London Spirit හි නායකත්වය Morganට

එංගලන්ත The 100 තරගාවලිය

424

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ‘පන්දු 100’ ක්‍රිකට් තරගාවලිය හෙවත් ‘The 100’ තරගාවලිය 2021 වසරේ දී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා සහභාගී වන London Spirit කණ්ඩායමට මීට පෙර ඇතුළත්ව සිටි Eoin Morgan සහ Heather Knight තවදුරටත් එම කණ්ඩායම් වල රඳවා ගැනීමට London Spirit කළමනාකාරීත්වය තීරණය කර ඇත.  

2019 වසරේ දී පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී එංගලන්තය වෙනුවෙන් ශූරතාවය ජයග්‍රහණය කිරීමට Eoin Morgan නායකත්වය සැපයූ අතර Heather Knight 2017 කාන්තා ලෝක කුසලානය එංගලන්තයට ගෙන ඒමට නායකත්වය සැපයීය. London Spirit කණ්ඩායමේ මෙම තීරණයත් සමඟින් ඔවුන් The 100 තරගාවලියේ පිරිමි සහ කාන්තා කණ්ඩායම් වල නායකයන් ලෙස කටයුතු කිරීමට නියමිතය. 

2020 වසරේ ගිම්හානයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ The 100 තරගාවලිය කොරෝනා වෛරසය හේතුවෙන් 2021 වසර දක්වා කල්දැමීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කළේය. 

කණ්ඩායම් සංයුතිය ප්‍රකාශයට පත්කරමින් London Spirit කණ්ඩායම Dan Lawrence සහ Naomi Dattani ද තම කණ්ඩායමේ ක්‍රීඩා කරනු ඇති බව තහවුරු කර තිබිනි. 

මීට පෙර එම කණ්ඩායම විසින් නිකුත් කළ නිවේදනයක් මඟින් Zak Crawley සහ Deandra Dottin තම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත බව පවසා තිබිනි. ඒ අනුව London Spirit කණ්ඩායමේ පිරිමි සහ කාන්තා කණ්ඩායම් සඳහා ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනෙකු බැගින් ඇතුළත්ව තිබේ. 

“London Spirit කණ්ඩායමේ නායකයා විදිහට මාව රඳවාගන්න ඔවුන් ගත් තීරණයට මම ස්තූතිවන්ත වෙනවා. මම හිතනවා අපිට ඉතාමත් හොඳ සංචිතයක් ඉන්නවා. ඒ වගේම මේ අළුත් ආකෘතිය ඉතාමත් ආකර්ෂණීය එකක් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. 2021 වසරේ දී එංගලන්තයේ දී මේ ආකෘතියෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ වගේම පුහුණු කාර්‍ය මණ්ඩලයේත් දක්ෂ පුද්ගලයන් ඉන්නවා. මේක ඉතාමත් හොඳ තරගාවලියක් වේවි.” Eoin Morgan මෙම තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේය. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:  

London Spirit කණ්ඩායම තමන් තවදුරටත් රඳවා ගැනීමට තීරණය කිරීම පිළිබඳව Heather Knightද අදහස් දක්වා තිබිනි. 

“ලබන වසරේ මේ තරගාවලිය සඳහා නායකයා ලෙස මාව රඳවා ගන්න ඔවුන් ගත් තීරණය මට සැබෑ ගෞරවයක්. අපි දැන් ප්‍රබල කණ්ඩායමක් ගොඩනඟා ගන්න පටන් ගෙන තියෙන්නේ. තරගාවලියේ සැබෑ බලපෑමක් ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වසරේ දී තරගාවලිය පවත්වන්න නොහැකි වීම කණගාටුවට කරුණක්. The 100 තරගාවලිය ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ නව පෙරළියක් වේවි කියලා මම හිතනවා. මම බලාගෙන ඉන්නවා නායකයා විදිහට කණ්ඩායමත් එක්ක මේ තරගාවලියට මුහුණදෙන්න.”  

The 100 තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් අටක් සහභාගී වීමට නියමිතව ඇති අතර පසුගිය වසරේ කණ්ඩායම් අතුරින් එළඹෙන තරගාවලිය සඳහා ද රඳවා තබා ගන්නා ක්‍රීඩකයන් නිවේදනය කිරීම සඳහා එළඹෙන ජනවාරි මාසය දක්වා කාලය ලබා දී තිබේ. එම කාලය අවසන් වීමෙන් පසුව එක් එක් කණ්ඩායම් සඳහා ‘Right to Match’ අවස්ථාවක් හිමි වන අතර අවසානයේ දී තරගාවලිය සඳහා සහභාගී වන අවසන් සංචිතය තෝරාගැනීම සඳහා Wildcard ක්‍රමයක් අනුගමනය කිරීමට නියමිතය. 

මේ අතර තරගාවලිය සඳහා සහභාගී වන කාන්තා කණ්ඩායම් හි ක්‍රීඩිකාවන්ට තම කොන්ත්‍රාත්තු අවසන් කිරීමට 2021 වසරේ සැප්තැම්බර් මස අවසානය දක්වා කාලය ලබා දී තිබේ. එයට අමතරව Open Market ක්‍රමයක් හරහා සෙසු ක්‍රීඩිකාවන් තෝරාගැනීමට නියමිතය. 

Eoin Morgan සහ Heather Knight

මේ දක්වා තහවුරු කර ඇති සංචිත මෙසේයි,

LONDON SPIRIT 

  • ක්‍රීඩිකාවන්: Naomi Dattani, Deandra Dottin, Heather Knight 
  • ක්‍රීඩකයන්: Zak Crawley, Dan Lawrence, Eoin Morgan 

BIRMINGHAM PHOENIX 

  • ක්‍රීඩිකාවන්: Sophie Devine, Amy Jones 
  • ක්‍රීඩකයන්: Moeen Ali, Chris Woakes, Dom Sibley 

MANCHESTER ORIGINALS 

  • ක්‍රීඩිකාවන්: Kate Cross 
  • ක්‍රීඩකයන්: Jos Buttler 

NORTHERN SUPERCHARGERS 

  • ක්‍රීඩිකාවන්: Katie Levick, Lauren Winfield-Hill, Hollie Armitage 
  • ක්‍රීඩකයන්: Adil Rashid, Ben Stokes, David Willey 

OVAL INVINCIBLES

  • ක්‍රීඩිකාවන්: Fran Wilson 
  • ක්‍රීඩකයන්: Sam Curran, Rory Burns 

SOUTHERN BRAVE 

  • ක්‍රීඩිකාවන්: Anya Shrubsole, Stafanie Taylor 
  • ක්‍රීඩකයන්: Jofra Archer 

TRENT ROCKETS 

  • ක්‍රීඩිකාවන්: Katherine Brunt, Nat Sciver, Elyse Villani 
  • ක්‍රීඩකයන්: Rashid Khan, Alex Hales, Joe Root 

WELSH FIRE 

  • ක්‍රීඩිකාවන්: Katie George 
  • ක්‍රීඩකයන්: Ollie Pope 

Cricbuzz ඇසුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<