හොඳ මනසකින් සෙල්ලම් කරන්න මහේලගේ උපදෙස් ප්‍රයෝජනවත් වුණා රග්බි නායක – මරිජා

117

ආසියානු මට්ටමේ ලැබූ මෙම ජයග්‍රහණය ගැන අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක ෆාසිල් මරිජා කියා සිටියේ මින් පෙර කිසිදු දිනක නොකළ ආකාරයේ කළ සති තුනක පුහුණුව හා කැපවීම මෙම ජයග්‍රහණයට හේතු පාදක වූ බවය. දකුණු අප්‍රිකානු ජාතික පුහුණුකරු යොහාන් ටේලර් යටතේ ලැබුණු දුෂ්කර පුහුණුව තම ජීවිතයේ නව අත්දැකීමක් වූ බව කී ශ්‍රී ලංකා නායකයා කණ්ඩායමක් ලෙස මානසිකව ඉහළ තැනක සිටිමින් ක්‍රීඩා කිරීම ජයග්‍රහණයට මනා පිටිවහලක් වූ බවද කීය.

තවද ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය විසින් විශේෂ වැඩමුළුවක් ලෙස සැලසුම් කරන ලද ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය ඉහළ දැමීමේ වැඩසටහන මෙහෙය වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ලබා දුන් උපදෙස් තම ක්‍රීඩකයන්ගේ මානසික වර්ධනයට බෙහෙවින් බලපෑ බවද මරිජා විශේෂ සඳහනක් කළේය. “මහේල ජයවර්ධන වැනි ප්‍රවීණ ක්‍රීඩකයකු ඔහුගේ ක්‍රීඩා දිවියේ අත්දැකීම් ගෙනහැර දෙමින් තරගයට යෑමට පෙර සූදානම වගේම මානසික ඒකාග්‍රතාව රඳවා ගනිමින් පසුබට නොවී සිටීමේ ගුණය වැනි ඔහු ලබා දුන් උපදෙස් අපි කාගේත් මනසට හොඳට වැදුණා යනුවෙන් පැවැසීය.