අර්ධ අවසන් පූර්ව තරග අද සහ හෙට කොළඹදී

352
FA cup Quater final

කාගීල්ස් ෆුඩ් සිටි අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන එෆ්.ඒ. කුසලාන

පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග දෙක අද (24දා) හා හෙට (25දා) පැවැත්වීමට නියමිතය.

තරග සජිවීව නරඹන්න පිවිසෙන්න

පසුගිය මැයි 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරග දෙක අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මැයි 20 වැනිදාට කල් දමා තිබුණද එම දිනයටත් පැවැත්වීමට නොහැකි වී තිබිණි.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව හා ගුවන් හමුදා තරගය අද (24දා) පස්වරු 2.30 සිටත්, සෝන්ඩර්ස්-බ්ලූස්ටාර් තරගය හෙට (25දා) පස්වරු 3.00 සිටත් කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වේ.

මෙම තරගාවලියේදී දැනටමත් රිනවුන් හා කලම්බු එෆ්.සී. කණ්ඩායම් අවසන් පූර්ව වටය සඳහා තේරී පත්ව ඇති අතර, එහිදී කලම්බු එෆ්.සී. හා මන්නාරම හිලරි අතර පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී කලම්බු එෆ්.සී. කණ්ඩායමේ බොද්රි දිමිත්‍රි ගෝල 7ක් (20, 28, 32, 76, 79 හා 80 වැනි විනාඩිවලදී) වාර්තා කිරීම කැපී පෙනුණි.

රිනවුන් හා ජාවාලේන් අතර පැවැති අනෙක් අර්ධ අවසන් පූර්ව තරගයේදී රිනවුන් කණ්ඩායම විසින් ගෝල 5-1ක් ලෙස ජාවාලේන් කණ්ඩායම පරාජයට පත්කර තිබිණි.

තවත් පුවත් සිංහලෙන් පිවිසෙන්න