රෙඩ් ස්ටාර්, කොමරේඩ්ස්, පෙලිකන්ස්, කණ්ඩායම් අවසන් 4ට

914
Premier League Division I

2016 පාපන්දු ප්‍රිමියර් ලීග් පළමු කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව තරඟ කිහිපයක්ම පසුගිය දින කිහිපය තුල සාර්ථකව පැවැත්විණි. එම තරගවලින් පෙලිකන්ස් ක්‍රීඩා සමාජය, කොමරේඩ්ස් ක්‍රීඩා සමාජය, රෙඩ් ස්ටාර් ක්‍රීඩා සමාජය සහ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

පසුගිය ලිපි: දකුණු ආසියානු පාපන්දු විධායක කමිටුව මීගමුවෙන් පිටව යයි

රෙඩ් ස්ටාර්ස් ක්‍රීඩා සමාජය හා සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය

මෙම තරඟය වර්නන් ෆර්නැන්ඩෝ ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. ඉතාමත් උණුසුම් තරගයක අත්දැකීමක් ප්‍රේක්ෂකයින්ට ලබා දීමට සමත් වූ මෙම තරගය දඬුවම් පහර අවස්තාවන් මඟින් ජයග්‍රාහකයින් තේරීම් දක්වා දුර දිග ගිය අතර රෙඩ් ස්ටාර් කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කලේ එක් දඬුවම් පහරක වාසිය සමඟිනි.

ප්‍රථම අර්ධයේදි සෙරන්ඩ්බ් ක්‍රීඩා සමාජය පෙරමුණ ගැනීමට සමත් වූ අතර එම අර්ධයේදි වාර්තා වු එකම ගෝලය මොහොමඩ් රහුමාන් විසින් 37වැනි මිනිත්තුවේදි වාර්තා කරන ලදි.

දෙවැනි අර්ධයේදි සෙරන්ඩිබ් ක්‍රීඩකයින් හඹාඑමින් 52වැනි මිනිත්තුවේදි රෙඩ් ස්ටාර් නායක මොහොමඩ් අබ්දුල්ලා ගෝලයක් වාර්තා කල අතර තරගය නිමාවූයේ 01 – 01 ලෙසින් කණ්ඩායම් දෙකම සමතත්ත්වයේ පසුවෙමිනි.

ඉන්පසුව දඬුවම් පහර අවස්තාවන් වටය අාරම්භ කල අතර රෙඩ් ස්ටාර් ක්‍රීඩකයින් 06 දෙනෙක් දඬුවම් පහර 06ක් සාර්ථක කර ගැනීමට සමත් වූ අතර සෙරන්ඩිබ් කණ්ඩායම් ක්‍රීඩකයින් සාර්ථක කර ගත්තේ දඬුවම් පහර 05ක් පමණි. ඒ අනුව එක් දඬුවම් පහරක වාසියකින් රෙඩ්ස්ටාර් ක්‍රීඩකයින් හට ජයග්‍රහණය හිමිවිය.

පළමු අර්ධය – රෙඩ් ස්ටාර්ස් ක්‍රීඩා සමාජය 00 – 01 සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය
අවසන් ලකුණු – රෙඩ් ස්ටාර්ස් ක්‍රීඩා සමාජය 01 – 01 සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය
දඩුවම් පහර – රෙඩ් ස්ටාර්ස් කණ්ඩායම 6-5 සෙරන්ඩිබ් කණ්ඩායම
දඩුවම් පහර – (රෙඩ් ස්ටාර්) මොහොමඩ් රහුමාන්, මොහොමඩ් ෆයිසාල්, කේ. වයි. ඒ. මොන්ඩෙසිර්, මොහොමඩ් රිකාස්, මොහොමඩ් අෆ්රාර්, මොහොමඩ් නුස්කි
(සෙරන්ඩිබ්) – මොහොමඩ් ශෙරෝන්, මොහොමඩ් අබ්දුලායි, මොහොමඩ් අලී, ජී.සයිමන්, මොහොමඩ් අස්වාර්

ThePapare.com තරගයේ වීරයා මොහොමඩ් ශිෆ්රාස්

තරගයේ ජය රෙඩ් ස්ටාර් ක්‍රීඩා සමාජයට


මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ක්‍රීඩා සමාජය

මෙම තරඟය රාජගිරිය මොරගස්මුල්ල ක්‍රීඩා සමාජ පිටියේදී පැවැත්වූ අතර තරඟය ගෝල 3-0 ක් ලෙස අවසන් කිරීමට සත්කාරකයින් වුනු මොරගස්මුල්ල ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් විය. තරගයේදි ප්‍රතිවාදීන් වූ ගමනාගමන මණ්ඩල සමාජයට කිසිදු ලකුණක් වාර්තා කිරීමට නොහැකි වුනු අතර තරගය අාරම්භ වී මිනිත්තු 10ක් වන තැන ප්‍රියවන්ස විසින් ගෝලයක් වාර්තා කරන ලදි.

