ඩී. එස්. – සහිරා මංගල මහා රග්බි ගැටුම සිකුරාදා

709
RIT Alles Trophy

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ මෙන්ම මරදාන සහිරා විද්‍යාලයේ විදුහල්පති ලෙස ද කටයුතු කළ ආර්. අයි. ටී. අලස් මහතා සිහි කිරීම උදෙසා, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය අතර මහා රග්බි තරගයක් පැවැත්වීමට පාසල් දෙකේ ආදි ශිෂ්‍ය සංගම්, රග්බි සංගම් හා එම විදුහල් විසින් තීරණය කර තිබේ.

තරගය එළඹෙන සිකුරාදා එනම් හෙට (16) වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මධ්‍ය හමුවක් ඊයේ (15) කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විය.

ඇතුගල්පුර ප්‍රහාරයෙන් වේල්ස් කුමරුවන්ට අසාධ්‍යයි

පාසල් රග්බි ලීගයේ බී කාණ්ඩයේ තවත් තරගයක් අද (14) පැවති අතර එහි දී කුරුණෑගල…

ඩී. එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ  ආර්. අයි. ටී. අලස් මහතා ඩී. එස්. සේනානායක විද්‍යාලය ආරම්භයේ සිටම එම පාසලේ හා විදුහලේ රග්බි ක්‍රීඩාවේ උන්නතිය උදෙසා මහත් සේවයක් කළ විදුහල්පතිවරයෙකි. 1967 සිට 1981 දක්වා ඩී. එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කළ ඔහු, 1983-1985 කාලසීමාවේ සහිරා විද්‍යාලයේ විද්‍යාලාධිපති ලෙස ද කටයුතු කළ අයෙකි.

ආර්. අයි. ටී. අලස් මහතා විසින් විදුහල් දෙකේම රග්බි ක්‍රීඩාව උදෙසා කරන ලද සේවය වෙනුවෙන් මෙම ශූරතාව එතුමන්ගේ නමින් නම් කිරීමට පාසල් දෙකේම ආදී ශිෂ්‍ය සංගම් තීරණය කොට තිබේ.

මධ්‍ය හමුවේ දී අදහස් පල කළ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති ආර්. එම්. රත්නායක මහතා මෙසේ අදහස් දැක්වීය, ”අපේ පාසලට වගේම සහිරා විදුහලටත් ඉමහත් සේවයක් කරපු ආර්. අයි. ටී. අලස් මහතා අනුස්මරණය කිරීමටයි මේ තරගය සංවිධානය කිරීමේ ප්‍රධාන අරමුණ, ඒ වගේම රටේ දැන් පවතින තත්වයට ආදර්ශයක් දෙන්න තමයි අපි මේ තරගය සංවිධානය කරන්න තීරණය කළේ, අපි අතර කිසිම බෙදීමක් නෑ, සාමය සමගිය තහවුරු කිරීමත් එහි අරමුණක්, අපේ විදුහලේ නායකයා පස්වැනි වසර වර්ණලාභී ක්‍රීඩකයෙක්, ඉසිපතනය එක්ක පැවති තරගයත් එක ලකුණකින් තමා පරාජය වුනේ, ඩී. එස්. සේනානායක විද්‍යාලය සාර්ථකව තරගයට මුහුණ දෙයි කියල බලාපොරොත්තු වෙනවා”

“අපි ඉතාමත් සන්තෝස වෙනවා මෙම තරගයට සහභාගී වන්නට” මධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මරදාන සහිරා විද්‍යාලයේ විදුහල්පති ට්‍රිස්වී මරික්කාර් මහතා පැවසිය. තවදුරටත් අදහස් දැක්වූ එතුමා, “ජාතීන් අතර සමගිය හා සහජීවනය වර්ධනය කිරීමට අපි ඉස්සරහට එන්න ඕන, කණ්ඩයම් දෙකම ඉතා හොඳයි, තරගයේ ප්‍රතිඵලය මොකක් වුනත් විදුහල් දෙක අතර සමගිය සහයෝගය වර්ධනය වේවි, පැමිණ තරගය නරඹන්න යැයි සියලු දෙනාටම ආරාධනා කරනවා.” යැයි පැවසිය.

මහා රග්බි තරගය ඇතුළු තරග මාලාව එළඹෙන මාර්තු 16 දා වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නියමිත අතර පළමු පෙළ කණ්ඩයම් අතර තරගය පස්වරු 4.30ට ආරම්භ වීමට නියමිතය. ඊට අමතරව වයස අවුරුදු 12, 14 සහ 16 යන වයස් කාණ්ඩවල තරග මාලාවක් ද පවත්වා ජයග්‍රාහකයින්ට කුසලාන පිරිනැමීමට නියමිතයි.

තරගාවලියේ සියලු තරග විස්තර, ලකුණු හා ඡායාරූප ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්, රැඳී සිටින්න.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<