ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායමේ බලාපොරොත්තු සුන් වෙයි

279
Sydney International Badminton: Sri Lankans restricted

ලී-නින්ග් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ තරගාවලිය සැප්තැම්බර් මාසයේ 14 වනදා සිට 17 වනදා දක්වා සිඩ්නි නුවර ඔලිම්පික් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්විය. මෙයට  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉෂාදිකා කවිදී, බුවනෙක ගුණතිලක, සචින් ඩයස් හා තිළිනි ප්‍රොමෝදිකා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී විය.

පසුගිය ලිපි: නිලූකගේ සිහිනය 2020 ඔලිම්පික් තරගාවලියයි

මෙම තරගාවලිය ලෝක බැඩ්මින්ටන් සංගමය යටතේ පවත්වන ශ්‍රේණිගත කිරීම් ක්‍රියාවලියේ කොටසක් වන අතර තරගාවලියේ ප්‍රථම දිනයේදී කාන්තා කේවළ වටයේ සුදුසුකම් ලැබීමේ තරග පැවැත්විය. එයට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 560වන ස්ථානයේ පසුවන ඉෂාදිකා සහභාගී වූ අතර ඇය සමඟ තරග වැදුනු ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාට එරෙහිව ඉෂාදිකා ලකුණු 21-12 හා 2115ක් ලෙසින් ජයගැනීමට සමත් විය.

එම තරගයෙන් පසුව තිළිනි සහ සචින් සුදුසුකම් ලැබීමේ යුගල මිශ්‍ර තරගයකදී ඕස්ට්‍රේලියාවේ සෙසිලි ෆින්ග් හා ඉන්දුනීසියාවේ විලියම් හර්ඩ්ජානෝඕට එරෙහිව තරග වැදිනි. එහිදී පළමු අදියරේදී සාර්ථකත්වයට පත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 21-06 හා 21-10 ලෙසින් ජයග්‍රහණය වාර්තා කරනු ලැබීය.

එහෙත් එම සුදුසුකම් ලැබීමේ දෙවන වටයේදී මිශ්‍ර යුගල කණ්ඩායමට එතරම් සාර්ථකතවයක් ලබා ගැනීමට කොරියානු මිශ්‍ර යුගළ කණ්ඩායම අවස්තාවක් ලබා නොදුන් අතර කොරියානූ ක්‍රීඩක යුවල එම තරගය ජයග්‍රහණය කරනු ලබන්නේ 17-21, 12-21 හා 17-21 ආදී වශයෙනි.

කෙසේ වෙතත් දෙවන මිශ්‍ර යුගළ තරගය ඉෂාදිකා හා බුවෙනක, කොරියාවේ පාක් කිඔන් නම් සහ පාක් සූ හුආන් සමඟ තරග වැදුනු අතර එහි ලකුණු සටහන 21-14 හා 21-16 ලෙසින් දැක්විය.

තිළිනි හෙදහේවා විසින් ඇයගේ පලමු කේවළ තරගය ජපානයේ ශිඔරී සයිටෝට එරෙහිව ක්‍රීඩා කල අතර අවාසනාවකට ජපාන ක්‍රීඩිකාව ලකුණු 21-10 හා 21-14 ලෙස තිළිනි පරාජයට පත් කරනු ලැබීය.

පසුව පැවැති ඉෂාදිකාගේ දෙවන කේවළ තරගය චීනයේ මැන්ලින්ග් යන්ග් හමුවේ පැවතියේය. එය ඉෂාදිකා විසින් පරාජයට පත් වූ අතර එහි ලකුණු සටහන දැක්වූයේ 21-13, 15-21 හා 21-13 ලෙසිනි.

පසුව සචින් විසින් කේවළ සුදුසුකම් ලැබීමේ තරගයක් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇන්තනී ජෝ සමඟ ක්‍රීඩා කල අතර සචින් විසින් ඇන්තනී ජෝ හමුවේ ලකුණු 21-16, 15-21 හා 21-13 ලෙසින් පරාජයට පත් විය.

එදිනම බුවෙනක ගුණතිලක විසින් චීන තායිපේ ක්‍රීඩක චූන් වෙයි චෙනල්සෝ හමුවේ තරග වැදුනු අතර 21-17 හා 21-17 ලෙසින් බුවනෙක පරාජයට පත් විය.

මේ අතර කාන්තා යුගල තරගය සදහා තරග වැදුනු ඉෂාදිකා සහ තිලිනි හට චීන ජාතික ක්‍රීඩක යුවළක් හමුවේ සාර්ථකත්වයක් ලබා ගැනීමට නොහැකි වූ අතර එම තරගය 21-19 හා 21-18 ලෙස චීන ජාතික කණ්ඩායම ජය ගනු ලැබීය .

පලමු දිනයේ අවසාන තරගය ලෙස පිරිමි යුගල කණ්ඩායම වන සචින් හා බුවනෙක, ඕස්ට්‍රේලියානු යුගල කණ්ඩායම 21-11 හා 21-15 ලෙස පරාජයට පත් කරනු ලැබීය.

මේ අතර පිරිමි යුගල තරගයක් ක්‍රීඩා කල සචින් හා බුවනෙක විසින් ඕස්ට්‍රේලියාවේ චම් චෙන් හා ශිනන් ලියු 21-10 හා 21-08 ක් ලෙසින් පරාජය කරනු ලැබීය. මේ අතර චීනයේ ගාඕක්ස් ඉයන්ෆූ  සමග තරග වැදුනු සචින් එම තරගය මුලු ලකුණු 08කින් පරාජයට පත් විය. එම ලකුණු සටහන 17-21 , 21-19 හා 21-10 ලෙස සදහන් විය.

සුදුසුකම් ලැබීමේ වටයේ තෙවන අදියරේදී පිරිමි යුගල අවසාන තරගයක් ක්‍රීඩා කල සචින් හා බුවෙනක, කොරියාවේ ඩොන්ග් හූන් හා ලී සූන් සමග තරග වැදුනු අතර අවාසනාවකට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හට එහිදී ලකුණු 8කින් කොරියානූ ක්‍රීඩකයින් හමුවේ පරාජයට පත්විය. එම තරගයේ ලකුණු පුවරුව 14-21 , 21-17 සහ 21-10ක් ලෙස දැක්විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට