2017 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය අද (01) ඇරඹුණේ ආසියාවේ ප්‍රබලතම කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන්. එහි දී ශ්‍රී ලංකාව සහභාගී වූ තරග 3ක් අද පැවති අතර එහි දී ජපානය හමුවේ 33-05ක් ලෙස පරාජය වන්නටත්, චීන තායිපේ හමුවේ 52-05ක් ලෙස ජය ගන්නටත්, කොරියාව හමුවේ 22-14ක් ලෙස පරාජය වන්නටත් ඔවුන්ට සිදු විය.

හෙටත් පැවැත්වෙන තරගාවලියේ, ශ්‍රී ලංකාව අද සහභාගී වූ තරග විස්තර පහතින් ඔබ වෙත ගෙන එන්නෙමු.

ජොන්ග්, ශ්‍රී ලංකාව පහත හෙලයි

SLvKoreaතම කාණ්ඩයේ දෙවන ස්ථානය ස්ථාවර කර ගැනීම වෙනුවෙන් කොරියාව සහ ශ්‍රී ලංකාව තරග වැදුණි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවට තෙවන ස්ථානයෙන් නවතින්නට සිදු වූයේ ලකුණු 22-14ක් ලෙස කොරියාව හමුවේ පරාජය වීම හේතුවෙනි.

ඒ අනුව ශ්‍රී ලංකාව අනෙක් කාණ්ඩයේ දෙවන ස්ථානය ලබා ගන්නා කණ්ඩායම සමඟින් තරග වදිනු ඇත.

තරගය ඇරඹීමත් සමඟින් වේගයෙන් ඉදිරියට ගිය ශ්‍රී ලංකා නායක සුදර්ශන මුතුතන්ත්‍රි අතින් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා විය. එහි දී ප්‍රතිවාදී ක්‍රීඩක පෙළම පසුකර දිවයන්නට ඔහු සමත් විය. (ශ්‍රී ලංකාව 07-00 කොරියාව).

එහෙත් වැඩි කාලයක් තරගයේ ඉදිරිය ප්‍රතිවාදීන් හමුවේ තැබීමට අකමැති වූ කොරියානුවන් ඉක්මනින් ලකුණු අතරට පැමිණියේය. ඔවුන් ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්තනය අසාර්ථක වූ පසු ඊට යළිත් උත්සාහක දිනුමකින්ම ප්‍රතිචාර දක්වන්නට සුදම් සූරියආරච්චි සමත් වුනේ ප්‍රතිවාදියෙකු තමන්ව පසුපසට අදිද්දීත් නොනැවතෙමින් ගොස් යාන්තමින් උත්සාහක දිනුම් රේඛාවෙන් එහා පන්දුව ස්ථානගත කරමිනි. (ශ්‍රී ලංකාව 14-05 කොරියාව).

පළමු අර්ධය – ශ්‍රී ලංකාව 14 (2T 2C) – 05 (1T) කොරියාව

පළමු අර්ධය තමා සන්තක කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කොරියානුවන්ගේ දැඩි අභියෝගය දෙවන අර්ධයේ දී හිමි විය. ඊට සාර්ථකව මුහුණ දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිලිහුණේ ලකුණු 8කිනි.

එහි දී කොරියානු කණ්ඩායම තනිව ඉදිරියට ඇදගෙන ගියේ ජොන්ග් යොන්සික් ය. දෙවන අර්ධයේ දී ඔහු අතින් වාර්තා වූ උත්සාහක දිනුම් සංඛ්‍යාව දෙකකි. ඔහුට මනා සහයක් වෙමින් චැන්ග් යොන්ග්හොන්ග් ද උත්සාහක දිනුමක් වාර්තා කළ අතර තරගය ජය ගන්නට එම ලකුණු පරතරය ඔවුන්ට ප්‍රමාණවත් විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කොතෙකුත් උත්සාහ කළත් ප්‍රතිවාදී අභියෝගය ජය ගන්නට තරග කාලය ප්‍රමාණවත් නොවීය.

සම්පූර්ණ කාලය – ශ්‍රී ලංකාව 14 (2T 2C) – 22 (4T 1C) කොරියාව            

ඒ අනුව හෙට (02) ශ්‍රී ලංකා කණ්ඩායම අනෙක් කාණ්ඩයේ දෙවැන්නා සමඟින් තරග බිමට පිවිසෙන්නේ අර්ධ අවසන් පූර්ව තරගය සඳහායි.


ලංකාවෙන් චීන තායිපේට තවත් අමිහිරි මතකයක්

ප්‍රබල ආසියානු සත්සාමාජික රග්බි කණ්ඩායමක් වන ජපානය සමඟ පැවති පළමු තරගය පරාජය වීමෙන් පසු ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයන් අද (01) එහි අමිහිරි මතකය චීන තායිපේ කණ්ඩායමට විතැන් කළේ උත්සාහක දිනුම් 8ක් ඇතුළත්ව ලකුණු 52-07ක් ලෙස ඔවුන් පරාජය කරමින්.

ශ්‍රී ලාංකික සත්සාමාජික රග්බි ශෛලිය නැවතත් සිහියට ගනිමින් වේගවත් අයුරින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ධනුෂ් දයාන් හරහා පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර එය ප්‍රවර්තනය කෙරෙනු ලැබුණි. මීළඟ උත්සාහක දිනුම වාර්තා වුනේ තරින්ද රත්වත්තේ අතිනි.

