Home Sinhala දිමුත් සහ තිරිමාන්න වසර 16ක් වාර්තාවක් අලුත් කරයි

දිමුත් සහ තිරිමාන්න වසර 16ක් වාර්තාවක් අලුත් කරයි

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

180
Bangladesh tour of Sri Lanka 2021

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න පළමු කඩුල්ල සඳහා ගොඩනැංවූ ලකුණු 114 සබඳතාවය අඩිතාලමක් කර ගනිමින් ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය (23) නිමා වන විට කඩුලු 3ක් දැවී ලකුණු 229ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනා. 

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මේ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 312ක් පසුපසින් සිටිනවා.

තරගයේ තුන්වැනි දිනය ආරම්භ වන විට බංග්ලාදේශය සිය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 474ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල තැනක සිටි අතර ඔවුන් දිනයේ දිවා ආහාරය සඳහා මිනිත්තු කිහිපයකට පෙර සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 7ක් දැවී ලකුණු 541ක් ලබාගෙනයි.

තවත් ක්‍රිකට් පුවත්:

Mushfiqur Rahim බංග්ලාදේශ මුල් ඉනිමේ මැදපෙළ සහ පසුපෙළ එකට බැඳ තබා ගත් පිතිකරුවා බවට පත්වෙමින් නොදැවී ලකුණු 68*ක් ලබා ගත්තේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ  වාර්තා කළ 23 වැනි අර්ධ ශතකය ලබා ගෙනයි. Mushfiqurගේ එම ඉනිම සඳහා 4 පහර 6ක් ඇතුළත් වුනා. 

තුන්වැනි දිනයේ ආරම්භයේ සිට බංග්ලාදේශ ඉනිම අත්හිටුවා දමන තෙක් බංග්ලාදේශ කඩුලු 3ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනු අතර Liton Das, Mehidy Hasan Miraz සහ Taijul Islam එසේ දැවී ගිය පිතිකරුවන් වුනා. 

කඩුලු රකින පිතිකරු Das 4 පහර 5ක් සහ 6 පහරක් එල්ල කරමින් අද සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 8 වැනි අර්ධ ශතකය වාර්තා කරන්නට සමත් වුනා.

අද දිනයේ දී ලහිරු කුමාර පන්දු රැකීම හෝ පන්දු යැවීම සඳහා පිටියට පැමිණියේ නැහැ. ඒ ඔහුට ඇතිව තිබෙන ආබාධයක් නිසයි. කෙසේ නමුත් විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වන විට සුරංග ලක්මාල්, ධනංජය ද සිල්වා සහ ලහිරු කුමාර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

බංග්ලාදේශය ලබා ගත් දැවැන්ත ලකුණු පුවරුව සඳහා පිළිතුරු ලබා දීම වෙනුවෙන් පිටියට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා වුනු නායක දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න ලකුණු 114ක සාර්ථක සබඳතාවයක ගොඩනංවමින් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. 

ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාව වෙනුවෙන් නොකඩවා ටෙස්ට් තරග දෙකක ඉනිම් දෙකක දී (කොදෙව්වන්ට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී ලබා ගත් ලකුණු 101 සහ මේ තරගයේ දී ගොඩනැංවූ ලකුණු 114) ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 100 අභිබවා ගිය ශතක සබඳතාවයන් ගොඩනංවමින් වසර 16ක් ඉපැරණි වාර්තාවක් අලුත් කළා. 

එසේ අලුත් කළේ 2004 වසරේ දී මාවන් අතපත්තු සහ සනත් ජයසූරිය විසින් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව නොකඩවා ඉනිම් දෙකක දී පිළිවෙළින් ලකුණු 281ක් සහ ලකුණු 100ක් ලබාගෙන තබා තිබූ වාර්තාවයි.

පන්දු 125කට මුහුණ දුන් තිරිමාන්න සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9 වැනි අර්ධ ශතකය වාර්තා කළේ මේ වසර තුල ඔහු ලබා ගත් පුද්ගලික ටෙස්ට් ලකුණු ප්‍රමාණය 500 ඉක්මවා (දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 50+) යමිනි. 

කෙසේ වෙතත් ලකුණු 58ක් ලබාගෙන සිටිය දී තිරිමාන්න කඩුල්ල මුවාකිරීමේ වරදකට හසු කරගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නට අවස්ථාව තිබුණ ද, ඔවුන් විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ අවස්ථාවලින් නිසි ප්‍රයෝජනයක් ලබා නොගැනීම නිසාවෙන් ඔවුන්ට ඒ අවස්ථාව අහිමි වුුනා. 

නමුත්, ඉන් මොහොතකට පසුව තිරිමාන්නව ලකුණු 58 දී ම දවා ගැනීමට බංග්ලාදේශයට හැකි වුනා. Mehidy Hasan Miraz විසින් එම කඩුල්ලේ දවා ගත් අතර අනතුරුව පිටියට පැමිණි ඕෂද ප්‍රනාන්දු (ලකුණු 20) සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ (ලකුණු 25) කඩුලු උපක්‍රමශීලිව දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුනා.

>>Photos: Bangladesh tour of Sri Lanka 2021 | 1st Test – Day 3<<

වමතින් දඟපන්දු යවන Taijul Islam රවුන්ඩ් ද විකට් ආකාරයෙන් පන්දු යවමින් සිටිය දී මැතිව්ස් ඉදිරි පාදයේ ආරක්ෂාකාරීව ක්‍රීඩා කළ බව ඉක්මනින් හඳුනා ගත් ඔහු වහාම ඕවර් ද විකට් ආකාරයට කඩුල්ල තුලට පන්දුවක් යවමින් මැතිව්ස්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුනා.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේ නිමා වන විට නායක කරුණාරත්න පන්දු 211කට මුහුණ දෙමින් 4 පහර 8ක් සමඟ නොදැවී ලකුණු 85ක් ලබාගෙන සිටිනවා. 

ධනංජය ද සිල්වා 4 පහර 4ක් එල්ල කරමින් නොදැවී ලකුණු 26*ක් ලබාගෙන ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ල සඳහා නොදැවුණු ලකුණු 39*ක සබඳතාවයක් ගොඩනංවා තිබෙනවා.

පන්දු යැවීමේ දී Taskin Ahmed, Mehidy Hasan Miraz සහ Taijul Islam බංග්ලාදේශය වෙනුවෙන් එක් කඩුල්ල බැගින් දවා ගත්තා. තවද දිනයේ නිමාව සටහන් වන විට ශ්‍රී ලංකාවට විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ අවස්ථා තුනක් තිබුණු අතර බංග්ලාදේශයට තිබෙන්නේ අවස්ථා දෙකක් පමණයි.

තරගය හෙට (24) සිව්වැනි දිනයටත් පැවැත්වෙන අතර තරගාවලියේ  සියලු තරග තොරතුරු JAT සහ NDB අනුග්‍රහය ඇතිව ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: controllers/Embed.php

Line Number: 86

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 86
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once


A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: embed/match_result.php

Line Number: 115

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/views/embed/match_result.php
Line: 115
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 92
Function: view

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<