FA කුසලානයේ අවසන් පූර්ව වටයේ කාල සටහන නිකුත් කෙරේ

257

2018 FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ කාලසටහන නිකුත් කිරීම පසුගිය නොවැම්බර් 19 වැනිදා කොළඹ පාපන්දු නිවහනේ දී සිදු කෙරිණි.

දඬුවම් පහරේ බලයෙන් රිනවුන් පරදා පොලීසිය ඉදිරියට

2018 FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ රිනවුන් ක්‍රීඩා සමාජය…

වත්මන් ශූර යුධ හමුදා ක්‍රීඩා සමාජය, කොළඹ ක්‍රීඩා සමාජය, සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබුණු අතර එහි දී අවසන් පූර්ව තරග දෙක සඳහා කණ්ඩායම් තෝරා ගැනිණි. ඒ අනුව පළමු අවසන් පූර්ව තරගය සඳහා යුධ හමුදා ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජයත්, දෙවන අවසන් පූර්ව තරගය සඳහා කොළඹ ක්‍රීඩා සමාජය හා සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයත් තරග කරනු ඇත.

SLTB ක්‍රීඩා සමාජය ගෝල 2-0 ක් ලෙස පරාජය කරමින් යුධ හමුදා ක්‍රීඩා සමාජය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර බණ්ඩාර වරකාගොඩ, මොහොමඩ් ඉසඩින් හා කසුන් ප්‍රදීප් යුධ හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් දස්කම් දක්වන්නට සමත් විය.

ප්‍රබල සටනකට පසු සෝන්ඩර්ස් අවසන් 4 දෙනා අතරට

2018 FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ බන්ධනාගාර…

3-1 ක් ලෙස දඬුවම් පහර මගින් රිනවුන් ක්‍රීඩා සමාජය පරාජය කළ පොලිස් ක්‍රීඩා සමාජය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ගෝල රකින ක්‍රීඩක මහේන්ද්‍රන් දිනේෂ්ගේ සුපිරි දස්කම් නිසයි.

කසුන් ජයසූරියගේ සුපිරි ගෝල ද්විත්වයෙන් බලගැන්වුණු සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය බන්ධනාගාර ක්‍රීඩා සමාජය පරාජය කරද්දී, තියුණු සටනකට පසු දඬුවම් පහර 4-1ක් මගින් නිව් යන්ග්ස් පරාජය කළ කොළඹ ක්‍රීඩා සමාජය අවසන් පූර්ව අසුන වෙන් කර ගන්නට සමත් විය.

අවසන් පූර්ව තරග දෙකම කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

  • නොවැම්බර් 25 – යුධ හමුදා ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර – සවස 5.00
  • නොවැම්බර් 25 – සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය හා කොළඹ ක්‍රීඩා සමාජය අතර – සවස 7.30

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟින්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<