උරුගුවේ කොරෝනා සටනට රග්බි ක්‍රීඩාංගණයක්

70

දකුණු ඇමරිකානු රග්බි ක්‍රීඩාවේ එක් ආභරණයක් වන Montevideo හි Estadio Charrúa ක්‍රීඩාංගණය COVID-19 වසංගතයට එරෙහි ගෝලීය සටන සඳහා භාවිතා කිරීමට තීරණය කර තිබේ. ඒ මෙම වයිරසයට ගොදුරු වීමේ අවදානමක් සහිත පුද්ගලයන්ට නවාතැන් සැපයීම සඳහායි.

2015 සහ 2019 රග්බි ලෝක කුසලානය සඳහා Los Teros හෙවත් උරුගුවේ ජාතික රග්බි කණ්ඩායමට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ ගොඩනැගිල්ල මේ කර්තව්‍යය සඳහා භාවිතා කිරීමට Unión de Rugby del Uruguay හෙවත් උරුගුවේ රග්බි සම්මේලනය තීරණය කර ඇත.

ඒ අනුව වෙනත් ආකාරයකින් අවදානමට ලක්විය හැකි නිවාස නොමැති පුද්ගලයන් මෙම ගොඩනැගිල්ල තුල රඳවා ගනිමින් කොරෝනා වයිරසය පැතිරීමට එරෙහි සටනේ ප්‍රධාන භූමිකාවක් ඉටු කිරීමට ඔවුන් සමත්ව ඇත.

ThePapare එදාමෙදා තුර හොඳම ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම

ශ්‍රී ලංකා හිටපු රග්බි ක්‍රීඩකයින්, වත්මන් රග්බි ක්‍රීඩකයින්, රග්බි විශේෂඥයින්, ….

“සාමාන්‍යයෙන් සරණාගතයින් වැනි එළියේ නිදා සිටින නිවාස නොමැති පුද්ගලයින් ක්‍රීඩාංගණය ඇතුළට යාමට පෙර පරීක්ෂා කරනු ලබන අතර ඔවුන්ට යම් රෝග ලක්ෂණයක් ඇත්නම් ඔවුන්ව Charrúa වෙත ගෙන එනවා. ඔවුන් පරීක්‍ෂාවට ලක් කර ප්‍රතිඵල ලැබෙන තෙක් මෙහි රැඳී සිටිනවා.” යනුවෙන් වෛද්‍ය වෛද්‍ය Marcelo Santurio පැහැදිලි කර ඇත. ඔහු උරුගුවේ රග්බි කණ්ඩායමේ වෛද්‍ය අධ්‍යක්ෂක වන අතර කණ්ඩායම් සමඟ සහ තරගාවලිවල දී මෙම ක්‍රීඩාංගණයේ කටයුතු කරයි. 

Estadio Charrúa ක්‍රීඩාංගණය 2011 සිට උරුගුවේ රග්බි ක්‍රීඩාවට සත්කාරකත්වය ලබා දී ඇති අතර එම කාලය තුළ බොහෝ වැඩිදියුණු කිරීම්වලට භාජනය වී ඇත. ඒවායින් බොහොමයක් දැන් වසංගතය අතරතුර නව අරමුණක් සොයාගෙන ඇත. නිදසුනක් වශයෙන් කාමර 17කින් යුත් නේවාසිකාගාරය මේ වන විට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

“පවතින ඉඩ ප්‍රමාණය අනුව, අපි මේ ස්ථානය පෙරනයක් ලෙස භාවිතා කරනවා. ඔවුන්ගේ කොරෝනා වයිරස් පරීක්ෂණවල ප්‍රතිඵලයක් නැවත පැමිණෙන තෙක් නිරෝධායනය කළ යුතු පුද්ගලයින් සඳහා සත්කාරකත්වය සපයනවා. අපිට ඔවුන් බලාගන්න හැකියාව තියනවා අපි ඔවුන් වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කරනවා. ඔවුන් රැකබලා ගන්නවා. පෝෂණය කරනවා. මේ දක්වා පැමිණි සියලු අය කොරෝනා වයිරසයට සෘණාත්මක ප්‍රතිඵලයක් පෙන්වුවා.” Santurio පැවසීය. 

“නමුත් මෙය ආරම්භය පමණයි. සීත කාලගුණය වේගයෙන් ළඟා වෙමින් පවතින බවත් මෙම කණ්ඩායම දිගටම වර්ධනය වන බවත් අපි දන්නවා.” 

උරුගුවේ රග්බි සම්මේලනයේ හි හිටපු සභාපති සහ වත්මන් Sudamérica Rugby උප සභාපති Marcello Calandra මෙම ක්‍රීඩාංගණය රටේ අර්බුද ප්‍රතිචාරය සම්බන්ධීකරණය කිරීම සඳහා ලබා දීමට අදහස් කර තිබුණි. 

උරුගුවේ පාපන්දු සංගමය සමඟ අත්වැල් බැඳගෙන 2011 දී ක්‍රීඩාංගණය භාර දෙන විට Marcello Calandra තීරණාත්මක කාර්‍යභාරයක් ඉටු කළේය. Sebastián Bauzá එවකට AUF හි සභාපතිවරයා වූ අතර දැන් ඔහු ජාතික ක්‍රීඩා ලේකම්වරයා වේ. ඒ කාලයේ සිට ඔවුන් අතර පැවති හොඳ සම්බන්ධතාවය තීරණාත්මක විය.

ගෙවතු වගා අභියෝගයට එන රග්බි ක්‍රීඩකයන්

ශ්‍රී ලංකාව තුළ මෙන්ම මුළුමහත් ලෝකය තුළම මේ දිනවල පැතිර යන නව කොරෝනා ……………..

මෙම වයිරසය සරණාගතයින් තුළ අන් අය සමඟ බෝවීම වළක්වා ගැනීමට අවදානමට ලක්වූවන්ට උපකාර කිරීම සඳහා MIDES – සමාජ සංවර්ධන අමාත්‍යාංශය හරහා පද්ධතියක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලදි.

“මෙවැනි ක්‍රියා සිදු කරනු ලබන්නේ නිවැරදි හේතු මත. මෑතක දී විවිධ හේතු නිසා රග්බි ක්‍රීඩාවට පහර වැදී තිබුණා. එබැවින් ක්‍රීඩාව දැන් උපකාරක ස්ථානයක් ගැනීම වැදගත්.” Calandra පැවසීය. වෙනත් ක්‍රීඩා ද විවිධ සුබසාධන ක්‍රියාකාරකම් සඳහා සහාය වන බව ඔහු තවදුරටත් කියා සිටියේය. 

තවත් හිටපු උරුගුවේ ප්‍රොප් ක්‍රීඩක හා එරට රග්බි සම්මේලනයේ හිටපු සභාපති Antonio Vizintínගේ බලපෑම සමඟ සමාජ ශාලා සහ උදව් කිරීමට කැමති පුද්ගලයින්ගේ ආධාර රැස්කිරීමෙන් අනතුරුව නිත්‍ය සේවාවක් පවත්වා ගැනීමට ප්‍රමාණවත් ආහාර ලැබී තිබුණි. Estadio Charrúa හි විශාල මුළුතැන්ගෙය යොදාගනිමින් රජයට කිසිදු වියදමකින් තොරව බෙදා හැරීම සඳහා දිනකට ආහාර වේල් 100ක් ලබා දීමට ඔවුන් සමත්ව ඇත. 

“රටක විශාල අවශ්‍යතාවයක් පවතිනවා. එක් ව්‍යාපාරිකයෙක් තැටි 2500ක් පරිත්‍යාග කළා. අපි අවම වශයෙන් සති තුනක සේවා කාලයක් සඳහා කැපවීමට හැකි වන පරිදි ආහාර ද්‍රව්‍ය ගබඩා කර තිබෙනවා. මේ සියල්ල උරුගුවේ රග්බි සම්මේලනය විසින් මෙහෙයවනු ලබන්නේ සමාජශාලා වල සහයෝගයත් එක්ක.” 

Estadio Charrúa විසින් මෙම අනපේක්ෂිත අමුත්තන්ට ලබා දෙන දේ රැඳවුම් ප්‍රදේශයකට වඩා වැඩි බව Calandra පෙන්වා දෙයි. 

“සමහර විට එය පරීක්ෂා කිරීමකට වඩා වැඩි දෙයක්” ඔහු පැවසීය. “මෙම පුද්ගලයින්ට ජීවිත කතාන්දර ඇති අතර ඒවා ඇසිය යුතුයි. සමාජ කුසලතා නැති වූ සහ මතභේද අවශ්‍ය පුද්ගලයින්. ඔවුන් එහි සිටින්නේ මන්දැයි අපි මුලින්ම ඔවුන්ට පැහැදිලි කළ යුතුයි. පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය ඔවුන්ට පැහැදිලි කළ යුතුයි.” 

මෙම ප්‍රොටෝකෝලය මඟින් නිවාස නොමැති අය ගිලන්රථවලින් රාත්‍රියේ දී ගෙන ඒම අවශ්‍ය වේ. සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් මෙම ස්ථානය නිතිපතා පිරිසිදු කරනු ලැබේ.

සුපිරි All Blacks ක්‍රීඩකයෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග

COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතවූවන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ……..

Santurio හට වෛද්‍යවරයකු වශයෙන් මෙය අද්විතීය අත්දැකීමක් වී ඇත. 

“අපි මෑතක දී මෙම වැඩසටහන දියත් කළා. එහි දී අපට ලැබෙන සහයෝගය දැකීම දිරිගන්වන සුළුයි.” උරුගුවේ රග්බි සම්මේලනයේ සභාපති Santiago Slinger පැවසීය.

“ක්‍රීඩා සමාජ විවිධාකාරයෙන් උදව් කරනවා. රග්බි ක්‍රීඩාව දැඩි අවශ්‍යතා ඇති අයට සහයෝගය ලබා දෙනවා.”

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<