගීෂ වීරසිංහ උත්සාහක දිනුමක් වාර්තා කරමින් සත්කාරක කණ්ඩායමට නැවතත් පෙරමුණ ලබා දුන්නා. 72 වැනි මිනිත්තුවේ දී CR & FC කණ්ඩායමේ ලසිඳු කරුණාතිලක විසින් මහනුවර කණ්ඩායමට දඬුවම් පහරක් ලබා දුන් අතර එය සාර්ථක කර ගත් තරින්ද මහනුවර කණ්ඩායමට ජයග්‍රහණය ගෙන ඒමට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය මහනුවර 13-11 CR & FC

හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

හැව්ලොක් ක්‍රීඩා සමාජය පසුගිය සතියේ දී සිදු වූ අඩුපාඩු මඟහරවා ගනිමින් රත්මලානේ දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 36-35ක් ලෙස පරාජය කිරීමට සමත් වුනා.

හැව්ලොක්ස් ක්‍රීඩකයන් තරගය ජයග්‍රහණය කළා පමණක් නොව ෂෙනාල් ඩයස්, මිතුන් හපුගොඩ, දිනුක් සෙනෙවිරත්න, රන්දිත වර්ණපුර සහ අස්මීර් ෆාජුඩීන් විසින් වාර්තා කළ උත්සාහක දිනුම් 5 සමඟින් ප්‍රසාද ලකුණක් ද තහවුරු කර ගත්තා.

දඬුවම් උත්සාහක දිනුමක් සහ තවත් උත්සාහක දිනුම් 4ක් වාර්තා කරමින් ගුවන් හමුදා කණ්ඩායම ද ප්‍රසාද ලකුණක් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

අවසන් ලකුණු තත්වය: හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය 36-35 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

CH & FC ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය

සිකුරාදා තුරඟ තරග පිටියේ දී පැවති තරගයේ දී නාවික හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 34-20ක් ලෙස ජයග්‍රහණය කරමින් CH & FC කණ්ඩායම දස්කම් දැක්වීමට සමත් වුනා.

CH & FC වෙනුවෙන් සැමුවෙල් ඔග්බෙබෝර්, ප්‍රසාද් මධුශංක, සූරිය දොඩංගොඩ සහ රවිදු හෙට්ටිආරච්චි විසින් උත්සාහක දිනුම් 5ක් වාර්තා කළ අතර ඔවුන්ට ද ප්‍රසාද ලකුණක් හිමි වුනා.

අවසන් ලකුණු තත්වය: CH & FC ක්‍රීඩා සමාජය 34-20 නාවික හමුදා ක්‍රීඩා සමාජය

යුද හමුදා ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය

සිකුරාදා ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී පොලිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 25-23ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් වුනා.

ඔවුන් මහනුවර කණ්ඩායමට එරෙහිව පළමු සතියේ දී ලැබූ පරාජය තරමකින් ලිහිල් කරගැනීමට සමත් වුනා. යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් සුදාරක දික්කුඹුර අවසන් මිනිත්තු කීපයේ දී උත්සාහක දිනුමක් වාර්තා කරමින් පොලිසියේ ජයග්‍රහණය සොරා ගැනීමට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: යුද හමුදා ක්‍රීඩා සමාජය 25-23 පොලිස් ක්‍රීඩා සමාජය

අන්තර් සමාජ ලීග් තරගාවලියේ ලබන සති අන්තයේ නත්තල සඳහා විවේකයක් ගැනීමට නියමිත අතර අලුත් අවුරුදු උදාවට පෙර තරගාවලිය නැවත ආරම්භ වනවා.

දෙසැම්බර් 29 – නාවික හමුදා කණ්ඩායම සහ හැව්ලොක් කණ්ඩායම අතර තරගය වැලිසර දී

හැව්ලොක්ස් කණ්ඩායම 2022 වසර ජයග්‍රහණයකින් නිමා කිරීමට ප්‍රබල උත්සාහයක නිරත වනු නොඅනුමානයි. නව වසරට පෙර නාවිකයින්ට එරෙහිව ඔවුන්ගේ ජයග්‍රාහී වාර්තාව නොවෙනස්ව තබා ගැනීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වනු ඇති.

CH & FC හමුවේ විශාල පරාජයක් අත්විඳ ඇති නාවිකයින් ද ඔවුන්ගේ ක්‍රීඩාංගණයේ සහයෝගයෙන් හැව්ලොක්ස් කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එක් කිරීමට සූදානම් වනවා.

දෙසැම්බර් 30 – යුද හමුදා ක්‍රීඩා සමාජය සහ CH & FC ක්‍රීඩා සමාජය අතර තරගය කොළඹ තුරඟ තරග පිටියේ දී

පසුගිය සති අන්තයේ CH & FC ලබා ගත් පන්නරය මෙම තරගය සඳහා ද එක් කරගැනීමට ඔවුන් බලාපොරොත්තු වනවා. මෙවර තරගාවලියේ ආරම්භක තරග වල ස්වරූපයෙන් CH & FC බලවත් කණ්ඩායමක් ලෙස සැලකෙනවා. නව වසරට පා තබන ඔවුන්ගේ ජයග්‍රාහී ස්වරූපය නොවෙනස්ව තබා ගැනීමට ඔවුන් අධිෂ්ඨාන කර ගෙන සිටිනවා.

දෙසැම්බර් 30 – CR & FC ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය ලෝන්ග්ඩන් පෙදෙසේ දී

මහනුවර කණ්ඩායමට එරෙහිව තියුණු පරාජයක් අත්විඳි උද්යෝගිමත් තරුණ CR & FC කණ්ඩායම මෙම තරගයේ දී නැවතත් තරගාවලියට අවතීර්ණ වීමට බලාපොරොත්තු වනවා.

ඔවුන් තරගාවලියේ වත්මන් ශූරයන්ට එරෙහිව ඔවුන්ගේ දක්‍ෂතාවයෙන් පිළිබඳව සතුටු විය යුතු අතර එය තරගාවලිය පුරාම ගෙන යා යුතු වනවා. ඔවුන්ගේ පෙර තරග දෙකම පරාජය වූ පොලිස් කණ්ඩායමට CR & FC පරාජය කිරීම දුෂ්කර වනු ඇති.

දෙසැම්බර් 31 – මහනුවර ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය නිත්තවෙල දී

වත්මන් ශූරයන් නව වසර උදාවට පෙර නිත්තවෙල දී ගුවන් හමුදා කණ්ඩායම හමුවීමට නියමිත වනවා. මහනුවර කණ්ඩායම තරගය ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනා පුරෝකථනය කරනු ඇති නමුත් ගුවන් හමුදාව ද නොසලකා හැරිය හැකි කණ්ඩායමක් වන්නේ නැහැ.

ඔවුන් මෙම වාරයේ ප්‍රබල කණ්ඩායමක් වන අතර දැනටමත් CH & FC පරාජය කරමින් සහ පසුගිය සති අන්තයේ දී හැව්ලොක්ස් කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් වීමට සමත් වුනා. ගුවන් හමුදාව ඔවුන්ගේ උපරිමය ලබා දීමටත් අලුත් අවුරුදු උදාව ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට ඔවුන් අධිෂ්ඨාන කර ගනු ඇති.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<