ඉන්පසුව වාර්තා වූ අනෙක් ගෝල ද්විත්වය දෙවැනි අර්ධය තුලදි වාර්තා වුනු අතර මහේෂ් කුමාර් විසින් 63 වැනි මිනිත්තුවේදී ද, ඩිලාන් මධුෂංක විසින් 85 වැනි මිනිත්තුවේදි එම ගෝල ද්විත්ව වාර්තා කරන ලදි.

පළමු අර්ධය – මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය 01 – 00 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ක්‍රීඩා සමාජය
අවසන් ලකුණු – මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය 03 – 00 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා මහේෂ් කුමාර (මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය)

තරගයේ ජය මොරගස්මුල්ල ක්‍රීඩා සමාජ කණ්ඩායමට


පෙලිකන්ස් ක්‍රීඩා සමාජය හා සාන්ත මරියා ක්‍රීඩා සමාජය

පෙලිකන්ස් ක්‍රීඩා සමාජය ජය වාර්තා කරමින් මෙම තරග නිමාව දුටුවේ මලියදේව විද්‍යාලීය ක්‍රීඩා පිටියේදීයි. තරග අවසානයේ දි ගෝල 02-00 ලෙස ලකුණු පුවරුව දැක්වුනු අතර වාර්තා වූ ගෝල ද්විත්වය පෙලිකන්ස් ක්‍රීඩක ශන්මුගරාජා සන්ජීව් විසින් වාර්තා කලේ තරගයේ 11 වැනි සහ 36 වැනි මිනිත්තුවලදීය.

පළමු අර්ධය – පෙලිකන්ස් ක්‍රීඩා සමාජය 02 – 00 සාන්ත මරියා ක්‍රීඩා සමාජය
අවසන් ලකුණු – පෙලිකන්ස් ක්‍රීඩා සමාජය 02 – 00 සාන්ත මරියා ක්‍රීඩා සමාජය
රතු කාඩ්පත් – (‍ ෙපලිකන්ස්) – මොහොමඩ් ඉන්ෆාස්
කහ කාඩ්පත් – (පෙලිකන්ස්) – චතුර ගුණරත්න, මොහොමඩ් ඉන්ෆාස්
(සාන්ත මරියා)- ජෙනට් මිල්ටන්, එම් නිරෝජන්

තරගයේ ජය පෙලිකන්ස් කණ්ඩායමට


කොමරේඩ්ස් ක්‍රීඩා සමාජය හා ග්‍රීන් ෆීල්ඩ් ක්‍රීඩා සමාජය

මෙම තරගයද ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් රැස් කරගැනීමට ඉඩනොතබමින් නිමාව දුටුවේ වින්සන්ට් ඩයස් ක්‍රීඩා පිටියේදීය. ගෝල 02-00 ලෙසින් කොමරේඩ්ස් ක්‍රීඩා සමාජය ජය වාර්තා කල අතර කොමරේඩ්ස් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් නවුමාන් 20 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබාගන්නා ලදි. එහි සවිය වැඩි කරමින් 82 වැනි මිනිත්තුවේදී නුවන් ලක්මාල් තවත් ගෝලයක් ලබාගන්නා ලදි. තරගය නිමාවන තෙක් කිසිදු ලකුණක් ලබා ගැනීමට ග්‍රීන් ෆීල්ඩ් කණ්ඩායමට ඉඩක් ලැබුනේ නැත.

පළමු අර්ධය – කොමරේඩ්ස් ක්‍රීඩා සමාජය 01 – 00 ග්‍රීන් ෆීල්ඩ් ක්‍රීඩා සමාජය
අවසන් ලකුණු – කොමරේඩ්ස් ක්‍රීඩා සමාජය 02 – 00 ග්‍රීන් ෆීල්ඩ් ක්‍රීඩා සමාජය
කහ කාඩ්පත් – මොහොමඩ් ඩස්ලීන් (ග්‍රීන් ෆීල්ඩ් කණ්ඩායම)

තරගයේ ජය කොමරේඩ්ස් කණ්ඩායමට‍

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට