ක්‍රිකට් පිටිය කැළඹූ ඩිවිලියර්ස්ගේ ප්‍රකාශය

1686

වර්තමාන ක්‍රිකට් පිටියේ අද්විතීයම පිතිකරුවෙකු ලෙස සැලකිය හැකි දකුණු අප්‍රිකාවේ ඒ. බී. ඩිවිලියර්ස් අද (23) කිසිවකු නොසිතූ පරිදි, දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදී තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට නව ඇදුමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල සාමාන්‍ය ඇදුම් (Casual Cloths) සඳහා නිල අනුග්‍රාහකත්වය දැක්වීමට හයිඩ්‍රාමනී සමූහ ව්‍යාපාරයේ එක් ආයතනයක් වන LiCC ආයතනය…

තිස් හතර හැවිරිදි මේ සුපිරි පිතිකරු අන්තර් ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් සිය ප්‍රේක්ෂකයින්ට මේ පිළිබඳ ප්‍රකාශ කර සිටියේය.

ඩිවිලියර්ස්ගේ මේ තීරණය දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට දරුණු මරු පහරක් වනු ඇත. ඒ ලබන වසරේ මැයි මස අග එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලු බලාපොරොත්තු ඒ. බී. ඩිවිලියර්ස් මත රඳා පැවතුණු නිසයි.

ඩිවිලියර්ස් සිය ලෝක කුසලාන සිහිනය ගැන සෑමවිටම කතා කළ පුද්ගලයෙකු වූ අතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් නික්ම යාමට තීරණය කරන විට දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් තරග ටෙස්ට් තරග 114ක්, එක්දින තරග 228ක් හා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 78කට ඔහුගේ දායකත්වය හිමි වී තිබුණි.

ටෙස්ට් තරග 114කට එක්දින තරග 228කට හා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 78කට පසු අනික් ක්‍රීඩකයින්ට කණ්ඩායමේ ස්ථානය හිමි විය යුතු යැයි මට හැඟුණා, මට මගේ අවස්ථාව ලැබුණා, අවංකවම කියනවා නම් දැන් මට ඇත්තෙන්ම මහන්සියි.” අදහස් දක්වමින් ඩිවිලියර්ස් පැවසීය.

මේක බොහොම අමාරු තීරණයක්, මම සෑහෙන වතාවක් මේ ගැන සිතුවා, හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටින අවස්ථාවකම මම විශ්‍රාම ගත යුතු යැයි මට සිතුණා, ඉන්දියාවට හා ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගාවලි ජයග්‍රහණය කිරීමෙන් පසුව මේ විශ්‍රාම ගතම යුතු කාලය කියා මට හැඟුණා.”

ශ්‍රී ලංකාවේ දී බින්දුවට දැවී ගිය ලොව හොඳම පිතිකරු

ඒ 1930 අප්‍රේල් 02 වැනිදා ය. ශ්‍රී ලංකාව සමඟ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම කොළඹ ඕවල් පිටියේ දී ටෙස්ට් තරගයක් ක්‍රියාත්මක විය. මෙම තරගය දැක බලා ගැනීමට…

එක ක්‍රීඩා ආකෘතියක් පමණක් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්නට මගේ කැමැත්තක් නැහැ, මම දකුණු අප්‍රිකාව වෙනුවෙන් සියලුම ආකෘති ක්‍රීඩා කරනවා හෝ මම දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක ආකෘතියක් වත් ක්‍රීඩා කරන්නේ නැහැ, මට එක ආකෘතියක් විශේෂ කරගෙන ක්‍රීඩා කිරීමට අවශ්‍යතාවක් නැහැ, දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයට, සියලුම පුහුණුකරුවන්ට සහ නිලධාරීන්ට මගේ ස්තුතිය පුද කරනවා, විශේෂයෙන්ම මගේ ක්‍රීඩා දිවිය පුරා මට සහයෝගය දුන් මගේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ද මම ස්තුති කරනවා.”

මෙය වෙන තැනක ගොස් මුදල් ඉපයීමේ අවශ්‍යතාවයකින් සිදු වූවක් නොවේ, මට සිතුණා සහ මට දැනුණා මට තව දුරටත් ක්‍රීඩා කිරීමට අපහසුයි කියලා, ඒ නිසා මම සිතුවා තීරණයක් ගත යුතුයි කියා, දකුණු අප්‍රිකාවේ සහ ලෝ වටා සිටින මගේ ප්‍රේක්ෂකයින්ට මම ස්තුතිවන්ත වෙනවා ඔබේ කරුණාවට, ඔබේ සහයෝගයට සහ අද ඔබ මම සිටින තත්ත්වය තේරුම් ගැනීම පිළිබඳව.”

මට දකුණු අප්‍රිකාවෙන් පිටත ක්‍රීඩා කිරීමට සැලසුමක් නැහැ, මම බලාපොරොත්තු වෙනවා දේශීය තරගාවලිවල දී ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කරන්න, මම දිගින් දිගටම ෆෆ් ඩු ප්ලේසිස් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රමුඛතම ප්‍රේක්ෂකයා ලෙස ඔවුන්ට සහයෝගය දෙනවා.”

ඩිවිලියර්ස්ගේ තරග වාර්තා අති විශිෂ්ටය. ලොව කිසිවකුට බිඳ දැමීමට නොහැකි වූ වාර්තා රැසක් ඔහුගේ පිත්තෙන් බිඳ වැටුණි. පන්දු 16කින් වාර්තා වූ ලොව වේගවත්ම එක්දින අර්ධ ශතකය, පන්දු 31කින් වාර්තා වූ වේගවත්ම ශතකය හා පන්දු 64කින් වාර්තා වූ ලොව වේගවත්ම ලකුණු 150ට හිමිකම් කියන්නේ ඩිවිලියර්ස් වීම විශේෂත්වයකි. ටෙස්ට් තරගයක ලකුණු දෙසිය හැත්තෑ අටක් නොදැවී වාර්තා කර ගනිමින් දකුණු අප්‍රිකානු ජාතිකයෙක් වාර්තා කර ගත් දෙවැනියට වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාවට ද  හිමිකම් කියන්නේ ඔහුයි. තවද ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු නවසිය තිස් පහක් ලබා ගනිමින් දකුණු අප්‍රිකානු ජාතිකයෙක් ලබා ගත් ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව හිමි කර ගත්තේ ද ඔහුයි. 2004 හා 2005 වසරවල දී දකුණු අප්‍රිකාවේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ද සම්මාන දිනා ගැනීමට ඔහු සමත් වුනා.

ඩිවිලියර්ස් විශ්‍රාම යන විට ඔහුගේ ටෙස්ට් ලකුණු සාමාන්‍ය ලකුණු 50.66ක් තරම් ඉහල මට්ටමක තිබූ අතර ශතක 22ක් සමඟින් ලකුණු 8756ක් රැස්කරගෙන සිටි ඔහු දකුණු අප්‍රිකාව වෙනුවෙන් සිව්වැනි වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා ද විය. එක්දින තරග ආකෘතියේ ශ්‍රේණිගත කිරීම්වල අංක දෙකේ ස්ථානයේ සිටි ඔහු ජැක් කලිස්ට පමණක් දෙවැනි වෙමින් 53.50ක සාමාන්‍යයක් සමඟින් ලකුණු 9577ක් රැස් කරගෙන සිටියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<