කැනේඩියානු ලෝක කුසලාන පළමු ගෝලයේ සොඳුරු මතකය

190

කැනේඩියානු පිරිමි පාපන්දු කණ්ඩායමේ ඉතිහාසයේ පළමු ලෝක කුසලාන ගෝලය ආරම්භ වන්නේ බටහිර අප්‍රිකානු රටක් වන ලයිබීරියාවේ පැවති සිවිල් යුද්ධයෙන්.

ඒ ප්‍රචණ්ඩත්වයෙන් මිදී පලා ගිය Debeah සහ Victoria Davies  නතර වූයේ ඝානා රටේ ඉතා දුෂ්කර Buduburam අනාථ කඳවුරේ. ඔවුන් ජීවත් වුනේ චිප් බෝඩ් සහ රැලි ගැසුණු ලෝහවලින් තැනූ කුඩා මඩුවක. එහි දී මේ යුවලට පුතෙක් ලැබුණා. ඔහු Alphonso.

Alphonso Daviesට වයස අවුරුදු පහේ දී ඔහුගේ පවුල කැනඩාවේ Edmonton නගරයට සංක්‍රමණය වූ අතර ආරම්භයේ සිට ම පාපන්දු ක්‍රීඩා කළ Davies ඉක්මනින් ම දියුණු වුනා.

වයස අවුරුදු 14 දී  Vancouver නගරයට ගිය ඔහු Whitecaps පාපන්දු සමාජයේ නේවාසික වැඩසටහනට බැඳුණා. වයස අවුරුදු 15 දී ඔහු පාපන්දු ප්‍රධාන ලීගයේ ප්‍රථම වතාවට ක්‍රීඩා කළා.

වයස අවුරුදු 17 දී ජර්මන් පාපන්දු ඉතිහාසයේ වඩාත් ම සාර්ථක ක්‍රීඩා සමාජය වන Bayern Munich වෙත මාරු කෙරුණු ඔහු වයස අවුරුදු 18 දී මෙම ජර්මන් පාපන්දු දැවැන්තයන් වෙනුවෙන් පළමු වතාවට තරග පිටියට පිවිසියා.

වයස අවුරුදු 22 දී ,පසුගිය ඉරිදා රාත්‍රියේ, ඔහු කැනඩාව වෙනුවෙන් සිය දෙවැනි ලෝක කුසලාන පාපන්දු තරගය වන ක්‍රොඒෂියාවට එරෙහි තරගයට ක්‍රීඩා කිරීම ආරම්භ කළා.

මේ තරගය, 1986 වසරේ ගෝල රහිත තරග තුනකට පසුව ඉවත් වූ ලෝක කුසලාන පාපන්දු තරගාවලියකින් පසුව කැනඩාව සහභාගි වූ ඔවුන්ගේ පිරිමි පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පස්වැනි තරගය වුනා. (කැනඩාව මීට පෙර ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට ක්‍රීඩා කර තිබෙන්නේ එක් වතාවක් පමණයි. ඒ, 1986 තරගාවලිය).

කටාර්හි දී බෙල්ජියම හමුවේ කැනඩාවේ ආරම්භක පරාජයෙන් පසුව මේ තරගය කැනඩාව ජය ගත යුතු ම තරගයක් බවට පත්ව තිබුණා. (බෙල්ජියම සමග තරගයේ දී Daviesගේ පැනල්ටි පහරක් වළක්වා ගනු ලැබුවේ ජාත්‍යන්තර කීර්තිය අත්කර ගැනීමට ඔහුට තිබූ පළමු අවස්ථාව අවුරමින්).

තරග ආරම්භ කෙරෙන විසිල් හඬ නිකුත් වන විට හිරු බැස ගොස් බොහෝ වේලාවක් ගතව තිබුණු අතර සැම තැනම තිබුණේ ලෙහෙසියෙන් සසලවන තරමට නැඟෙන හඬක්.

