ශ්‍රී ලංකාව සමච්චලයට ලක් කළ එංගලන්ත ක්‍රීඩිකාවෝ T20 කිරුළත් දිනති

485

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් ද අද (28) ලකුණු 96ක සමච්චල් පරාජයක් කොළඹ දී අත්වින්දේය. පිරිමි කණ්ඩායම සේම පරාජයේ පතුලටම ඇද වැටී සිටින කාන්තා කණ්ඩායම ද එංගලන්ත කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පිට පිටම ලද 6 වැනි ජාත්‍යන්තර තරග පරාජය ලෙසින් ද මෙම පරාජය සනිටුහන් විය.

එංගලන්ත ක්‍රීඩිකාවෝ වේලාසනින්ම තරගාවලිය නිමා කරති

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නොනවතින පරාජයන් රැල්ලට හසු වූ තවත් එක් තරගයක් බවට පත්වෙමින් සංචාරක එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා…

2021 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවති තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ද 3-0ක් ලෙස ජය ගත්‍ සංචාරක ක්‍රීඩිකාවෝ විස්සයි විස්ස තරගාවලියේ දී ද ශ්‍රී ලංකාවට පූර්ණ සුද්දයක් දමන ලද්දේ එකම තරගයක දී වත් ජයග්‍රහණයේ අසලට හෝ පැමිණීමට කිසිම අවස්ථාවක් ලබා නොදෙමිනි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුගේ ආරාධනය සමඟින් ප්‍රථමයෙන් පිතිප්‍රහාරය දියත් කළ සංචාරක එංගලන්ත කණ්ඩායම, සත්කාරක පන්දු යවන්නියන්ට එලව එලවා බැට දෙමින් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු දෙකකට ලකුණු 204ක දැවැන්ත ඉනිමක් ගොඩ නැංවීය. පිතිකරණයට මෙන්ම පන්දු යැවීමට ද එක සේ හපන් එංගලන්ත පන්දු යවන්නියන් හමුවේ ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට ලකුණු 10කට වඩා වැඩි දල වේගයක් රඳවා තබා ගත යුතු වූ අදාළ හඹා යෑමේ දී බාලාංශ දක්ෂතාවයන්වලින් හෙබි ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට රැස්කර ගත හැකි වූයේ පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 108ක් පමණි.

කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගයේ දී මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 46ක් ලෙසින් සටහන්ව තිබිය දී ඉදිරි පෙළ පිතිකාරිණියන් 5 දෙනාම අඩු ලකුණුවලට දැවී යද්දී අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි හංසිමා කරුණාරත්න පමණක් ලකුණු 44ක් රැස් කළාය. සිය කණ්ඩායමේ පරිණත ක්‍රීඩිකාවන් වැල නොකැඩී ආපසු ක්‍රීඩාගාරය වෙත පිය නගද්දී පන්දුවාර 20 අවසන් වන තෙක්ම සිය අන්තය ආරක්ෂා කර ගත් හංසිමාගේ ඉනිම නොවන්නට ශ්‍රී ලංකාවට ලකුණු 100 කඩඉම ඉක්මවීමට නොහැකිවනු නියතය.

කාන්තා ලෝක කුසලාන වරමත් ‘හබක්’

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මෙරට තරග සංචාරය ශ්‍රී ලංකාව පැති කිහිපයකින්ම වැදගත් වූ තරගාවලියක් විය. 2021 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට්…

ඉදිරිපෙළ පිතිකාරිණියන් 6 දෙනාගෙන් හංසිමා හැරෙන්නට ලකුණු 10 සීමාව ඉක්මවූ එකම පිතිකාරිණිය වූයේ නායිකා චමරි අපත්තු (10) පමණි. ඒ හැරෙන්නට අනෙක් සියල්ලෝම දුරකථනයේ සටහන්ව තිබෙන අංක ඉක්මවාලීමට අසමත් වූහ. කඩුලු 5ට ලකුණු 46ක්ව සටහන්ව තිබිය දී හංසිමාට එක්වූ කඩුලු රකින ක්‍රීඩිකා ඩිලානි මනෝදරා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 36ක සම්බන්ධතාවක් පැවැත්වීමට දායකත්වය දැක්වූවාය. පන්දු 20කට මුහුණ දුන් ඩිලානි මනෝදරා හතරේ පහරක් සමඟ ලකුණු 17ක් රැස්කර ගත්තාය.

