2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පසුගිය ඉරිදා (11) ඩුබායි හිදී නිමා වුනේ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවට හයවැනි ආසියානු කුසලාන ශූරතාවය ද හිමිකර දෙමින්.
ශ්‍රී ලංකාව අවසන් තරගයේ දී පාකිස්තානය ලකුණු 23කින් පරාජය කිරීමට සමත් වුනා. ආසියානු කුසලානය නිමාවීමෙන් පසුව AFP Sport විසින් ලබන මාසයේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ආසියානු කණ්ඩායම්වල සූදානම පිළිබඳව කරුණු 5ක සටහනක් එක්කර තිබුණා.
ශ්‍රී ලංකාවේ පුදුම සහගත ජයග්‍රහණය

නමුත් පිට පිට ජයග්‍රහණ පහක් වාර්තා කරමින් ඔවුන් ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වුනේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ අයුරින්.
ශ්‍රී ලංකාව සුපිරි හතර දෙනාගේ වටයේ දී මෙවර ආසියානු කුසලාන තරගාවලිය ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනා අනාවැකි පල කළ ඉන්දියාව පරාජය කළා. සුපිරි හතර දෙනාගේ වටයේ දී ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකාව, අවසන් තරගයේ දී නැවතත් පාකිස්තානය පරාජය කළේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා තරුණ කණ්ඩායමක බලාපොරොත්තු ඉහළ නංවමින්. කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියේ දී ඔවුන්ට සුදුසුකම් ලබා ගැනීමේ වටයට මුහුණ දීමට සිදුවනවා.
ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී නොදැවී ලකුණු 7ක් රැස් කර ගත් භානුක රාජපක්ෂ තරගයෙන් අනතුරුව පැවසුවේ ප්‍රබෝධමත් ආරම්භයක් ලබාගෙන ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ ආසියානු කුසලාන ජයග්‍රහණයේ පන්නරය ලබාගෙන විස්සයි විස්ස ලෝක කුසලානයට මුහුණදෙන බවයි.
Naseem Shahගේ ආගමනය

19 හැවිරිදි Naseem Shah තරග 5ක දී කඩුලු 7ක් දවා ගත් අතර පිත්තෙන් ද තරග ජයග්‍රහණය කරන්නෙකු බවට පත්වුනා. ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති තරගයේ දී අවසන් පන්දුවාරයේ ඔහු එල්ල කළ හයේ පහර 2 පාකිස්තාන කණ්ඩායම අවසන් තරගයට ගෙන යාමට සමත් වුනා.
අවසන් තරගයේ දී පාකිස්තාන නායක Babar Azam කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඔහුගේ තීරණය නිවැරදි එකක් බවට සනාථ කිරීමට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුනේ දර්ශනීය පන්දුවාර කීපයක් සමඟින්. පළමු පන්දුවාරයේ දී ම Naseem Shah කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුනා.
අවසානයේ දී වාර්තා වූ Kohliගේ ශතකය

Kohli තරගාවලියේ දී ලකුණු 276ක් රැස් කරගෙන තිබුණේ සාමාන්‍ය 92ක් ලෙස සටහන් කරමින්. ඔහු ඇෆ්ගනිස්ථානයට එරෙහිව නොදැවී වාර්තා කර ගත් ලකුණු 122, 2019 නොවැම්බර් මාසයෙන් පසු ඔහු ඉන්දියාව වෙනුවෙන් ඕනෑම ආකෘතියකින් වාර්තා කළ පළමු ශතකය වුනා. එය ඔහුගේ පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර ශතකය ද වනවා.
Kohliගේ දිගු පිතිකරණ පසුබෑම ප්‍රධාන මාතෘකාවක් වී තිබුනත්, ආසියානු කුසලානයට පෙර මාසයක විවේකයක් ගෙන පැමිණි Kohli ඒ සියලු කතාබස් නිශ්ෂබ්ද කිරීමට සමත් වුනා.
Kohli තරගාවලියේ ඉනිම් 5 දී අර්ධ ශතක දෙකක් සහ ශතකයක් වාර්තා කර ගත් අතර ආසියානු කුසලාන තරගාවලියේ ඔහුට වඩා ලකුණු රැස්කර ගැනීමට සමත් වුනේ Mohammad Rizwan පමණයි. Mohammad Rizwan අවසන් තරගයේ දී ලකුණු 55ක් වාර්තා කර ගත්තේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 281ක් ලෙස සටහන් කරමින්.
ඇෆ්ගන් ආක්‍රමණය

ඇෆ්ගනිස්ථානය පසුව බංග්ලාදේශය පරාජය කළ අතර සුපිරි හතර දෙනාගේ වටයේ දී පාකිස්තානයට ප්‍රබල සටනක් ලබා දුන්නා. එම තරගය පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කළේ එක් කඩුල්ලකින්.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ බොහෝ දෙනෙකු පාකිස්තානයේ සරණාගත කඳවුරුවල ක්‍රිකට් ඉගෙන ගත් අතර ඔවුන්ට ටෙස්ට් වරම් හිමි වුනේ 2017 දීයි. ඔවුන් ටෙස්ට් වරම් ලබා ගැනීමෙන් පසු දැවැන්ත ප්‍රගතියක් ලබා තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයේ බලාපොරොත්තුව එළඹෙන ලෝක කුසලානයේ දී ලෝක ක්‍රිකට් බලවතුන් පරාජයට පත්කිරීම බවත්, ලෝක කුසලානය සඳහා ඔවුන් ශක්තිමත්ව ආපසු පැමිණෙනු ඇතැයි ද Mohammad Nabi අනාවැකි පළ කළා.
බංග්ලාදේශයේ දුක්ඛිත ඉරණම

නමුත් ඔහුගේ පැමිණීම බංග්ලාදේශයේ දුක්ඛිත විස්සයි විස්ස වාර්තාවට සුළු වෙනසක් හෝ සිදු කළේ නැහැ. ඔවුන් ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව සමඟ පැවති තරග දෙකම පරාජය වූ අතර සුපිරි හතර දෙනාගේ වටයට පැමිණීමට අපොහොසත් වුනා.
Shakib Al Hasan ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති තරගයේ දී ලකුණු 13කට එක් කඩුල්ලක් දවා ගත් අතර ශ්‍රී ලංකා තරගයේ දී ලකුණු 24ක් රැස්කර ගැනීමට සමත් වුනා. බංග්ලාදේශය ඔවුන්ගේ අවසන් විස්සයි විස්ස තරගවල දී වාර්තා කළ 15 වැනි පරාජය මෙයයි.
Hindustan Times ඇසුරෙනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