චීන තායිපේ කණ්ඩායම තරගය තුළ වාර්තා කළ එකම උත්සාහක දිනුම ඉන් පසුව වාර්තා විය. එහි ප්‍රවර්තනය ද ඔවුන් සාර්ථක කර ගත්තත් තවත් උත්සාහක දිනුම් දෙකකින් ඊට පිළිතුරු දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු තත්වය තවදුරටත් ඉදිරියට ගෙන ගියේය.

පළමු අර්ධය – ශ්‍රී ලංකාව 26 (4T 3C) – 07 (1T 1C) චීන තායිපේ

දෙවන අර්ධය ද තමාගේ ආධිපත්‍යය යටතේම තබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන විට වර්ෂාව පතනය වූ අතර ඝර්ම කලාපීය රග්බි ක්‍රීඩාවේ කප්පිත්තන් වන ශ්‍රී ලාංකිකයන්ට තත්වය තවත් වාසිදායක විය.

කවිඳු පෙරේරා අතින් දෙවන අර්ධයේ පළමු උත්සාහක දිනුම වාර්තා වෙද්දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක නවීන් හේනකන්කානම්ගේ උත්සාහක දිනුමක් වාර්තා කළේ ප්‍රතිවාදී දුර්වලකමක් පහසුවෙන් යොදා ගනිමිනි. පසුව නැවතත් ක්‍රියාත්මක වූ දෙදෙනා පිළිවෙළින් උත්සාහක දිනුම බැගින් රැස්කළ අතර ශ්‍රී ලංකාවේ ජය ඒ වන විටත් තහවුරු වී තිබුණි.

සම්පූර්ණ කාලය – ශ්‍රී ලංකාව 52 (8T 6C) – 07 (1T 1C) චීන තායිපේ  

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය දකුණු කොරියාවට එරෙහිව පැවැත්වෙන්නේ අද (01) දිනය තුළ දී ම යි. උණුසුම් පුවත් සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්.


ආසියානු ප්‍රබලයා ශ්‍රී ලංකාවට බාධක දමයි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය අරඹමින් අද (01) ශ්‍රී ලංකාවත්, ප්‍රබල ජපාන කණ්ඩායමත් හොංකොං හිදී තරග වැදුණි. එහි දී ලකුණු 33-05ක් ලෙස පහසු ජයක් ලැබීමට ජපානය සමත් විය.

සාන්ත තෝමස් විද්‍යාලයට නව රග්බි පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙන්ම කොළඹ රාජකීය විද්‍යාලයේ සහ මරදාන…

තරගය ඇරඹී මිනිත්තු එක හමාරක් පමණ ගතවෙද්දී හොඳින් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් උත්සාහක දිනුමකට අවශ්‍ය මඟ සකසා ගත්තේය. එහි හිමිකරුවා වූයේ තරින්ද රත්වත්තේ යි. (ශ්‍රී ලංකාව 05-00 ජපානය).

පසුව ජපාන ක්‍රීඩක සියෝෆිසා ලිසාලා තම වේගය යොදාගෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අභිබවා යමින් ජපානයේ ලකුණු රැස්කිරීම ඇරඹුවේය. එහි ප්‍රවර්තනය අසාර්ථක වූවත් තරගය නැවත ඇරඹෙද්දීම යළිත් උත්සාහක දිනුම් රේඛාව පසුකළ ජපාන ක්‍රීඩකයෝ උත්සාහක දිනුමක් වාර්තා කොට එය ප්‍රවර්තනය කර ගත්හ. (ශ්‍රී ලංකාව 05-12 ජපානය).

පළමු අර්ධය – ජපානය 12 (2T 1C) – 05 (1T)  ශ්‍රී ලංකාව

දෙවන අර්ධය සාර්ථකව අරඹමින් ජපාන ක්‍රීඩකයන් උත්සාහක දිනුමක් වාර්තා කළේය. මසහිරෝ නකානෝ විසින් වාර්තා කළ උත්සාහක දිනුම ප්‍රවර්තනය විය. (ශ්‍රී ලංකාව 05-19 ජපානය).

ඉන් නොනැවතුණු ජපාන ක්‍රීඩකයන් මීළඟ මිනිත්තුවේ දී ම ඊළඟ උත්සාහක දිනුමත් වාර්තා කරමින් තරගයේ ඉදිරියටම ගියේය. එහි ප්‍රවර්තනය සාර්ථක වෙද්දී ජේඩන් ටුආ මැක්ස්වෙල් විසින් තවත් උත්සාහක දිනුමක් ජපානයට ලබා දුන්නේය. එය ද ප්‍රවර්තිතයි.

සම්පූර්ණ කාලය – ජපානය 33 (5T 4C) – 05 (1T) ශ්‍රී ලංකාව

ඒ අනුව ආසියානු ප්‍රබලයාට එරෙහිව ශ්‍රී ලංකාවේ ආසියානු සත්සාමාජික රග්බි ගමන මඳක් පසුබැසී අතර ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය චීන තායිපේට එරෙහිව අද දිනය තුළ දී ම පැවැත්වේ.

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට