අළු ගසා දමා අවදි වූ ඉන්දියානුවන්ට දැවැන්ත ජයක්

273

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්තයේ නොටින්ග්හැම් හිදී අද (22) අවසන් වූ අතර එම තරගයෙන් ලකුණු 203ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 5කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට තරග 2-1ක් ලෙස අවතීර්ණ වීමට ඉන්දියානු කණ්ඩායමට අවස්ථාව ලැබුණි.

එංගලන්තයෙන් ඉන්දියාවට ලැජ්ජා සහගත පරාජයක්

එංගලන්තයේ ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ එංගලන්ත – ඉන්දියා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් තවත් දිනයක් ….

මේ තරගාවලියේ පළමු ටෙස්ට් තරග දෙකේ දී ම සංචාරක ඉන්දීය කණ්ඩායමට එතරම් දස්කම් දැක්වීමට නොහැකි වුවත් මේ තරගයේ දී නිදා සිටි ඉන්දීය කණ්ඩායමේ යළි පිබිදීමක් දැකගන්නට ලැබුණි. පසුගිය 18 වැනිදා ආරම්භ වූ මේ ටෙස්ට් තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 329ක් රැස්කරගත් අතර එහි දී නායක විරාට් කෝලි මනරම් 4 පහර 11ක් සමඟ ලකුණු 97ක් ලබාගෙන ඉන්දියානු ලකුණු සටහන සවිමත් කළ අතර ඔහුට අගනා සහයක් දුන් අජින්ක්යා රහනේ ලකුණු 81ක් ලබා ගන්නා ලදි. මිනිත්තු 131ක් පුරාවට ක්‍රියාත්මක වූ රහනේගේ ඉනිම 4 පහර 12කින් අලංකාරවත් වෙද්දී කෝලි හා රහනේ එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 159ක සබඳතාවය ඉන්දියානු කණ්ඩායමේ ලකුණු සටහනේ සාර්ථක පදනම විය. සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වූ රිශාබ් පාන්ට් ලකුණු 24කට සීමා කිරීමට ස්ටුවට් බ්‍රෝඩ් හට හැකි විය. ශිකර් ධවාන් ලකුණු 35යි. පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් හා ස්ටුවට් බ්‍රෝඩ් කඩුලු බැගින් දවා ගන්නා ලදි.

වේගපන්දු යවන්නන්ට ඉතාමත් උචිත තණතීරුවක් ලෙස සැලකෙන නොටින්ග්හැම් පිටියේ දී සත්කාරක එංගලන්ත වේගපන්දු යවන්නන්ට සාපේක්ෂව දක්ෂ ලෙස පන්දු යවමින් ලකුණු 28කට කඩුලු 5ක් දවා ගැනීමට හර්ඩික් පාන්ඩ්යා සමත් වෙද්දී එංගලන්ත පළමු ඉනිමට යම් අස්වැසිල්ලක් ගෙන දුන්  ජොස් බට්ලර් එංගලන්ත මැදපෙළ වෙනුවෙන් ඉතාමත් ඉවසිලිවන්ත පිතිකරණයක නිරත වුවත් අනෙක් අන්තයෙන් ඔහුට නිසි සහයක් නොලැබුණු නිසා දිගු වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකි විය. 4 පහර 3කින් හා 6 පහර දෙකකින් සවි බලගැන්වුණු බට්ලර් ලකුණු 39ක් ලබාගන්නා ලදි.

අශාන් ප්‍රියන්ජන්ගේ ප්‍රවේගකාරී ඉනිමෙන් දඹුල්ල ගොඩයයි

කොළඹ නාලන්ද විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිස ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම නියෝජනය….

