“ක්‍රිකට්වලට හමේ පාට ගාව ගැනීම සපුරා තහනම්!” – ECBයෙන් රතු එළියක්

252

ඇමරිකානු පොලිස් නිලධාරියෙකුගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් අකාලයේ තම ජීවිතයෙන් වන්දි ගෙවූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය සම්බන්ධයෙන් මුළු මහත් ලෝකයම කම්පා වන මොහොතක සමේ වර්ණය පදනම් කරගනිමින් ගෙන යන ජනවාර්ගික ගැටුම්වලට එරෙහිව හඬ නැඟීමට වෙනදාටත් වඩා විශාල ජනකායක් ඒකරාශී වෙමින් සිටින්නේ මෙම ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීමේ ඒකායන අරමුණෙනි.

වර්ණවාදය ගැන හිටපු එංගලන්ත ක්‍රීඩකයෙකුගෙන් දෝස්මුරයක්

උපතින් කළු ජාතිකයෙකු වීමේ වරද නිසාවෙන් මෙම ඛේදනීය ඉරණමට මුහුණ පෑ ෆ්ලොයිඩ් වැන්නන් දහස් ගණනක් තවමත් මෙම පදනම් විරහිත වර්ණවාදි සංකල්පය නිසාවෙන් අනේකවිධ දුක් ගැහැට වලට මුහුණ පාමින් සමාජය තුල ජීවත් වන බවත්, ඔවුන් වෙනුවෙන් කථා කිරීමට ඉදිරිපත්ව සිටින නිර්භීත ක්‍රිකට් ක්‍රීඩකයින් සියලු දෙනා හටම තම උපරිම සහයෝගය පළකිරීමට කටයුතු කරන බවත් එංගලන්ත ක්‍රිකට් ආයතනය ප්‍රකාශයක් නිකුත් කරමින් පසුගිය දා අවධාරණය කොට තිබුණි.

ඔවුන් එහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මින් පෙර මෙවැනි සංවේදී මාතෘකාවක් පිළිබඳව සාකච්ඡා කිරීමේ දී ඒ පිළිබඳව නැවත වරක් සිතා බැලීමට බොහෝ දෙනා පෙලඹෙන නමුත් එලෙස සංවාදයට බඳුන් නොවීම නිසා මේ වන විට අත්පත් වී ඇති භයානක ප්‍රතිඵලයන් දෙස බැලීමේ දී ඔවුන් සියලු දෙනා හටම පසුතැවිලි වීමට සිදුව ඇති බවයි. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව තුල සිදු වන මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කිරීමට කාලය එළඹ ඇතැයි ඔවුහූ සඳහන් කර සිටියහ.

කළු ජාතිකයින් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වෙන මෙම පටු වැඩපිළිවෙළට එරෙහිව පසුගිය කාල සීමාව පුරාවට ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම තමන්ගේ පෞද්ගලික මතයන් පළ කර සිටියා. ඔවුන්ට හෝ ඔවුන්ගේ සඟයන්ට මුහුණ දෙන්න සිදු වුනු අමිහිරි මතකයන් පිළිබඳව ප්‍රකාශයන් රැසක් ඒ කතාවන් ඇතුළේ ගැබ්වෙලා තිබුණා. අපිට ඒ කියපු හැමදෙයක් ගැනම ඉතාමත් හොඳ අවබෝධයක් තියෙනවා. මේ අවස්ථාවේ දී හරි මේ සම්බන්ධයෙන් කථා කරන්න ඉදිරිපත් වීම ගැන අපි ඒ ක්‍රීඩකයින්ට ස්තූතිවන්ත වෙනවා.”

තමාට කළු යැයි ඇමතීම නිසා සැමී කනස්සල්ලෙන්

මේක අවුරුදු ගණනාවක ඉඳලම අපේ සමාජයට පිළිලයක් වුන ප්‍රශ්නයක්. වර්ගවාදී, වර්ණවාදී ගැටුම් ඉතාමත් සංවිධානත්මක ස්වරූපයකින් තමයි අපේ සමාජය ඇතුළත ක්‍රියාත්මක වෙන්නේ වගේම ඒවා පෝෂණය කරලා වාසි අත්පත් කරගන්න බලාගෙන ඉන්න පාර්ශවත් ඕනෑ තරම් දැක ගන්න පුළුවන්. ඔය හැමදෙයක්ම ක්‍රීඩාවටත් වලංගුයි. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත ඉදිරියේ දී මෙවැනි සිදුවීම් නොවෙන්න වග බලා ගන්න අපි ගත හැකි සෑම ක්‍රියාමර්ගයක්ම අනුගමනය කරන්න කිසිසේත්ම පසුබට වෙන්නේ නැහැ.”

එසේ තම ස්ථාවරය ලොවට හඬ ගා කී එංගලන්ත ක්‍රිකට් ආයතනය ඉදිරියේ දී ක්‍රිකට් ක්‍රීඩාව තුල කළු ජාතික ක්‍රීඩකයින්, පුහුණුකරුවන් ඇතුළු ක්‍රීඩාව හා සම්බන්ධ සියලුම වෘත්තිකයන් හට සවියක් වීම සඳහා බලපෑමක් එල්ල කළ හැකි විශේෂයෙන්ම තීන්දු තීරණ ගැනීමේ දී ඊට මැදිහත් විය හැකි කළු ජාතික නිලධරයින් පත් කිරීමට කටයුතු කරන බවට ද මෙහි දී විශේෂයෙන්ම පොරොන්දු විය.

හිටපු එංගලන්ත ආරම්භක පිතිකරු මයිකල් කාබෙරි තමන් කළු ජාතිකයෙකු වීමේ වරද නිසාවෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත මුහුණ පෑමට සිදු වූ අඳුරු මතකයන් සම්බන්ධයෙන් වේදනාත්මක සටහනක් ඉදිරිපත් කිරීමට කටයුතු කොට තිබූ අතර සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ද තම සඟයා වන ජොෆ්රා ආචර් හට පසුගිය වසරේ නවසීලන්තයේ දී මුහුණ පෑමට සිදු වූ සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සිහිපත් කළේ දැඩි පිළිකුලෙන් යුතුව එම අනුවණ ක්‍රියාකලාපයන් හෙළා දකිමිනි.

මේ ගැන කථා කරන්න ඉදිරියට ආපු ක්‍රීඩකයින් වගේම ඕනෑම අයෙක්ට තමන්ට   අසාධාරණයන් සම්බන්ධයෙන් කථා කරන්න සම්පූර්ණ නිදහස තියෙනවා. අපි ඒ හැමකෙනෙක්ටම ඇහුම්කන් දෙන්න සූදානම්. අපි තිත්ත වුනත් පේන්න තියෙන ඇත්තට මුහුණ දෙන්න ඕන. මේ ගැන මීට වඩා බරපතළ ලෙස හිතන්න ඕන වගේම මේකට ස්ථිර සහ දීර්ඝ කාලීන විසඳුමක් හොයන්න අපි හැමෝම එකතු වෙලා කටයුතු කළ යුතුයි. මොකද මේක එක් පුද්ගලයෙකුට විතරක් කරන්න පුළුවන් වෙනසක් නෙමෙයි.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<