ස්වර්ණමය යුගයක් අරඹන්නට බම්බලපිටියේ සාන්තුවරුන්ට හැකි වෙයි ද?

684

2018 වසරේ පාසල් රග්බි පිටියේ සාර්ථකම කණ්ඩායමක් වන බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය රග්බි කණ්ඩායම මේ වසරේ දී සූදානම් වන්නේ ඉතිහාසය අලුතින් ලියන්නටයි. පසුගිය වසරේ දී සිය පරම සතුරන් මට්ටු කරමින් ජනාධිපති කුසලානය දිනූ සාන්ත පීතරයින් මේ වසරේදීත් සිය බලාපොරොත්තු සාර්ථක කර ගනියි ද?

‘නිල් අකුණු සැරය’ රග්බි පිටිය දවා අළු කරයි ද?

වසර 60 අභිමානවත් රග්බි ඉතිහාසයකට හිමිකම් කියන වෙස්ලි විද්‍යාලය රග්බි පිටියේ අමරණීය සලකුණක්. ‘නිල් අකුණු සැරය’ ලෙස විරුදාවලිය ලත් වෙස්ලි විද්‍යාලයීය රග්බි කණ්ඩායම….

අතීතයෙන් බිඳක්

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ආරම්භ කළ පළමු පාසල් හතරෙන් එකක් වීමට වාසනාවන්ත වූ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය රග්බි ක්‍රීඩාව ආරම්භ කළේ 1932 වසරේ දීයි. ”බම්බා බ්‍රිගේඩ්” යන අන්වර්ථ නාමයෙන් රග්බි පිටිය හෙල්ලූ සාන්ත පීතර රග්බි කණ්ඩායමේ පළමු නායකයා වන්නේ ලිම් බිලිමෝරියා මහතායි. එවකට පාසලේ විදුහල්පති ලෙස කටයුතු කළේ ඩි. ජේ. නිකලස් පියතුමායි. ඔවුන් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට එක්වුණේ කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව සිය පළමු රග්බි තරගය ක්‍රීඩා කරමින්.

(පසුගිය වසර සාන්ත පීතර රග්බි කණ්ඩායමට අමරණීය වසරක් විය.)

එතැන් සිට ඔවුන් පාසල් රග්බි පිටියේ සිය ආධිපත්‍ය පැතිර වූ අතර සිව්වතාවක දී ම ලීග් ශූරයින් බවට පත් වූයේ පාසලේ කැබිනෙට්ටු කුසලානවලින් පුරවමින්. 2002, 2006, 2007 වසරේ දී මෙන්ම 2010 වසරේදීත් ඔවුන් ලීග් ශූරතාව බම්බලපිටියට රැගෙන යන්නට සමත් වුනා.

2006 වසර සාන්ත පීතරයින්ට ස්වර්ණමය වසරක්. ඒ හරේන් ආරියවර්ධනගේ නායකත්වය යටතේ සාන්ත පීතර රග්බි කණ්ඩායම ලීග් රග්බි තරගාවලිය මෙන්ම ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ද ජය ගත් නිසාවෙනි. 2008 වසරේ දී පුර්ණක දෙල්පචිත්‍රගේ නායකත්වය යටතේ ඔවුන් නැවත වරක් ජනාධිපති කුසලානය බම්බලපිටියට රැගෙන යන්නට සමත් වුනා. අවස්ථා දෙකේ දී ම කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වූයේ සුපිරි පුහුණුකරු සනත් මාටිස් වීම විශේෂත්වයක්.

නූලෙන් ගිලිහුණු කුසලානය සොයා යන මරදානේ සාන්තුවරු

රග්බි පිටියේ ප්‍රබල පාසල් රැසක් මට්ටු කරමින් මරදාන සාන්ත ජෝසප් රග්බි කණ්ඩායම මෑතකාලීන රග්බි පිටියේ පෙරළි රැසක් සිදු කිරීමට සමත් විය. 2017 මයිලෝ ජනාධිපති කුසලාන…

සාන්ත පීතර රග්බි පහස ලැබූ අමරණීය චරිත බොහෝයි. අර්චිබෝල්ඩ් පෙරේරා, ඩැරල් විමලරත්න හා ෆ්රෑන්ක් හර්බට් වැනි දේශීය රග්බි පිටියේ දැවැන්තයින් නිල්, සුදු හා රන් පැහැ වර්ණ දැරූවන්.  

මේ දිනවල දියත් වන අන්තර් සමාජ රග්බි පිටියේ දස්කම් දක්වන සුපිරි ක්‍රීඩකයින් රැසක් සාන්ත පීතර විද්‍යාලයෙන් බිහි වූ ක්‍රීඩකයින් වීම විශේෂත්වයක්. මහනුවර සුපිරි ක්‍රීඩක ධනුෂ්ක රන්ජන්, සුහිරු ඇන්තනී, නිශෝන් පෙරේරා, කෙවින් ඩික්සන්, ෂාරෝ ප්‍රනාන්දු, අනුරාධ හේරත්, සඳුන් හේරත් මෙන්ම ලී කීගල් සාන්ත පීතර සුවිශේෂී රග්බි ක්‍රීඩා විලාසය පිළිබඳ ජීවමාන සාක්ෂියි.

පසුගිය තරග වාරය

වසර කිහිපයක එතරම් සුබ නොවන කාල සීමාවකට පසුව 2018 පාසල් රග්බි තරගවාරයේ සුපිරි දස්කම් දක්වන්නට සාන්ත පීතර ක්‍රීඩකයින් සමත් වුනා.

ජාවෙඩ් සාරුක්ගේ නායකත්වයෙන් රග්බි පිටියට පිවිසුණු සාන්ත පීතර කණ්ඩායම ප්‍රබලයින් රැසක් එකා පිට එකා බිම හෙලූ අතර රාජකීය තරගය හා සාන්ත ජෝසප් තරගය පමණක් පරාජය වූ ඔවුන් තරගාවලිය අවසන් කළේ කුසලාන ශූරතාවයේ තුන් වන ස්ථානයේයි. ඒ සහභාගී වූ තරග 9න් තරග 7ක් ජය ගනිමින්.

(බිලාල් හිල්මි මෙවර කණ්ඩායමේ නායකත්වයේ වගකීම දරයි.)

කෙනෙත් විමලදාසගේ අවසන් මොහොතේ සුපිරි උත්සාහක දිනුමෙන් ලකුණු 20-22ක් ලෙස සිය පරම සතුරා වන මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය පරාජය කළ සාන්ත පීතර ක්‍රීඩකයෝ මයිලෝ ජනාධිපති කුසලානය පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය ජය ගත්තේ සාර්ථක ලීග් තරගාවලියක් අවසානයට වසරට ඉස්තරම් නිමාවක් ලබා දෙමින්.

කෙනෙත් විමලදාස, ජේසන් කරුණාරත්න වැනි ක්‍රීඩකයින් කණ්ඩායම වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබා දුන්නේ සාන්ත පීතර රග්බි ඉතිහාසයේ තවත් අමරණීය පරිච්ඡේදයක් ලියමින්.

මෙවර තරගාවලිය

මෙවර කණ්ඩායමේ සුක්කානම දරන්නේ තෙවැනි පෙළ ක්‍රීඩකයෙකු වන බිලාල් හිල්මි. පසුගිය වසරේ ඉදිරිපෙළ සමඟ සුපිරි දස්කම් දැක්වූ ඔහු මෙවර තරගාවලියේ සාන්ත පීතර විද්‍යාලයේ ප්‍රධානතම තුරුම්පුවක් බවට පත් වනු ඇත.

සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් සෙන්ටර් ක්‍රීඩකයින් වන සුනෙර ප්‍රනාන්දු හා සංදේශ් ද මෙල් කණ්ඩායමේ උපනායකයින් ලෙස කටයුතු කරන්නේ නායකයා සමඟ වගකීම බෙදා ගනිමින්. පසුගිය වසරේ දී කෙනෙත් විමලදාස හා ජේසන් කරුණාරත්න සමඟ එක්ව ඔවුන් දෙදෙනා පසුපෙළ සුපිරි දස්කම් දැක්වූ අතර සිය අත්දැකීම් හා පසුගිය වසරේ ජයග්‍රහණයන් වල මතකයන් සමඟ ඔවුන් දෙදෙනා ද කණ්ඩායම වෙනුවෙන් සුපිරි කාර්යභාරයක් ඉටු කරනු ඇත.  

