ප්‍රබල රටවල් දෙකක් සමඟින් ඇෆ්ගනිස්තානය T20 ගැටුමකට සැරසේ

432

2021දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරමුණු කරගනිමින්, ඊට පෙර සූදානමක් වශයෙන් තුන්කොන් විස්සයි විස්ස තරගාවලියක් සංවිධානය කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (20) පැවති මාධ්‍ය සාකච්ඡාව අතරතුර දී සඳහන් කර තිබුණි. 

සංගාට සහ මහේලට නව ක්‍රීඩා ඇමතිගෙන් ආරාධනාවක්

ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්වල සහභාගීත්වයෙන් දියත් කිරීමට සැලසුම්කොට ඇති මෙම තරගාවලිය සඳහා දැනටමත් එම රටවල්වල ක්‍රිකට් ආයතනයන් යහපත් ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වේ. නමුත් තවමත් තරගාවලිය පැවැත්වෙන දින වකාවනු සහ තෝරාගනු ලබන ක්‍රීඩාංගණ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නොමැති බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ ප්‍රකාශයෙහි සඳහන්ව තිබුණි. 

මෙම වසරේ ඕස්ට්‍රේලියාවේ දී ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය COVID-19 වසංගතයේ බලපෑම නිසාවෙන් 2022 වර්ෂය දක්වා කල් දැමීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගත් අතර 2021 වසරේ දී ඉන්දියාව කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට සූදානම් කොට ඇති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ICCය පසුගිය දා ප්‍රකාශයක්  නිකුත් කරමින් සඳහන් කොට සිටියේය.

බංග්ලාදේශය ශ්‍රී ලංකාව එරෙහිව වැඩ පටන්ගනී

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එරට දී පැවැත්වීමට නියමිතව තිබූ තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ද පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් අවලංගු කිරීමට ඇෆ්ගනිස්තාන සහ සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයන් එකඟතාව පළකොට ඇති අතර එම නිසාවෙන් මෙම තුන්කොන් තරගාවලිය තම කණ්ඩායමේ හැකියා දක්ෂතා නැවත වතාවක් කරළියට ගෙන ඒමට ඉවහල් වනු ඇතැයි ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය අපේක්ෂාවෙන් පසු වේ.

මේ අතරවාරයේ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඇන්ඩි මෝල්ස් මහතා සඳහන් කර සිටියේ එළඹෙන නොවැම්බර් මස 21 වැනිදා පර්ත් නුවර දී පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගය සම්බන්ධයෙන් ද ඉදිරියේ දී  සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි. කෙසේ නමුත් ඉන්දීය ප්‍රිමියර් ලීගය සැප්තැම්බර් මස 19 වැනිදා සිට නොවැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වෙන බැවින් ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගය දෙසැම්බර් මාසයේ දී දියත් කිරීමට අපේක්ෂා කරන බ ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<