කණ්ඩායමේ ප්‍රධාන පිතිකාරිණියන් එක පිට එක දැවී යද්දී ලකුණු ලබා ගැනීමට වඩා කඩුල්ලේ රැඳී සිටීමේ පීඩනය හංසිමා හමුවේ තිබුණි. එබැවින් ඇයට ප්‍රහාරාත්මක ඉනිමක් කරා යෑමේ අවස්ථාව අහිමි වූ අතර ලබා ගත් ලකුණු 44 සඳහා ඇයට පන්දු 53කට මුහුණ දීමට සිදු විය.

Photo Album: Sri Lanka Women vs England Women | 3rd T20I 

කාන්තා ක්‍රිකට් ලොවේ තමන් ශක්තිමත් කණ්ඩායමක් බව මෙම තරගාවලිය පුරාම ඔප්පු කර පෙන්වූ එංගලන්ත පිතිකාරිණියන් අතරින් අද දිනයේ දී ද සාර්ථක ආරම්භයක් ලබා දුන් ඩැනියල් වොට් සහ ඇමී ජෝන්ස් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 96ක් එක් කළාය. පන්දු 62ක දී වාර්තා වූ එම සම්බන්ධතාවයේ දී වොට්ගේ දායකත්වය පන්දු 33ක දී ලකුණු 51ක් විය. හයේ පහරක් සහ හතරේ පහර 6කින් වොට් සිය ඉනිම සපුරා ගනිද්දී අනෙක් පිතිකාරිණිය වූ ඇමී ජෝන්ස් ලබා ගත් ලකුණු 57 සඳහා ඇය පන්දු 38කට මුහුණ දුන්නාය. මෙම තරගාවලියේ සෑම තරගයක දී ම ලකුණු අතර සිටි ඇමී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන ලද අවසන් ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර 6ක් ඇතුළත් කර ගත්තාය.

ඕෂධී රණසිංහගේ පන්දු හමුවේ මොවුන් දෙදෙනාම මුළු ලකුණු 116ක් වන විට නරඹන්නන් බවට පත්වද්දී පිටියට එක්වූ ටැමී බිමවුන්ඩ් සහ නටාලි සීවර් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 88ක් එක් කළාය. නොබිඳුණු එම සම්බන්ධතාව සඳහා ඔවුන් වැය කළේ පන්දු 42ක් පමණි. එංගලන්ත ඉනිමේ පන්දුවාර 20 අවසානයේ දී ටැමී බිමවුන්ට් නම ඉදිරියෙන් පන්දු 25ක දී ලකුණු 42ක් ද, නටාලි සීවර්ගේ නම ඉදිරියෙන් පන්දු 24ක දී ලකුණු 49ක් ද සටහන්ව තිබුණි.

ඉන්දියාවෙම දැලි ගෑ අශ්වින්ගේ ‘මන්කාඩ’ය

එය 1987 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ නවවැනි තරගයයි. ස්ථානය ලාහෝරයේ ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණයයි. පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තානු පිලට ජයග්‍රහණය…

මෙම තරගයේ දී මංගල විස්සයි විස්ස වරම් ලද දකුණත් මද වේගපන්දු යවන මධුෂිකා මෙත්තානන්ද පන්දුවාර 2ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 23ක් ලබා ගැනීමට ප්‍රතිවාදී පිතිකාරිණියෝ සමත් වූහ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<