බ්‍රැඩ්බි පළිහටත්, ලීග් ශූරතාවයටත් ඉව අල්ලමින් ත්‍රිත්ව සිංහයෝ සටනට!

ශ්‍රී ලාංකීය පාසල් රග්බි පිටියේ පළමු පාසල් රග්බි තරගය ක්‍රීඩා කිරීමට වාසනාවන්ත වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට පාසල් රග්බි පිටියේ සුවිශේෂ සලකුණක්.

උපනායකයින් දෙදෙනාගේ සහයට පසුපෙළ සවිමත් කරන්නට රවීන් ප්‍රනාන්දු කණ්ඩායමේ ක්‍රීඩා කරන්නේ සිය වේගය ප්‍රධානතම අවිය කරගෙනයි. පසුගිය තරගවාරයේ ඔහු ද සුපිරි දස්කම් දක්වන්නට සමත් වූ අතර මෙවරත් ඔහුගේ වේගය කණ්ඩායමේ ප්‍රධානතම අපේක්ෂාව වනු ඇත.

සුපුරුදු වේගවත් ක්‍රීඩා විලාසයම අනුගමනය නොකර සාන්ත පීතරයින් කෙමෙන් කෙමෙන් සිය ඉදිරිපෙළ ද ශක්තිමත් කළ අතර ජූලියන් චාල්ස් මෙවර සිය නායකයා සමඟ ඉදිරිපෙළ සවිමත් කරනවා. හුකර් ස්ථානයේ ක්‍රීඩා කරන ඔහු ආසියානු වයස අවුරුදු 19න් පහළ රග්බි ශූරතාවයට ද සුදුසුකම් ලැබූ අත්දැකීම් බහුල තරුවක්.

ප්‍රවීණ පුහුණුකරුවෙකු වන සනත් මාටිස් මහතා මේ වසරේදීත් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි. සාන්ත පීතර කණ්ඩායම අවසන් වරට ලීග් ශූරතාවයක් ජය ගත්තේ වසර නවයකට පෙර වන අතර පුහුණුකරු මාටිස්ගේ ප්‍රධාන අරමුණ තවත් ලීග් ශූරතාවයක් වනු ඇත.

රජිව් පෙරේරා හා සාන්ත පීතර ආදි ශිෂ්‍යයෙකු වන භානුක නානායක්කාර කණ්ඩායමේ සහය පුහුණුකරුවන් ලෙස ද කටයුතු කරන්නේ කණ්ඩායමට අමතර සවියක් වෙමින්.

පසුගිය වසරේ දක්ෂතා මෙවරත් පවත්වා ගනිමින් සාන්ත පීතර රග්බි ඉතිහාසයේ තවත් ස්වර්ණමය යුගයක් අරඹන්නට බිලාල් හිල්මිගේ බම්බලපිටියේ රග්බි බලකායට හැකි වෙයි ද?

සාන්ත පීතර විද්‍යාලයේ පළමු වටයේ තරග සැලැස්ම

  • සාන්ත තෝමස් විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය – පෙබරවාරි 28, සාන්ත තෝමස් විද්‍යාලය ජය ගන්නා ලදි (20-19)
  • සාන්ත පීතර විද්‍යාලය හා කිංග්ස්වුඩ් විද්‍යාලය – මාර්තු 9, සාන්ත පීතර විද්‍යාලය ජය ගන්නා ලදි (14-7)
  • සාන්ත පීතර විද්‍යාලය හා මලියදේව විද්‍යාලය – මාර්තු 16, මලියදේව ක්‍රීඩාංගණය
  • සාන්ත පීතර විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය – මාර්තු 22, හැව්ලොක් පාක්
  • සාන්ත පීතර විද්‍යාලය හා රාජකීය විද්‍යාලය – මාර්තු 30, සාන්ත පීතර ක්‍රීඩාංගණය

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<