අයර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු දල්වයි

67

අමතර ප්‍රසාද ලකුණත් පහසුවෙන් දිනා ගත් අයර්ලන්ත රග්බි කණ්ඩායම අද (12) සැමෝවා කණ්ඩායම ලකුණු 47-05ක් ලෙස පරාජය කර ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ අසුනක් දිනා ගැනීමට සමත් වුනා. 

ඔවුන් ඒ දස්කම දැක්වූයේ රතු කාඩ්පතක් නිසා එක් ක්‍රීඩකයෙකු අහිමි වූ පසුබිමක වීම විශේෂත්වයක්. 

ජෝර්ජියාවට ඕස්ට්‍රේලියාවෙන් හානි!

2019 රග්බි ලෝක කුසලානයේ D කාණ්ඩයේ තවත් තරගයක් අද (11) ජපානයේ ශිසෞකා නුවර…

ජපානය හා රුසියාවට එරෙහිව එතරම් හොඳ දක්ෂතා නොදැක්වූ ඔවුන්ට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට නම් සුපිරි ජයක් අවශ්‍ය වුනා. එම ජය මේ තරගයේ දී ලැබෙන බව මනාව ප්‍රේක්ෂකයින්ට පසක් කරමින් පළමු මිනිත්තු තුන ඇතුළත අයර්ලන්ත ක්‍රීඩකයින් ක්‍රියාත්මක වුනා.

නායක Rory Best සාර්ථක Lineout අවස්ථාවකින් පසුව Iain Hendersonගෙන් පන්දුව ලබා ගත් අතර Rolling Maul අවස්ථාවකින් සැමෝවා ආරක්ෂක වළල්ල බිඳ දැමූ ඔවුන් ධවල රේඛාව පහසුවෙන් තරණය කරන්නට සමත් වුනා. නායකයාගේ එම උත්සාහක දිනුමට Johnny Sexton අමතර ලකුණු ද එකතු කළේ කණ්ඩායමේ විශ්වාසය ඉහළ දමමින්.    

හයවැනි මිනිත්තුවේ දී සැමෝවා ක්‍රීඩක Seilala Lamට කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරු තීරණය කළා. ඒ Jacob Stockdale හට සිය උරහිස යොදා ගෙන බාධා කිරීමක් සිදු කළ නිසයි. එම වාසිය මැනවින් උපයෝගී කර ගත් ප්‍රොප් ක්‍රීඩක Tadhg Furlong සැමෝවා ආරක්ෂක ක්‍රීඩකයින් සිව්දෙනෙකු බිම හෙළමින් දෙවන අයර්ලන්ත උත්සාහක දිනුම වාර්තා කළා.    

තරගය අලංකාර ලෙස පාලනය කරමින් සිටි ෆ්ලයි හාෆ් ක්‍රීඩක Sexton නැවත වරක් මීටර 22 සීමාවේ සිට අමතර ලකුණු එකතු කළ අතර 20 වැනි මිනිත්තුවේ දී ඔහු තමන්ගේ නමට උත්සාහක දිනුමක් ද ලියා ගත්තේ තරගයේ වීරයා වුණු Jordan Larmourගේ සුපිරි පන්දු යොමු කිරීමක් ග්‍රහණය කර ගනිමින්. 

කහ කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත සිටි Paulo නැවතත් පැමිණීමෙන් අනතුරුව සැමෝවා සිය පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර Line out අවස්ථාවකට පසුව පන්දුව ලබා ගත් නායක Jack Lam එම උත්සාහක දිනුම වාර්තා කළා.  

ඊට මිනිත්තු තුනකට පසුව විනිසුරු සිය සාක්කුවෙන් රතු කාඩ්පතක් ලබා ගත්තේ දීර්ඝ TMO විමසුමකට පසුවයි. ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුට අනාරක්ෂිත බාධා කිරීමක් සිදු කිරීම නිසා Bundee Aki පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු තීරණය කළා.

පළමු අර්ධය නිමා වීමට මිනිත්තු දෙකකට පෙර Sexton නැවත වරක් ක්‍රියාත්මක වූ අතර සැමෝවා ආරක්ෂක වළල්ලේ දුර්වල ස්ථානයක් ක්ෂණිකව විනිවිද ගිය ඔහු එම උත්සාහක දිනුම වාර්තා කළා. එම උත්සාහක දිනුමත් සමඟ අයර්ලන්තය අමතර ප්‍රසාද ලකුණත් දිනා ගැනීම විශේෂත්වයක්.

පළමු අර්ධය: අයර්ලන්තය 26 – 05 සැමෝවා 

දෙවන අර්ධයත් අයර්ලන්ත ක්‍රීඩකයින් තමන්ගේ ග්‍රහණයට ගත්තේ තමන්ට සිටින්නේ ක්‍රීඩකයින් 14ක් පමණක් බව ගණනකට නොගනිමින්. Conor Murrayගේ සුපිරි පන්දු යොමු කිරීමක් Larmour විසින් ලකුණු බවට පරිවර්තනය කළ අතර Sexton අමතර ලකුණු එකතු කර පිටියෙන් ඉවතට ගියේ සාර්ථක තරගයකට පසුවයි.    

ඉතාලි නායකයා ලුණු ඇඹුල් ඇතිව මාධ්‍ය අමතයි

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියෙහි එළඹෙන සතිඅන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබූ…

Peter O’Mahony සයවැනි උත්සාහක දිනුම සඳහා ධවල රේඛාව ඉක්මවා ගියත් TMO තීරණය කළේ පන්දුව බිම ස්පර්ශ නොවූ බවයි. කෙසේ වෙතත් මිනිත්තු කිහිපයකට පසුව Stander ලකුණු රැස් කරන්නට සමත් වුනේ සය වන වරටත් අයර්ලන්ත ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින්. 

එහි ප්‍රවර්තනය Joey Carbery විසින් සාර්ථක කර ගත් අතර Carberyගේ පන්දුවට පා පහර දීමක් හඹා ගිය Andrew Conway අලංකාර ලෙස අවසන් උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වුනා.   

අවසන් ලකුණු තත්වය: අයර්ලන්තය 47 – 05 සැමෝවා

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • අයර්ලන්තය – Rory Best (1T), Tadhg Furlong (1T), Johnny Sexton (2T, 4C), Jordan Larmour (1T), CJ Stander (1T), Andrew Conway (1T), Joey Carbery (2C)
  • සැමෝවා – Jack Lam (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<