ක්‍රිකට් ලෝක කුසලානයක පහස ඉන්දියාවට ලබා දුන් ‘ජිමී’

106
©Getty Images

ඉදිමුණ තොල් සගලකින් ද, ලේ තැවරුණ කමිසය ද හැඳගෙන ඔහු නැවත වතාවක් පිතිකරණයට පිටියට පිවිසියේය.

මැල්කම් මාෂල්ගේ වේගවත් බවුන්සර් පන්දුවක් අප කතානායක ඉන්දියානු තරුණ පිතිකරුවාගේ මුවේ වැදීම නිසා ඔහුට රෝහල් ගතවන්නට සිදුව තිබුණි. නමුත් ඔහු නැවත පිටිය මැදට පැමිණ සිටි. බටහිර ඉන්දීය කොදෙව් බිහිසුණු පන්දු බලඇණිය හමුවේ ඔහු පෑ ධෛර්ය සම්පන්න පිතිහරඹය සෙසු ඉන්දීය පිතිකරුවන්ටත් යහමින් දැනෙමින් තිබුණි.

සනී නොකී කතා!

ඉන්දියාවෙන් බිහි වූ සුපිරිතම පිතිකරුවෙකු වූ ……

බටහිර ඉන්දියානු කොදෙව් දේශය හා කොදෙව් දූපත්වලදීම පැවති තරගයක දී මොහින්දර් අමරනාත් භරද්වාජ් නම් ඉන්දියානු පිතිකරුවා මෙසේ මැල්කම් මාෂල්ගේ පන්දුවක් මුවේ වැදීමෙන් මෙසේ ආබාධයකට ලක්විය. ආබාධය ගැන කිසිදු තැකීමක් නොකරමින් දිගින් දිගටම පන්දුවට පහර දුන් අමරනාත් පසුදින උදෑසනම තමාට එල්ල වූ කෙටි පන්දුව ස්ක්වෙයාර් ලෙග් කලාපයට ඉහළින් හතරේ සීමාවෙන් ඔබ්බට යැව්වේය. 

අමරනාත් කල්යල් මැන එල්ල කළ අගනා හුක් පහර බටහිර ඉන්දීය කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ්ට නැවත වතාවක් තම උපක්‍රම ගැන සිතා බැලීමට පෙළඹවන්නක් විය.

එය අවිය අවියෙන් ද, ආක්‍රමණයෙන් ආක්‍රමණය ද මුණගැසුණු ටෙස්ට් තරග රටාවේ අපූරුතම ඝට්ටනයක් විය. ප්‍රතිවාදී මැල්කම් මාෂල් පවා අමරනාත් ලබා දුන් පිළිතුරෙන් තමන් සටන් කරනුයේ කවරෙක් සමඟ ද කියා හොඳින්ම වටහා ගත්තේය.

1950 වසරේ සැප්තැම්බර් මස 24 වැනිදා පන්ජාබයේ පටියාලා හීදි උපත ලද මොහින්දර් අමරනාත් බරද්වාජ්ට ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ප්‍රේමයක් ඇතිවන්නේ ඔහු උපන් දිනයේ සිටමය. ජිමී නම් සුරතල් නාමයෙන් හැඳින්වූ මොහින්දර් කුඩා කළ සිටම දැඩි සටන්කාමියෙකුගේ ගති ලක්ෂණ පෙන්නුම් කළේය.

නිදහස් ඉන්දියාවේ මුල්ම ටෙස්ට් ක්‍රිකට් නායකයා වූයේ මොහින්දර්ගේ පියා ලාලා අමරනාත්ය. එබැවින් කුඩා මොහින්දර්ට ක්‍රිකට් යනු අමුතු තාලයේ දෙයක් වූයේ නැත. මොහින්දර් මෙන්ම ඔහුගේ සොයුරු සුරින්දර් අමරනාත් ටෙස්ට් තරග වෙනුවෙන් ඉන්දියානු කණ්ඩායම නියෝජනය කළේය.

“මම මේ සියල්ල උගත්තේ තාත්තාගෙන්” මොහින්දර් කියන්නේය.

