නව වසරේ මලල ක්‍රීඩා පිටියේ වැඩ ඇල්ලීමට සියල්ල සූදානම්

ජාතික මලල ක්‍රීඩා පළමු තේරීම් තරගාවලිය 2022

398

ජාතික මලල ක්‍රීඩා පිටියේ 2022 තරග වාරය ආරම්භ කරමින් ජාතික මලල ක්‍රීඩා පළමු තේරීම් තරගාවලිය මේ සතියේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

2022 ආසියානු ක්‍රීඩා උළෙල සහ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට සුදුස්සන් තේරීම සඳහා පැවැත්වෙන පළමු තේරීම් තරගාවලිය වන මෙය බ්‍රහස්පතින්දා (10), සිකුරාදා (11) සහ සෙනසුරාදා (12) යන තෙදින තුළ පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු දිනය වන 10 වැනිදා කනිෂ්ඨ සහ ජාතික මීටර් 100, 400 සහ 1500 කාන්තා යන ප්‍රධාන ඉසව්වන්ගේ අවසාන තරග ඇතුළු ඉසව් කිහිපයක් පැවැත්වීමට නියමිත අතර දෙවැනි දිනයේ (11) කනිෂ්ඨ සහ ජාතික මීටර් 200, 800 සහ මීටර් 100X4 සහ 400X4 මිශ්‍ර සහය දිවීමේ තරග පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

තරගාවලියේ අවසන් දිනයේ දී (12) කනිෂ්ඨ සහ ජාතික  පිරිමි මීටර් 1500 අවසන් තරග, කාන්තා දුර පැනීම අවසන් තරග සහ 400X4 සහය දිවීමේ අවසන් තරග පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය ද කොරෝන වසංගත තත්වය යටතේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පැවැත්වෙන නිසාවෙන් සීමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් පමණක් සහභාගී කරවා ගැනීමට තීරණය කර තිබෙනවා.

මාස කිහිපයක විවේකයකින් පසුව නැවතත් ආරම්භ වන මලල ක්‍රීඩා තරගාවලියේ සියලූම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම් රැඳී සිටින්න අප සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<