ක්‍රොඒෂියාව පාපන්දුවට පහර දෙමින් තරගය ආරම්භ කර එසැණින් පන්දුව අහිමි කර ගැනීමෙන් පසුව කැනඩාවේ දකුණු පසු පෙළ ක්‍රීඩක Alistair Johnston එය සොයා ගත්තා. ඔහු ගෝල රකින ක්‍රීඩක Milan Borjan වෙත පන්දුව ලබා දුන්නා. තවත් සරණාගතයෙකු වන Borjanගේ පවුල ක්‍රොඒෂියානු නිදහස් සටනෙන් මිදී කැනඩාවේ Hamilton නගරයට පලා එන විට ඔහුගේ වයස වී තිබුණේ අවුරුදු 13ක්. Borjan පන්දුව පිටිය මැදට යන සේ පහරක් ගැසුවා.

දිගු දුරක සිට පැමිණි පන්දුව ලස්සනට පාලනය කර ගත්තේ පිටිය මැද සිටි Cyle Larin. ඔහු එය Tajon Buchananට පාස් කළා. ඒ වන විට ඉලක්කයක් බවට පත්ව නොසිටි Buchanan පන්දුව සමඟ වේගයෙන් ඉදිරියට ගියේ වෙරළ තීරයක් ගිල ගන්නා කුණාටුවක් විලසින්.

Buchanan ඉතාමත් නිවැරදිව ඔහුගේ වම් පැත්තට හරස් පහරක් එල්ල කරමින් පන්දුව ප්‍රතිවාදී බිමේ කොටුව තුළට යැවුවා. ඉදිරියට ගසා ගෙන පැමිණි Davies ඔහුගේ හිසෙන් පන්දුව පිලිගනිමින් ක්‍රොඒෂියානු ගෝල රකින්නාගේ දිග හැරුණු දෑත් පසුකර යන සේ පන්දුව දැල ඇතුළට එල්ල කළා.

වසර 36කට පසුව ඒ ගෝලය ලබා ගැනීමට ගත වූයේ තත්පර 67ක් පමණයි.

තරගයේ කලින් ම ලබා ගත් මේ අපූරු පෙරමුණ රැක ගෙන සිටීමට කැනේඩියානු ක්‍රීඩකයන්ට හැකි වුනේ නැහැ. තරගයේ තවත් බොහෝ වේලාවක් ඉතිරිව තිබුණු අතර පළපුරුදු ක්‍රොඒෂියානුවන් කැනඩාවේ ආරක්ෂක දැල තුලින් රිංගා යමින් විවේක කාලයට පෙර ගෝල දෙකක් ලබා ගැනීමට සමත් වුනා.

අවසානයේ කැනඩාවට අත්වූයේ ගොල් 4-1ක වේදනාකාරී පරාජයක්. ඒ සමඟ ඔවුන් මේ තරගාවලියේ සත්කාරක රට වන කටාර් කණ්ඩායම සමග මෙවර තරගාවලියෙන් කලින්ම ඉවතට විසි වුනා.

මේ ප්‍රතිඵලයත් සමඟ මෙවර තරගාවලියේ වයස්ගත ම ක්‍රීඩකයා වන කැනඩා කණ්ඩායමේ නායක 39 හැවිරිදි Atiba Hutchinsonගේ රට වෙනුවෙන් 100 වැනි තරගය නාස්ති වුනේ ඔහුගේ අවාසනාවට.

කෙසේ වෙතත්, කැනඩාවේ මේ පළමු ලෝක කුසලාන ගෝලයේ නොමැකෙන මතකයත් එයින් ලැබුණු සතුට සහ ත්‍රාසයත් කැනේඩියානු ක්‍රීඩාලෝලීන්ට සදාකල් අමතක නොවන්නක් වනු ඇත. එමගින් ඔවුන්ගේ කණ්ඩායමේ මෙවර තරගාවලියේ අසාර්ථකත්වය අභිබවා මේ සොඳුරු මතකය ඉස්මතු වනු ඇත.

තරගයෙන් පසුව ඒ පිළිබඳව කතා කිරීමට Davies නතර වුනේ නැහැ. නමුත් විශේෂයෙන් මේ ගෝලය එනතුරු සදාකාලිකව බලා සිටි අය ඇතුළු ඔහුගේ සමහර කණ්ඩායම් සගයින් නතර වී සිටියා.

