ශ්‍රී ලංකාවට හිසරදයක් වූ ජිමී නිෂම් ඊළඟ තරගයට නැහැ

100

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ජිමී නිෂම් හට ශ්‍රී ලංකාව සමඟ සිකුරාදා පැවැත්වෙන එකම විස්සයි විස්ස තරගය අහිමි වනු ඇත. ඒ ඔහු පළමු මට්ටමේ කලවය ආශ්‍රිත ආබාධයකට ලක් වීම නිසයි.

අද (8) ශ්‍රී ලංකාව සමඟ පැවැත්වුණු තෙවන එක්දින තරගයේ දී ඔහු මෙම ආබාධයට ලක් වූ අතර නවසීලන්ත කණ්ඩායම එහි දී ශ්‍රී ලංකාව ලකුණු 115කින් පරාජය කරමින් තරගාවලිය 3-0ක් ලෙස ජය ගන්නට සමත් විය.

නවසීලන්තයේ සිට ඕස්ට්‍රේලියාවට යද්දී එක්කෙනෙක් හැලේ

ජනවාරි මස 24 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා

2017 ශූරයින්ගේ කුසලානයෙන් පසුව වසරක විරාමයකින් පසු නවසීලන්ත කණ්ඩායමට පිවිසුණු නීෂම් මෙම තරගාවලියේ දී තුන් ඉරියව්වෙන්ම විශිෂ්ට දස්කම් දැක්වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මහත් හිසරදයක් වෙමිනි.

පළමු තරගයේ දී ඔහු පන්දු 13ක දී ලකුණු 47ක් රැස් කළේ තිසර පෙරේරාට එරෙහිව එක් පන්දු වාරයක දී හයේ පහර පහක් වාර්තා කරමිනි. ඉන්පසු දෙවන තරගයේ දී ඔහු ලකුණු 64ක් වාර්තා කළේ තරග තුනේ දී ම කඩුලු හයක් ද ලබා ගනිමිනි.

තිසර නැවතත් දස්කම් දක්වද්දී ශ්‍රී ලංකාවට පූර්ණ පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ එක්දින තරගාවලියේ තෙවැනි හා

නවසීලන්ත භෞත චිකිත්සක විජේ වලබාහ් මහතා ICC වෙබ් අඩවියට මෙසේ අදහස් පළ කර තිබුණා. “ජිමී පන්දු යැවීමේ දී ආබාධයකට ලක් වීම නිසා පන්දු යැවීම නවතා ප්‍රතිකාර සඳහා පිටියෙන් ඉවත් වුනා. ඔහුට අදාළ ප්‍රතිකාර කළා සහ ටික දිනකින් ඔහු ආපසු සුව අතට හැරේවි.”

ශ්‍රී ලංකාව සමඟින් එක්දින තරගාවලියට ද නම් කර සිටි ඩග් බ්‍රේස්වෙල් නිෂම් වෙනුවට විස්සයි විස්ස කණ්ඩායමට එක්වනු ඇත.

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <