මම ආඩම්බරයි කණ්ඩායම ක්‍රීඩා කර විදිය ගැන – විරාත් කෝලි

3224

ඉන්දියානු කණ්ඩායම ලොව පුරා දහස් ගණනක් ඉන්දීය ක්‍රිකට්ලෝලීන්ගේ බලාපොරොත්තු බිඳිමින් ඊයේ (10) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට විසි වූ අතර ඉන්දීය නායක විරාත් කෝලි පවසා සිටියේ “මිනිත්තු 45ක නරක ක්‍රීඩා විලාශය” නිසා ඔවුන්ට මෙම ඉරණම අත් වූ බවයි.

ඉන්දියාව පරාජය කරමින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ අවසන් මහා සටනට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලබා…..

ඉන්දියාව ඕල්ඩ් ට්‍රැෆෝර්ඩ් පිටියේ පැවැත්වුණු ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී නවසීලන්තය හමුවේ ලකුණු 18කින් පරාජය වුනා.

අවසන් මහා තරගයේ  අසුනක් සඳහා ලකුණු 240ක ඉලක්කයක් හඹා ගිය දෙවතාවක් ලෝක ශූරයින් වන ඉන්දියාවට මරු පහරක් වැදුණේ ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන්ට එකා පසුපස එකා ක්‍රීඩාගාරයට ගමන් කිරීමත් සමඟයි.

මැට් හෙන්රි හා ට්‍රෙන්ට් බෝල්ට්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ ඉන්දියාවේ ලකුණු පුවරුව 5-3ක්, 24-4ක්, 92-6ක් ලෙස සටහන් වූ අතර පසුව රවින්ද්‍ර ජඩේජා කණ්ඩායම වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කරන ලදි.

ලොව අංක එකේ පිතිකරු වන විරාත් කෝලි, තරගාවලියේ සුපිරි තරුව වූ රෝහිත් ශර්මා සහ කේ. එල් රාහුල් සමඟම එක් ලකුණ බැගින් රැස්කරගෙන දැවී ගියේ නවසිලන්ත පන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම නිසයි.

“එය හරිම අමාරුයි. මිනිත්තු 45ක් හරිවිදිහට ක්‍රීඩා නොකිරීම නිසා අපි තරගාවලියෙන් ඉවතට විසි වුනා. නවසීලන්තයට එම ජයග්‍රහණය අයිති විය යුතුයි. ඔවුන් අපිට නිතරම පීඩනය යෙදුවා හා වැදගත් අවස්ථාවල දී ඔවුන් ක්‍රියාත්මක වුනා.” කෝලි Sky Sports වෙත පවසා තිබුණා. 

වර්ෂාවෙන් බාධා වෙද්දී නවසීලන්තයෙන් දුප්පත් ඉනිමක්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය…..

“අපේ පහරවල් තෝරා ගැනීම මීට වඩා හොඳ වෙන්න තිබුණා. ඒ හැරෙන්නට මම හිතනවා අපි හොඳ තරගයක් ලබා දුන්නා. මම ආඩම්බරයි කණ්ඩායම ක්‍රීඩා කරපු ආකාරය පිළිබඳව.”

“පිළිමළුන් පිටුදැකීමේ වටයේ දී තරගය ඕනෑම පැත්තකට යන්නට ඉඩ තිබෙනවා. නවසීලන්තය අපිට වඩා ධෛර්යවන්ත වුනා. ඔවුන් අවසන් මහා තරගයට යන්නට සුදුසුයි.”

ඉන්දියානු පන්දු යවන්නන් නවසීලන්තය ලකුණු 239කට සීමා කරමින් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සමීප කළ බව කෝලි පවසනවා.

“අපේ අරමුණ වුනේ හඹා යා හැකි ලකුණු ගණනකට නවසීලන්තය සීමා කරන්න. අපි ඒ දෙය කළා. නමුත් තරගයේ වෙනස වුනේ නවසීලන්ත පන්දු යවන්නන් පළමු පැයේ දී ක්‍රීඩා කළ ආකාරය නිසා.”

ඉන්දියාවට පිතිකරණයේ යෙදෙන්නට සිදු වූයේ අතිරේක දිනයේ දීයි. “අදත් (10) ක්‍රීඩා කරන්නට වීම එතරම් ගැටලුවක් නෑ. ඊයේ අපි හොඳින් ක්‍රීඩා කළා. ඒ පිළිබඳ මම සතුටුයි. අද උදෑසනත් පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වේ මානසික තත්වය ඉතා ඉහළින් තබා ගනිමින්.”

“නවසීලන්ත පන්දු යවන්නන්ට සියලු ගෞරව අත්විය යුතුයි. ඔවුන් අලුත් පන්දුවෙන් විශිෂ්ට ලෙස පන්දු යැව්වා. පන්දුව දෝලනය කළා. එය විශිෂ්ට දක්ෂතාවයක්. ඒ තත්වයන් යටතේ අපේ පිතිකරුවන්ට පන්දුවට පහර දෙන්න ගොඩක් අමාරු වුනා.”

AFP ඇසරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<