ලකුණු 168ක පැහැදිලි පළමු ඉනිමේ වාසියක් සහිතව පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායමේ දෙවන ඉනිම වෙනුවෙන් ද සුපිරි පිතිකරණයක් දියත් කළ නායක කෝලි පළමු ඉනිමේ දී ශතකයට ලකුණු 3ක් මෙපිටින් නැවතුණ ද, මේ ඉනිමේ දී සිය ශතකය සම්පූර්ණ කරගැනීමට ඔහුට හැකි විය. එය ඔහුගේ ජාත්‍යන්තර  ටෙස්ට් ශතක ගොන්නේ 23 වැනි ශතකය බවට පත්විණි. ඉනිම කිහිපයක් තිස්සේ සාර්ථක වීමට වෙරදරමින් සිටි දකුණතින් පිත්ත හසුරුවන චේතේශ්වර් පුජාරා 4 පහර 10ක් සමඟ ලකුණු 72ක් ලබාගෙන තමන් තවමත් ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සුදුසු මට්ටමේ සිටින බව පෙන්නුම් කළේය. අවසානයේ දී ඉන්දීය කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 7ක් දැවී ලකුණු 352ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ සත්කාරකයින් හට ලකුණු 521ක දැවැන්ත ඉලක්කයක් ලබා දෙමිනි.

එංගලන්ත ප්‍රේක්ෂකාරයේ ඔල්වරසන් හඬ මැදින් එංගලන්ත පිතිකරුවන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීම හෝ තරගය ජය ගැනීමේ අරමුණින් පිටියට පැමිණි මුත් ඒ සබඳතාවය ලකුණු 27කට පමණක් සීමා විය. ලකුණු 521ක දැවැන්ත ඉලක්කයක් හඹාගෙන යන ගමනේ දී ලකුණු 62ක් තුල කඩුලු 4ක් දැවී ගොස් තිබිය දී පිටියේ එක්කාසු වූ බට්ලර් හා බෙන් ස්ටොක්ස් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 169ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් ඉන්දියානුවන් යම් තිගැස්මකට ලක් කළේය. 4 පහර 21ක් සමඟ ලකුණු 106ක් ලබාගෙන සිටි බට්ලර් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගිය නිසා ඉන්දියානුවන් හට යම් සැනසීමක් ගෙන ඒමට බුම්රා සමත් විය.

කන්ද උඩරටට අභියෝග කළ තෝමසුවන් තවත් පිම්මක් ඉදිරියට

වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ පැවැත්වෙන සුපිරි 16 දෙනාගේ තරග වටයේ තවත් තරගයක්…..

අවසන් කඩුලු  කිහිපය රැකගෙන තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට දඟපන්දු යවන ක්‍රීඩක අදිල් රෂිඩ් උත්සාහ කළත් ඒ වෑයම සාර්ථක නොවීය. පන්දු යැවීමේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජස්ප්‍රිට් බුම්රා ලකුණු 85කට කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි. සත්කාරක එංගලන්ත කණ්ඩායම ඔවුන්ගේ නිජබිමේ දී ම (ටෙස්ට් තරගයක දී) පරාජය කළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම වසර 4කට පසුව සිය ක්‍රිකට් ඉතිහාසය අලුත් කරගත්තේය.

දෙරට අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 30 වැනිදා සවුත්හැම්ටන් හිදී පැවැත්වේ.

ඉන්දීය පළමු ඉනිම – 329 (94.5): විරාත් කෝලි 97, අජින්ක්යා රහනේ 81, ශිකාර් ධවාන් 35, ජේම්ස් ඇන්ඩර්සන් 3/64, ස්ටුවට් බ්‍රෝඩ් 3/72.

එංගලන්ත පළමු ඉනිම – 161 (38.2): ජොස් බට්ලර් 39, හර්ඩික් පාන්ඩ්යා 5/28.

ඉන්දීය දෙවන ඉනිම – 352/7d (107.2): විරාත් කෝලි 103, චේතේශ්වර් පුජාරා 72, හර්ඩික් පාන්ඩ්යා 52, ශිකාර් ධවාන් 44, අදිල් රෂිඩ් 3/101

එංගලන්ත දෙවන ඉනිම – 317 (104.5): ජොස් බට්ලර් 106, අදිල් රෂිඩ් 33*, ජස්ප්‍රිට් බුම්රා 5/85.

තරගයේ වීරයා – විරාත් කෝලි (ඉන්දියාව)

දේශීය හා විදෙස් ක්‍රීඩා පිටියේ දසත පැතිරී යන උණුසුම් පුවත් එසැණින් දැන ගැනීමට ThePapare.com සමඟ රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<