පොලිසියට තවත් ෆීජී සහයක්

80

ආබාධයකට ලක්ව සිටින ඉමොසි වුනිවෝසා වෙනුවට තවත් ෆීජී ක්‍රීඩකයෙකු වන Eroni Vucargo පොලිස් ක්‍රීඩා සමාජය හා එක්ව තිබෙනවා. ඔහු 2019/20 ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලිය අවසන් වන තෙක් පොලිස් ක්‍රීඩා සමාජය සමඟින් ක්‍රීඩා කරනු ඇත.

පොලිස් ප්‍රහාරයෙන් CHට අසාධ්‍යයි

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තරගයකින් CH&FC කණ්ඩායම….

Eroni Vucargo පසුගිය සතියේ දී ශ්‍රී ලංකාවට පැමිණියේ පොලිස් කණ්ඩායමේ මැද පෙළ සවිමත් කිරීමේ අරමුණින්. ෆSජී ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායමේ ද ක්‍රීඩා කර ඇති 29 හැවsරිදි Eroni Vucargo වේගවත් ක්‍රීඩා විලාසයට නම් දැරූ ක්‍රීඩකයෙක්.  

මේ අතර පළමු වටයේ යුධ හමුදාව සමඟ තරගයේ දී පොලිස් ක්‍රීඩක ඉමොසි වුනිවෝසා ආබාධයකට ලක් වූ අතර ඔහු තවමත් ඉන් සුවය ලබා නැහැ. පොලිස්  ක්‍රීඩා සමාජයේ කළමනාකාරිත්වයෙන් ලැබෙන ආරංචි මාර්ගවලට අනුව ඔහුට සති දෙකක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇත. 

Eroni Vucargo CH&FC කණ්ඩායමට එරෙහිව පැවැත්වුණු තරගයේ දී පළමු වරට පොලිස් වර්ණ වෙනුවෙන් ක්‍රීඩා කළ අතර ඔහුට එහි දී උත්සාහක දිනුමක් ද තමන්ගේ නමට ලියා ගැනීමට හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකා රග්බි නීති රීති වලට අනුව එක් කණ්ඩායමකට ක්‍රීඩා කළ හැක්කේ එක් විදෙස් ක්‍රීඩකයෙකුට පමණක් වන අතර Eroni Vucargo හා වුනිවෝසා අතරින් කෙනෙක් තෝරා ගැනීම පොලිස් පුහුණුකරුවන්ට ඉතා අපහසු වනු ඇත.

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සති අටක් අවසානයේ පොලිස් ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටියි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<