හිටපු ඕස්ට්‍රේලියානු නායකයෙක් අභාවප්‍රාප්ත වේ

221
Barry Jarman
(adelaidenow)

හිටපු ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායක Barry Jarman මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 84 වැනි වියේ පසු වුනා. 1959-1969 අතර කාල වකවානුවේ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 19ක් ක්‍රීඩා කර ඇති ඔහු එවකට කණ්ඩායමේ ප්‍රමුඛතම කඩුලු රකින්නා ද වුනා. තරගවාර 13ක දී ඔහු පළමු පෙළ තරග 191ක් ද ක්‍රීඩා කර තිබීම විශේෂත්වයක්.

>> නීති කැඩුවට ආචර්ට දඬුවම්

1959 වසරේ දී ඉන්දියාවට එරෙහිව කාන්පූර් හිදී ජාර්මන් ටෙස්ට් වරම් දිනා ගත්තා. කෙසේ වෙතත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය නියෝජනය කළ කඩුලු රකින්නෙක් වූ වොලී ග්රවුට් සමඟ ඔහුට කණ්ඩායමේ ස්ථානය රැක ගැනීමට නිතරම සටන් වදින්නට සිදු වුනා. කණ්ඩායම් ක්‍රීඩාගාරයේ ශක්තිමත්ම කටහඬක් වූ ජාර්මන්, මේ කඩුලු රකින්නන්ගේ තරගය නිතරම ජය ගෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ නිතර සංචාරවලට එක් වුනා.

1967-68 තරග වාරය වන විට ජාර්මන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙක් බවට පත් වුනා. එංගලන්තය සමඟ පැවති අළුබඳුන තරගාවලියේ හෙඩින්ග්ලි හි පැවති ටෙස්ට් තරගයේ දී නිත්‍ය නායක බිල් ලෝරි ආබාධයකට ලක් වීම් නිසා ජාර්මන්ට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය හිමි වුනා. 

මේ තරගයේ සුවිශේෂම කරුණක් වන්නේ එම තරගයට එංගලන්ත කණ්ඩායම මෙහෙයවන්නට නියමිතව සිටි නිත්‍ය එංගලන්ත නායකයා වූ  සුප්‍රකට කොලින් කවුඩ්රි ද ආබාධයකට ලක්වීම නිසා ටොම් ග්‍රවැනි අතිරේක නායකයෙක් ලෙස එංගලන්ත කණ්ඩායම මෙහෙය වීමයි. 

>> දකුණු අප්‍රිකානු ප්‍රබලයෙකුගෙන් ජාතිවාදීන්ට පණිවිඩයක්

ජාර්මන් ඇඩිලේඩ් හිදී සිය අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කළා. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි. පසුව ඔහු තරග තිරකවරයෙකු ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට බැඳුණු අතර 2001 වසර වන තුරු ඔහු ටෙස්ට් තරග 25ක හා එක්දින ජාත්‍යන්තර තරග 28ක තරග තීරකවරයා ලෙස කටයුතු කළා. 

1998 වසරේ දී තණතිල්ල භයානක ලෙස හැසිරුණේ යැයි තීරණය කරමින් ජැමෙයිකාවේ පැවැත්වුණු එංගලන්ත බටහිර ඉන්දීය කොදෙව් තරගය අතහැර දැමීමට තීරණය කළේ ද ජාර්මන්.

>> “මගේ ඇඟේ හැමතැනම ලේ තිබුණා” – ඩිවිලියර්ස්

හැන්සි ක්‍රොන්යේ බුකීකරුවන් සමඟ එකතු වී තරග පාවා දුන් බවට හෙළිවුණු දකුණු අප්‍රිකාව හා එංගලන්තය අතර සෙන්චූරියන් හිදී පැවැත්වුණු ටෙස්ට් තරගයේ තරග තීරකයා ලෙස කටයුතු කළේ ද ජාර්මන් මහතායි. කෙසේ වෙතත් ඔහු ඒ කිසිවක් නොදැන සිටි බව පසුව හෙළි වුනා.

Cricbuzz ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<