“1932 වසරේ ටෙස්ට් වරම් ලබාගැනීමෙන් අනතුරුව ක්‍රිකට් ක්‍රීඩා කරන දේශයක් වශයෙන් අප සෑහෙන වර්ධනයක් ලබාගෙන තිබෙනවා.

අපිට මුල් කාලයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ගෙන් ඉගෙනීමට ඇති දේ බොහෝයි. සී. කේ. නායිදු, ව්නෝ මන්කාඩ්, මුෂ්ටාක් අලී, ලාලා අමරනාත් වැනි ක්‍රීඩකයින් කිසිදු ප්‍රතිලාභයකින් තොරව කිසිම පහසුකමක් නොමැතිව ඉන්දියානු ක්‍රිකට් වෙනුවෙන් කළ සේවය අති විශාලයි” 

ක්‍රිකට් ක්‍රීඩාවේ තුන්කල් දුටු නවසීලන්ත ප්‍රාඥයා

1962 වසරේ සැප්තැම්බරයේ දිනක නවසීලන්ත ඕල්බ්ලැක්ස් ……

1969 වසරේ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව මදුරාසියේ දී ටෙස්ට් වරම් දිනා ගන්නට මොහින්දර් අමරනාත් සමත් විය. මද වේගපන්දුකරුවෙකු මෙන්ම සැලකිය යුතු පසුපෙළ පිතිකරුවෙකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කළ මොහින්දර් තම ක්‍රිකට් දිවිය නිමා කරන විට වඩාත් විශ්වාසදායී පිතිකරුවෙකු බවට පත්වී සිටියේය.

සිය මංගල තරගයේ ඉන්දියානු කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා ලෙස කටයුතු කළ අමරනාත් එහි දී කඩුලු දෙකක් දවා ගන්නට සමත් විය. ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු කීත් ස්ටැක්පෝල් සහ ඉයන් චැපල් කෙළින්ම පන්දුව කඩුල්ලේ වද්දවා දවා ගත් අමරනාත්ට පිත්තෙන් කැපී පෙනෙන යමක් කිරීමට නොහැකි වූයේ පිතිකරණ ලැයිස්තුවේ අග ස්ථානයක් ලැබීම නිසාය.

එසේ ටෙස්ට් වරම් දිනූ අමරනාත්ට 1976 වසරේ ජනවාරි මාසය තෙක් ටෙස්ට් කණ්ඩායමට නැවත කැඳවීමක් ලැබෙන්නේ නැත. මෙය අමරනාත්ගේ ක්‍රිකට් ක්‍රීඩා දිවිය පුරාම දකින්නට ලැබුණු පොදු කාරණාවක් විය.

නිරන්තරයෙන් කණ්ඩායමෙන් ඉවතට විසි වූ අමරනාත් බොහෝ දෙනා නොසිතන තැන්වල සිට නැවත ඉන්දියානු කණ්ඩායමට එක් වූයේ ඔහු සතුව තිබූ අප්‍රතිහත ධෛර්යය නිසාමය.  

1975 ලෝක කුසලානයේ මංගල තරගයේ දී ම එක්දින වරම් දිනූ අමරනාත් ඉන්දීය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂීම ජයග්‍රහණයක් වෙනුවෙන් වැඩිම දායකත්වය ලබා දුන් ක්‍රීඩකයා වෙයි.

1983 ලෝක කුසලානයට ගිය කපිල් දේව්ගේ නායකත්වයෙන් යුතු තරුණ ඉන්දීය කණ්ඩායම ගැන කිසිවෙකු එතරම් බලාපොරොත්තුවක් තබා සිටියේ නැත. නමුත් ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් ලෝක කුසලානයක පහස ලබන්නට ඉන්දියානුවන්ට හැකියාව ලැබුණි. ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ දේ ලබා දුන්නේ මෙම ලෝක කුසලාන ජයග්‍රහණයයි. රූපවාහිනිය මගින් ක්‍රිකට් ක්‍රීඩාව ඉන්දියාව පුරා ප්‍රචලිත වීම මෙන්ම නව අනුග්‍රාහකයින් ඉදිරියට පැමිණ අති විශාල මුදල් කන්දරාවක් ක්‍රිකට් ක්‍රීඩාවට ගලා ආවේ ද මෙම සුවිශේෂී ජයග්‍රහණයේ ප්‍රතිඵලයක් ලෙසයි.

1983 ලෝක කුසලානයේ සත්කාරක එංගලන්තය සමඟ පැවති අවසන් පූර්ව තරගය ජය ගැනීමට පිත්තෙන් ලකුණු 46ක් ද පන්දු යැවීමෙන් කඩුලු දෙකක් දවා ගන්නට ද අමරනාත් සමත් විය.

1983 පෘඩෙන්ෂල් ලෝක කුසලානය ඉන්දියානු කණ්ඩායමට ලබා දීමට අවසන් මහා තරගයේ දී ද අමරනාත්ගේ තුන් ඉරියව් දක්ෂතාවලින් ලැබුණේ විශාල දායකත්වයකි. අඩු ලකුණු සංඛ්‍යාවක් වාර්තා වූ මෙම තරගයේ පිත්තෙන් ලකුණු 26ක් වාර්තා කළ අමරනාත් පන්දු යැවීමෙන් ලකුණු 12කට කඩුලු තුනක් දවා ගත්තේය. බටහිර ඉන්දීය කොදෙව්වන් දණ ගැස්සවූ මෙම තරගයේ වීරයා බවට පත්වුනේත් මොහින්දර් අමරනාත්ය.

ෂේන් වෝන්ට හිසරදයක් වූ ශ්‍රී ලාංකිකයා

ෂේන් වෝන් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිතම පුරාවෘත්තයක්……

එවකට ලෝක ක්‍රිකට් පිටියේ සිය අණසක පතුරවාගෙන සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මෙම අනපේක්ෂිත පරාජය මුළු මහත් ක්‍රිකට් ලෝකයටම අදහා ගැනීමට නොහැක්කක් විය.

1976 වසරේ පෝර්ට් ඔෆ් ස්පේන් තරගයේ දී බටහිර ඉන්දියානු කොදෙව් කණ්ඩායමට එරෙහිව සිව්වැනි ඉනිමේ ලකුණු හාරසීයකට එහා ඉලක්කයක් හඹා ගිය ඉන්දියානුවන් සිය ජයග්‍රාහී ඉලක්කය කඩුලු හතරක් පමණක් දැවී සපුරා ගත්හ.

මෙම ජයග්‍රහණය ඉන්දියානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂීම ජයග්‍රහණයක් ලෙස සැලකෙන අතර ඉන්දියානුවන් සිය ජයග්‍රහණය සපුරා ගන්නා විට මොහින්දර් අමරනාත් නොදැවුණ ලකුණු 85ක් සමගින් කඩුල්ලේ රැඳී සිටියේය.

“ඕනෑම තැනක සිට අපට ජයග්‍රහණය ලබා ගන්නට පුළුවන් කියා අපට වටහා දුන්  තරගය මෙයයි” ඉන්දියානු ක්‍රීඩකයෝ පසුව ප්‍රකාශ කළහ.

මොහින්දර් අමරනාත් වාර්තා කළ ටෙස්ට් ශතක වැඩි ප්‍රමාණයක් ඉන්දියානු භූමියෙන් පිටත දී, ඉතාම විශිෂ්ට පන්දු බලඇණි හමුවේ ලබා ගත් ඒවා විය. 

විශේෂයෙන්ම ඔහුගේ මුල්ම ටෙස්ට් ශතකය වාර්තා කර ගනු ලැබුවේ ලෝකයේ වේගවත්ම තණතීරුව ලෙස සැලකෙන පර්ත් වැකා තණතීරුව මත ජෙෆ් තොම්සන් වැනි අතිශය වේගවත් පන්දු යවන්නෙකු හමුවේය.

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවේ යකඩ චරිතයක් ලෙස සැලකෙන මොහින්දර් අමරනාත් අතිශය බිහිසුණු වේගපන්දු බලඇණි හමුවේ ඉතාම නිර්භීතව පන්දුවට පහර දුන් සුවිශේෂී චරිතයක් ලෙසින් අදටත් ඉන්දියානුවන්ගේ සැලකුම් ලබයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<