අපේ රට වෙනුවෙන් අපට මේ ගෝලය ලැබෙන තුරු අපි බොහෝ කාලයක් බලාගෙන හිටියා,” යැයි Hutchinson ප්‍රකාශ කළා. “ලෝක කුසලාන පාපන්දු තරගාවලියක ක්‍රීඩා කරමින් බෝලය දැල පිටුපස වදින හැටි ගැන මම හැම විටෙකම සිහින දුටුවා.”

එය අතිවිශිෂ්ටයි. එය විශේෂ අවස්ථාවක්. අන්තිමේ දී ඒ පළමු ලෝක කුසලාන ගෝලය ලබා ගැනීම කැනේඩියානු පාපන්දු ක්‍රීඩාවේ විශාල ඉදිරි පියවරක් ලෙස හැඟෙනවා,” යැයි Johnston පැවසුවා.

පිරිමි හෝ කාන්තා හෝ වේවා ලෝක කුසලාන තරගාවලියකට පැමිණීම කුඩා  දෙයක් නෙවෙයි. එහි දී ගෝලයක් ලබා ගැනීම ඊටත් වඩා විශාල දෙයක්. විශේෂයෙන් බෙල්ජියම ට එරෙහි තරගයේ මගහැරුනු අවස්ථාවන්ගෙන් පසුව, කැනඩාව මේ තරගයේ දී ගෝලයක් ලබා නොගත්තේ නම් එය නියම කලකිරීමක් බවට පත්වන්නට ඉඩ තිබුණා.

මෙතරම් දිග දුරක් පැමිණ ඒ අවස්ථාව නොලැබුණා නම් එය කන්දක මුදුනට නැග ගත් විට එය මීදුමෙන් වැසී තිබෙනු දැක දැනෙන හැඟීමක් වන්නට ඉඩ තිබුණා.

ඒ වෙනුවට, සිය ජීවිතවල ලොකුම තරගයේ තත්පර 67ක් ගෙවුණු පසු මේ ධෛර්යමත් ක්‍රීඩකයින්ට සතුටු වන්නට අවස්ථාවක් ලැබුණු අතර ඔවුන් සමග මුළු රටක් ම සතුටු වුනා.

ඊළඟ ගිම්හානයේ දී කැනේඩියානු කාන්තාවන්ට ඔවුන්ගේ අවස්ථාව ලැබෙනවා. ඉක්බිති සිව් වසරකට පසුව පිරෙමින් නැවත වතාවක් තරග බිමට පිවිසෙන්නේ ලෝක කුසලාන පාපන්දු සත්කාරකයන් ලෙසින්. එවිට, වයස අවුරුදු 25 දී Alphonso Davies ඔහුගේ කණ්ඩායම නැවත වතාවක් මෙහෙයවනු ඇති අතර එය සිදු වනු ඇත්තේ ඔවුන්ගේ ම රටේ, ඔවුන්‌ගේ ම භූමියේ, කැනේඩියානු ක්‍රීඩාලෝලීන්ගෙන් පිරී ඉතිරෙන ක්‍රීඩාංගණයක.

සමහර සංචාර කිසිදා ඇත්තට ම අවසන් නොවන බවත් නමුත් ඒ සියලු සංචාරවලට ආරම්භයක් තිබෙන බවත් සහ තමන් ගමන ආරම්භ කළේ කෙසේ ද කියා මතක් කිරීම වැදගත් බවත් ඔහුට සහ ඔහුගේ කණ්ඩායම වටහා ගනු ඇත.

තමන් පැමිණි මගේ සෑම පියවරක් ම කොතරම් වැදගත් ද කියා අගය කළ හැකි වන්නේ චිප් බෝඩ් සහ රැලි ගැසුණු ලෝහවලින් තැනූ කුඩා මඩු, Edmontonහි හිමෙන් වැසුණු පාපන්දු පිට්ටනි සහ විදුලි ආලෝකයෙන් යුත් කටාර් දේශයේ ක්‍රීඩාංගණවලින් යුත් අතීතය දෙස ආපසු හැරී බැලීමෙන් පමණයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<