ස්කොට්ලන්ත ක්‍රීඩකයෙකුට කොරෝනා

70

COVID-19 සඳහා ධනාත්මක (Positive) බව පරීක්ෂණයකින් තහවුරු වීමෙන් පසු සුවය ලබන බව ස්කොට්ලන්තයේ හිටපු ක්‍රීඩක මජිඩ් හක් Twitter පණිවුඩයක් මගින් ප්‍රකාශ කර තිබේ. 37 හැවිරිදි ඔහු ග්ලාස්ගෝහි පයිස්ලි ප්‍රදේශයේ රාජකීය ඇලෙක්සැන්ඩ්‍රා රෝහලේ ප්‍රතිකාර ලබන බව පවසමින් සිකුරාදා (20) උදෑසන මෙම පුවත පළ කළේය.

කොරෝනා සටන සහ ටෙස්ට් අතර සම්බන්ධයක් තියෙනවා

ඉන්දියානු ක්‍රිකට් පුරාවෘත්තයක් වන සචින් තෙන්ඩුල්කාර් විසින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව නව …

“කොරෝන වයිරසය ආසාදනය වූ බවට තහවුරු වීමෙන් පසුව මම ප්‍රතිකාර ලබාගත්තා. ඉන් අනතුරුව අද ආපසු නිවසට පැමිණීමට බලාපොරොත්තු වෙනවා” යැයි හක් Twitter පණිවිඩයක් ඔස්සේ පවසා තිබුණි. 

“පයිස්ලිහි RAH හි කාර්ය මණ්ඩලය මට හොඳින් සැලකුවා. ඒ අතර මට සහාය පණිවිඩ එවූ සැමට ස්තූතිවන්ත වෙනවා. මගේ සෞඛ්‍ය තත්ත්වය ඉක්මනින් යථා තත්ත්වයට පත්වනු ඇත. “

කොරෝනා වයිරස් තොරතුරු සඳහා එක්සත් රාජධානියේ රජය විසින් වෙන්කර ඇති NHS වෙබ් අඩවියට අනුව, මාර්තු 19 වන දින පෙ.ව. 9.00 වන විට ස්කොට්ලන්තයේ වයිරස් ආසාදිතයින් 266ක් වාර්තා වී ඇති අතර මුළු එක්සත් රාජධානිය පුරාම තහවුරු වූ රෝගීන් 3,269ක් වාර්තා වී ඇත. 

ස්කොට්ලන්තය වෙනුවෙන් එක්දින තරග 54ක් සහ විස්සයි 20 තරග 21ක් ක්‍රීඩා කළ හක් අවසන් වරට තම රට වෙනුවෙන් ක්‍රීඩා කළේ 2015 වසරේ දී ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දීය. 

ඔහු එක්දින ක්‍රිකට් පිටියේ කඩුලු 60ක් දවා ගනිමින් ස්කොට්ලන්තයේ වැඩිම කඩුලු ලාභියා විය. කෙසේ වෙතත්, හක් තවමත් ස්කොට්ලන්තයේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රියාකාරී වී ඇති අතර මෑතක දී 2019 ග්‍රීෂ්ම සෘතුව සඳහා ස්කොට්ලන්ත ලීග් තරගාවලියේ නැගෙනහිර ප්‍රිමියර්ෂිප් හි රාජකීය හයි කෝර්ස්ටෝෆින් කණ්ඩායමේ නායකත්වය දැරීය.

එංගලන්ත දේශීය ක්‍රිකට් ගැන ඇන්ඩර්සන් බියෙන්

එංගලන්ත වේගපන්දු යවන්නෙකු වන ජේම්ස් ඇන්ඩර්සන් මේ දිනවල පැතිර යන කොරෝනා …

කොරෝනා වයිරසය වසංගතයක් ලෙස පැතිර යාම හේතුවෙන් සියලුම ක්‍රිකට් තරග දින නියමයක් නොමැතිව අත්හිටුවන බව ස්කොට්ලන්ත ක්‍රිකට් ආයතනය හා එංගලන්ත ක්‍රිකට් ආයතනය දෙකම මේ සතියේ නිවේදනය කළේය. 

කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කළ දා සිට ලොව පුරා බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයින් ස්වයං හුදකලා වී ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<