සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලිය ඊයේ (19) ආරම්භ වූ අතර එහි පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වනවිට එංගලන්ත කණ්ඩායම පන්දුවාර 53කදී කඩුලු 5ක් දැවී ලකුණු 171ක් ලබා ගෙන තිබුනි.

පළමු දිනයේ ම ශානක වැඩ අරඹයි

දෙවන දින (20) අාරම්භයේදීම ඇලෙක්ස් හේල්ස් දවාලීමට රංගන හේරත් සමත් වූ අතර හේල්ස් 4 පහරවල් 12ක් සමඟ ලකුණු 86කට දැවී යන ලදි. අනතුරුව පැමිණි මොයින් අලී ලකුණු නොලබා ද, ස්ටුවර්ට් බොර්ඩ් ලකුණු 2කට ද දැවී යන ලදි. ස්ටීවන් ෆින් ලකුණු 17 ක් ලකුණු පුවරුවේ සටහන් කල අතර නොදැවී ක්‍රීඩා කල ජිමී ඇන්ඩර්සන් ලකුණක් ලබා ගත් අතර එංගලන්ත කණ්ඩායම පන්දුවාර 90යි පන්දු 3කදී සියලු දෙනා දැවී ලකුණු 298ක් තම පළමු ඉණිමට සටහන් කරන ලදි.

අනතුරුව තම දෙවන ඉණිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න ලකුණු නොලබාම දැවී යන ලදි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 12ක් සටහන් වෙද්දි ලකුණු 11ක් ලබා සිටි කෞෂාල් සිල්වා දැවී යන ලදි.

පුහුණු තරඟ වල ලකුණු අතර සිටි කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී යන ලදි. අනතුරුව පිටියේ ස්ථාවර වීමට වෑයම් කල දිනේෂ් චන්දිමාල් හා නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 31ක සබඳතාවයක් 4 වන කඩුල්ල සඳහා ගොඩනැංවූ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 15කට දැවී යන ලදි. තරගයේ තෙවන කාල පරිච්ඡේදයේ දී අඩු ආලෝකය නිසා තරඟය මිනිත්තු කිහිපයක් ඇනහිටි අතර අනතුරුව තරඟය යළිත් අරඹන ලදි. පිටියට පැමිණි ළහිරු තිරිමාන්න සමඟ එක් වූ ඇන්ජලෝ මැතිව්ස් 5 වන කඩුල්ල සඳහා ලකුණු 34 සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. 5 වන කඩුල්ල ලෙස නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 34කට දැවී යන ලදි. දසුන් ශානක තමා මුහුණ දුන් පළමු පන්දුවෙන් ම ලකුණු නොලබා දැවී යන ලදි. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 81කට කඩුලු 6 ක් ලෙස අසීරු තත්ත්වයක පසු විය. රංගන හේරත් ද එක් ලකුණෙන් දැවී යන ලදි.

ශ්‍රී ලංකා පිතිකරණයට අභියෝග කරමින් ජිමී ඇන්ඩර්සන් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නන් පන්දු යවන ලදි. එක් අන්තයක සිට තනිව ක්‍රීඩා කිරීමට ළහිරු තිරිමාන්නට සිදු විය. දුශ්මන්ත චමීර ලකුණු 2 කට දැවී යන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 90 කට කඩුලු 8ක් ලෙස දැක්විය. තවත් එක් ලකුණක් එක් වෙත්ම ළහිරු තිරිමාන්න ලකුණු 22 කට දැවී යන ලදි. ශමින්ද එරංග එක් ලකුණෙන් දැවී ගියහ. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36යි පන්දු 4 කදී සියලු දෙනා දැවී ලකුණු 91 ක් ලබා ගන්නා ලදි.

පළමු ඉණිමට අඩු ලකුණු ප්‍රමාණයක් රැස් කිරීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් ලකුණු 207 ක දැවැන්ත අවාසියක් ද සමඟින් තම දෙවන ඉණිම ඇරඹිය. නමුත් පන්දු 2 ක් ක්‍රීඩා කර එක් ලකුණක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා සිටයදී අඩු ආලෝකය නිසා තරගයේ දෙවන දිනය නිමා විය. හෙට (21) තරගයේ තෙවන දිනයයි.