Mumbai අසාර්ථක වුනේ Ishan Krishan නිසා ද?

IPL 2021

215
Former indian players

පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරයන් වූ Mumbai Indians කණ්ඩායමේ පසුබෑම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණා. ඊයේ (24) පැවති Punjab Kings තරගයේ powerplay පන්දුවාර 6 අවසන් වන විට Mumbai Indians ලබාගෙන තිබුණේ ලකුණු 21ක් පමණි. 

Mumbai Indians හි මෙම පසුබෑම පිළිබඳව හිටපු ඉන්දීය ක්‍රීඩකයන් රැසක් අදහස් දක්වා සිටියා. ඒ අතර Virendra Shewag සහ Ajay Jadeja ද සිටියා. MA Chidambaram ක්‍රීඩාංගණයේ පැවති තරගය Punjab Kings ජයග්‍රහණය කළේ කඩුලු 9කින්.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් Punjab Kings පළමුව පන්දු යැවීම තෝරාගත්තා. ඒ අනුව Mumbai ඉනිම ආරම්භ කළ Quinton De Kock දෙවැනි පන්දුවාරයේ දී ම දවා ගැනීමට Deepak Hooda සමත් වුනා.

Mumbai හි සුපුරුදු අංක 3 ක්‍රීඩකයා වන Suryakumar Yadav වෙනුවට මෙම තරගය සඳහා Ishan Krishan යොදාගෙන තිබුණා. කෙසේ වෙතත් Mumbai උත්සාහය ව්‍යර්ථ කරමින් Ishan Krishan ලකුණු 6කට දවා ගැනීමට Punjab Kings සමත් වුනා. Ishan Krishanගේ ලකුණු 6 වාර්තා වුනේ පන්දු 17කින්.

ඉන් අනතුරුව පිටියේ එක්වූ Rohit Sharma සහ Suryakumar Yadav Mumbai ඉනිම ගොඩනැගීමට සමත්වුනේ ලකුණු 79ක සම්බන්ධතාවයක් ගොඩනඟමින්. පන්දුවාර 16ක් අවසානයේ දී Mumbai ලකුණු පුවරුව ලකුණු 105ක් ලෙස දැක්වුනා. Mumbai හි ප්‍රවේගකාරී පිතිකරුවන් වූ Kieron Pollard, Hardik Pandya, Krunal Pandya අසාර්ථක වෙද්දී Mumbai ලකුණු පුවරුව ලකුණු 131කට සීමා වුනා.

මෙම තරගයේ Mumbai පිතිකරණ ලැයිස්තුව පිළිබඳව අදහස් දක්වමින් හිටපු ඉන්දීය ක්‍රීඩක Virendra Shewag පවසා සිටියේ Suryakumar Yadav වෙනුවට Ishan Krishan යොදාගැනීම කණ්ඩායමේ පසුබෑමට හේතු වූ බවයි.

“Suryakumar ඉන්න රිද්මය එක්ක ඔහුට Powerplay එකේ වැඩි වාසියක් ලබා ගන්න තිබුණා. ඔහු කලින් තරගයේ ලකුණු 50ක් වාර්තා කරලා හිටියේ. ඔහු කලින් දැවී ගියත් ඔහුට වැඩි ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරන්න අවස්ථාවක් තිබුණා. තරග හතරක දී ම ලකුණු ලබා ගත්තේ නැති Ishan Krishan අංක 3 විදිහට එවන එක සුදුසු නැහැ. ඔහු ලකුණු ලබා ගනී කියලා බලාපොරොත්තු වුනත් ඒක අමාරු දෙයක්. ඔහු නිසා පසුගිය තරග 3ක දී ම දස්කම් දැක්වූ හොඳ රිද්මයක ඉන්න ක්‍රීඩකයෙකුටත් පීඩනයක් එල්ල වෙනවා.” 

තවත් ක්‍රිකට් පුවත්:

“මම හිතනවා ඔවුන් Suryakumar කලින් යොදා ගත්තා නම් වැඩි ලකුණු සංඛ්‍යාවකට යන්න තිබුණා. ඔහු කණ්ඩායමට අවශ්‍ය වේගය ලබා දෙනවා” Cricbuzz වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් Virendra Shewag පවසා සිටියා.

Suryakumar Yadav පන්දු 27ක දී ලකුණු 33ක් වාර්තා කළ අතර නායක Rohit Sharma පන්දු 52ක දී ලකුණු 63ක් වාර්තා කළා.

“Mumbai කණ්ඩායම ලකුණු 131ක් වාර්තා කළේ Rohit සහ Suryakumar 16 වැනි පන්දුවාරය තෙක් රැඳී සිටි නිසා. ඔවුන් විශ්වාස කළා ඔවුන්ගේ ප්‍රවේගකාරී පිතිකරුවන් අවසන් පන්දුවාර වල ලකුණු ලබා ගනීවි කියලා. ඒත් එහෙම වුනේ නැහැ.” 

Virendra Shewagගේ අදහස් ස්ථීර කරමින් Ajay Jadeja ද අදහස් දක්වා සිටියා.

“අපි හිතුවා Mumbai අසාර්ථක වුනත් ලකුණු 150 සීමාවට යාවි කියලා. නමුත් ඔවුන් ලබාගත්තේ 130ක් පමණයි. මේක ඔවුන්ගේ සාමාන්‍ය ක්‍රීඩා විලාශය නෙමෙයි. Powerplay පන්දුවාරවල දී කඩුලු 2-3ක් දැවී ගියා නම් අපිට මේක තේරුම් ගන්න තිබුණා. ඒත් මෙතන එහෙම වුනේ නැහැ. ඔවුන්ට තිබුණා ඔවුන්ගේ රිද්මයේ ඉන්න ක්‍රීඩකයා අංක 3 විදිහට එවන්න. අපි කවදාවත් Virendra Shewagට පසුපෙළ ක්‍රීඩා කරන්න කියන්නේ නැහැ. ඒ වගේ තමයි” Ajay Jadeja පවසා සිටියා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 17ක් මේ වන විට පවත්වා අවසන්. Mumbai Indians මේ වන විට තරග 5ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 2ක් ජයග්‍රහණය කර තිබෙනවා. ඔවුන් ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවනවා. ඔවුන් සහභාගී වන මීළඟ තරගය Rajasthan Royals කණ්ඩායම සමඟින් එළඹෙන 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <