“එරික් හුලංගමුව” කුසලානය මාතලේට

282
Eric Kulangamuwa Trophy won by Mathale St. Thoma's College

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා මාතලේ ගුරුතලාව සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම් අතර වාර්ශිකව පවත්වනු ලබන ‘එරික් හුලංගමුව’ ශූරතා කුසලාන හොකී තරගාවලිය අද (24) කොළඹ 07 හොකී ක්‍රීඩාංගනයේදී පැවැත්විය.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායමේ බලාපොරොත්තු සුන් වෙයි

දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලියේ පළමු තරගාවලිය පසුගිය වසරේදී මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය විසින් සංවිධානය කල අතර මෙම වසරේදී එය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබීය.

ප්‍රථමයෙන් පැවැත්වුනු වයස අවුරුදු 15න් පහළ තරගයේ, පළමු අර්ධයේදී දෙපිලම ගෝල රැස් කරගනිමින්ද, දෙවන අර්ධයේදී දෙපිලම ගෝල රැස් කිරීමට සමත් නොවූයෙන්ද එම තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

ඉන් පසුව ආරම්භ වූයේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය හා ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම් අතර වයස අවුරුදු 19න් පහළ තරගයයි. ප්‍රථම අදියරේදී තරගයේ සියලූම වාසිය තම කණ්ඩායම වෙත නතු කරවා ගන්නට ගුරුතලාව සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩක ටී. සී. එස්. බණ්ඩාර සමත්වුයේ  එම තරගය පුරාවට වාර්තා වූ එකම ගෝලය වාර්තා කරමිනි.

කෙසේ හෝ දෙවන අර්ධයේදී ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රීඩකයින් නැවත තරගයට අවතීර්ණ වෙමින් ආක්‍රමණශීලීව ක්‍රීඩා කරනු දකින්නට ලැබුනත් ගුරුතලාව තෝමස් ක්‍රීඩකයින් විසින් ඒ සියලු අවස්තාවන් වළක්වනු ලැබීය. එම තරගයේ ජය ගුරුතලාව සාන්ත තෝමස් ක්‍රීඩකයින් විසින් හිමිකරගනු ලැබුවේ ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රීඩකයින් ගෝල 1-0 ලෙස පරාජයට පත් කරමිනි.

තරගයේ ජය සංකේත හා සහතික පත්‍ර ප්‍රදානය විදුහල් දෙකේ විදුහල්පතිවරුන් හා ආදී ශිෂ්‍යයින්ගේ සහභාගීත්වයෙන් සිදු වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ආදී ශිෂ්‍ය අවුශ ගුණසේකර මහතා සහභාගී විය.

වයස අවුරුදු 19න් පහළ හොකී තරගය ජයගත් ගුරුතලාව සාන්ත තෝමස් කණ්ඩායම විසින් එරික් කුලංගමුව අභියෝගතා කුසලානය දිනා ගනු ලැබීය.

මේ අතර වයස අවුරුදු 15න් පහළ තරගයේ හොඳම ක්‍රීඩකයාට හිමි කුසලානය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ඩී. ජේ. පෙරමුණ විසින් දිනා ගනිද්දී වයස අවුරුදු 19න් පහළ හොදම ක්‍රීඩකයා ලෙස මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ ටී. සී. එස්. බණ්ඩාර නම් කරනු ලැබීය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට