හිටපු රාජකීය විද්‍යාල නායකයා කටාර් උපනායකත්වයට

Gulf Cricket Championship 2023

1506

Gulf Cricket Championship 2023 තරගාවලිය සඳහා සහභාගී වන කටාර් කණ්ඩායමේ උපනායකයා ලෙස හිටපු රාජකීය විද්‍යාලයීය ක්‍රිකට් නායක ඉමාල් ලියනගේ පත් කිරීමට කටයුතු කර තිබෙනවා. 

2012 වසරේ රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ කණ්ඩායමේ නායකත්වය දැරූ ඉමාල් පසුව කටාර් රාජ්‍යය වෙත පිටත් වූ අතර ඔහු කටාර් ජාතික කණ්ඩායම නියෝජනය කරමින් විස්සයි විස්ස තරග 18ක් ක්‍රීඩා කර තිබෙනවා. 

වමත් පිතිකරුවෙකු වන ඔහු එම විස්සයි විස්ස තරග තුළ ලකුණු 361ක් රැස් කිරීමට සමත් වී තිබෙන අතර ඔහුගේ පිතිකරණ සාමාන්‍ය දැක්වෙන්නේ 27.76ක් ලෙසයි. 

මෙවර Gulf ක්‍රිකට් ශූරතාවය කටාර් රාජ්‍යයේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන අතර ඒ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, කුවේට්, ඕමානය, බහරේන් සහ කටාර් යන කණ්ඩායම් හය තරග වදිනවා.  

ඒ අනුව මෙම තරගාවලිය සැප්තැම්බර් 15 වැනිදා ආරම්භ වීමට සැලසුම් කර තිබෙන අතර තරගාවලිය සැප්තැම්බර් 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි 

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.  

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<