ඉසුරු උදාන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

698

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ ස්වයං නිරෝධායන කාලසීමාවක් ගත නොකරම එංගලන්ත හා ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින්ට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමට අවස්ථාව හිමි වනු ඇති වාර්තා වෙනවා. 

රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ සභාපති Sanjeev Churiwala පවසා සිටියේ එංගලන්ත හා ඕස්ට්‍රේලියා කණ්ඩායම්වල ක්‍රීඩකයින් එංගලන්තයේ දී පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලි ක්‍රීඩා කිරීම සඳහා පිටත පරිසරයෙන් හුදකලාව සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක සිටින නිසා ඔවුන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී නිරෝධායනය වීමකින් තොරවම IPL තරගාවලියට සහභාගී වීමට හැකියාව ඇති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ එක්සත් අරාබි එමීර් රජයේ අනුමැතිය සහිතව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයයි.

Churiwala පවසා සිටියේ RCB කණ්ඩායමට එක්වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ආරොන් ෆින්ච් ඇතුළුව සෙසු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සැප්තැම්බර් 17 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොඩ බසිනු ඇති බවයි. ඔහු තවදුරටත් පවසා සිටියේ ඔවුන් සෞඛ්‍යාරක්ෂිත වටපිටාවෙන් ඉවතට ගොස් නැතිනම් හා පැය 96ක් තුළ කළ COVID-19 පරීක්ෂණයක COVID වැළඳී නැති බවට ප්‍රතිඵලයක් ද ඇති නම් ඔවුන්ට මෙම නීති ලිහිල් කළ හැකි බවයි.

තවත් ක්‍රිකට් පුවත්:

කෙසේ වෙතත් BCCI හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය මුලදී ඇතිකරගත් ගිවිසුමට අනුව සියලුම ක්‍රීඩකයින් හා නිලධාරීන් ඔවුන් සිටින හෝටලයේම දින හතක නිරෝධායන කාලයක් ගත කළ යුතුයි. ඉන් පසුව කණ්ඩායම්වලට පුහුණුවීම් ආරම්භ කළ හැකි අතර තරගාවලිය නිමා වන තෙක් සෑම සතියකම පස්වැනි දිනයේ සියලුම ක්‍රීඩකයින්ට කොරෝනා පරීක්ෂණයක් ද සිදු කිරීමට නියමිතයි.

ෆින්ච්ට අමතරව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමඟ එංගලන්තයේ සීමිත පන්දුවාර තරගාවලි ක්‍රීඩා කරන මොයින් අලී, කේන් රිචඩ්සන් හා ජෝෂුවා පිලිපේ ද සම්බන්ධ වීමට නියමිතයි.

Churiwala පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ඉසුරු උදාන සැප්තැම්බර් 1 වැනිදා එක්සත් අරාබි එමීර් වෙත පැමිණෙද්දී, RCB කණ්ඩායමේ සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් වන ඒ. බි ඩිවිලියර්ස්, ක්‍රිස් මොරිස් හා ඩේල් ස්ටේන් අගෝස්තු 22 වැනි සෙනසුරාදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණීමට නියමිත බවයි.

Cricbuzz ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<