රන් මහා සටනේ පළමු දිනයේ වැඩි වාසිය මහානාමයට

708

කොළඹ මහානාම විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර පැවැත්වෙන රන් මහා සටන ක්‍රිකට් ගැටුමේ 12 වැනි දිගහැරුමේ පළමු දිනය අද (16) කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය විය.

රන් සටනට ඩී. එස්. සහ මහානාම ක්‍රීඩකයින් සූදානම්

ජයග්‍රහණ සපිරි තරග වාරයක් සමඟින් කොළඹ මහානාම විද්‍යාලය දොළොස්වැනි රන් මහා සටනට…

2007 වසරේ දී ඇරඹුණු රන් සටනේ වාර්තා වූ එකම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූයේ 2014 දී වමත් වේගපන්දු යවන බිනුර ප්‍රනාන්දුගේ නායකත්වයෙන් තරග කළ ඩී. එස්. සේනානායක විද්‍යාලයයි. අනෙක් සියලුම තරග ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

කාසියේ වාසිය දිනාගත් ඩී. එස්. සේනානායක විද්‍යාලයේ නායක විහාන් ගුණසේකර පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබා ගත්තා.

ඒ අනුව පළමුව පිටියට පැමිණි ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පළමු කඩුලු 5 ලකුණු 25ක් තුළ දවා ගැනීමට හේෂාන් හෙට්ටිආරච්චි ඇතුළු මහානාම ක්‍රීඩකයින්ට හැකි විය.

ඉන් අනතුරුව නායක විහාන් හා පිටියේ එක්වූ ශෙනාල් චන්ද්‍රසේකර 6 වැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක ලකුණු ප්‍රමාණයක් ඩී. එස්. විද්‍යාලය වෙනුවෙන් වාර්තා කළේ ඔවුන්ගේ විද්‍යාලය වැටී සිටි අවදානමෙන් තරමක් දුරට මුදවා ගනිමිනි. වර්ණවත් පිත්ත හසුරවමින් පිටිය පුරා ප්‍රහාර එල්ල කළ ශෙනාල්  ශෙනාල් 4 පහර 7ක් සමඟින් ලකුණු 56ක් ලබාගෙන අර්ධ ශතකක් කරා ගමන් කළේය එතෙක් වේලාවක් ඔහුට සහය වූ නායක විහාන් ලකුණු 45කට දැවී ගියේය.

බෝයගොඩගේ මංගල අර්ධ ශතකය සමඟින් ත්‍රිත්වයින් ප්‍රථම ඉනිම ජය ගනී

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වෙන…

කෙසේ නමුත් අවසානයේ ඩී. එස්. සේනානායක විදුහලේ පළමු ඉනිම ලකුණු 156කට සීමා වූයේ, හේෂාන් හෙට්ටිආරච්චි ඇතුළු මහානාම විද්‍යාල පන්දු යවන්නන් නිසාවෙනි.

පන්දු යැවීමේ දී හේෂාන් කඩුලු 4ක් දවා ගන්නා විට සොනාල් දිනූෂ හා හෂාන් සංදීප අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

ඩී. එස්. සේනානායක විද්‍යාලය සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 156ට පිළිතුරු ලෙස සිය පිළිතුරු ඉනිම ආරම්භ කළ මහානාම විද්‍යාලයේ පළමු කඩුල්ල ඉක්මනින්ම දවා ගැනීමට ඩී. එස්. සේනානායක විද්‍යාලයට හැකි විය.

දිනය අවසන් වන විට මහානාම විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 83ක් ලබාගෙන සිටින්නේ ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 73ක් පසුපසින් සිටිමිනි. නොදැවී ක්‍රීඩා කරන පැතුම් බොතේජු ලකුණු 39යි.

ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම – 156 (59): ශෙනාල් චන්ද්‍රසේකර 56, විහාන් ගුණසේකර 45, හේෂාන් හෙට්ටිආරච්චි 4/49, සොනාල් දිනුෂ 2/18, හෂාන් සංදීප 2/45.

මහානාම විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 83/3 (29): පැතුම් බොතේජු 39*, පවන්ත වීරසිංහ 31.

12 වන වරටත් පැවැත්වෙන රන් මහා ක්‍රිකට් ගැටුමේ දෙවන හා අවසන් දිනය හෙට (17) පැවැත්වෙන අතර එහි තරග වාර්තා, ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට‍ ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<