සබරගමුව සහ ඌව තේරීම් තරගවල අවසන් ප්‍රතිඵල

576
dsi volleyball 2017

DSI සුපර් ස්පෝට් අන්තර් පාසල් වොලිබෝල් තරගාවලියේ සබරගමුව සහ ඌව පළාත්වල සියලුම දිස්ත්‍රික්ක තේරීම් තරග පසුගිය දිනවල දී අවසන් විය.

DSI වොලිබෝල් නැගෙනහිර පළාත් තේරීම් තරග අවසන්

DSI සුපර් ස්පෝට් අන්තර් පාසල් වොලිබෝල් තරගාවලියේ නැගෙනහිර පළාතේ අම්පාර, ත්‍රිකුණාමලය..

සබරගමුව පළාත – රත්නපුර දිස්ත්‍රික්කය

වයස අවුරුදු 19න් පහළ

වයස අවුරුදු 19න් පහළ බාලක අවසන් මහා තරගය සඳහා කලෙයිමගල් දෙමළ විද්‍යාලයීය කණ්ඩායම සහ ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලයීය කණ්ඩායම සුදුසුකම් ලැබූ අතර එහි දී තරගය ජය ගත් කලෙයිමගල් දෙමළ විද්‍යාලයීය කණ්ඩායමේ ක්‍රීඩකයින් ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 19න් පහළ බාලිකා අවසන් මහා තරගය සඳහා ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලයීය කණ්ඩායම සහ ගොඩකවෙල බලවින්න මහා විද්‍යාලයීය කණ්ඩායම සුදුසුකම් ලැබීය. එහි දී අවසන් මහා තරගය ජයග්‍රහණය කරනු ලැබුවේ ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලයීය ක්‍රීඩිකාවන්ය.

වයස අවුරුදු 17න් පහළ

වයස අවුරුදු 17න් පහළ බාලක අංශයේ ශූරතාවය ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය ජයග්‍රහණය කළ අතර එහි බාලිකා ශූරතාවය ජයග්‍රහණය කරනු ලැබුවේ වැල්ලඳුර ගජනායක විද්‍යාලය විසිනි.

වයස අවුරුදු 15න් පහළ

වයස අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩයේ බාලක ශූරතාවය දිනා ගැනීමට ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමත්, බාලිකා අංශයේ ශූරතාවය දිනා ගැනීමට ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලයීය කණ්ඩායමත් සමත් විය.

වයස අවුරුදු 13න් පහළ

තරගාවලියේ වයස අවුරුදු 13න් පහළ බාලක හා බාලිකා අංශ දෙකේම ශූරතාවය දිනා ගැනීමට ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය නියෝජනය කළ කණ්ඩායම් සමත් විය.

කෑගල්ල දිස්ත්‍රික්කය

වයස අවුරුදු 19න් පහළ

වයස අවුරුදු 19න් පහළ බාලක අවසන් මහා තරගයේ දී ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත් කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ රුවන්වැල්ල රාජසිංහ මහා විද්‍යාලයීය කණ්ඩායමයි.

බාලිකා අංශයේ අවසන් මහා තරගය ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම සහ කෑගල්ල සාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලයීය කණ්ඩායම සමඟ පැවති අතර එම තරගය ජයග්‍රහණය කළ ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 17න් පහළ

වයස අවුරුදු 17න් පහළ බාලක අංශයේ ශූරතාවය රුවන්වැල්ල රාජසිංහ මහා විද්‍යාලය ජයග්‍රහණය කළ අතර එහි බාලිකා අංශයේ ශූරතාවය ජයග්‍රහණය කරනු ලැබුවේ ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය විසිනි.

වයස අවුරුදු 15න් පහළ

වයස අවුරුදු 15 න් පහළ බාලක අංශයේ ශූරතාවය රුවන්වැල්ල රාජසිංහ මහා විද්‍යාලය සහ බාලිකා අංශයේ ශූරතාවය කොටළුගොඩ කන්ද කනිෂ්ඨ විද්‍යාලය දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 13න් පහළ

වයස අවුරුදු 13න් පහළ බාලක ශූරතාවය කඩිගමුව කනිෂ්ඨ විද්‍යාලයීය කණ්ඩායම ජයග්‍රහණය කරද්දී එහි බාලිකා අංශයේ ශූරතාවය දිනා ගනු ලැබුවේ ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමයි.  

ඌව පළාත – බදුල්ල දිස්ත්‍රික්කය

වයස අවුරුදු 19න් පහළ

වයස අවුරුදු 19න් පහළ බාලක අවසන් මහා තරගයේ දී බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත් කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ මාලිගාතැන්න හයිලන්ඩ් දෙමළ මහා විද්‍යාලයීය කණ්ඩායම යි.

බාලිකා අංශයේ අවසන් මහා තරගය කන්දෙගෙදර වියළුව මහා විද්‍යාලයීය කණ්ඩායම සහ බදුල්ල කුඩා කුසුම් බාලිකා මහා විද්‍යාලයීය කණ්ඩායම අතර පැවති අතර එම තරගය ජයග්‍රහණය කළ වියළුව මහා විද්‍යාලයීය කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 17න් පහළ

17න් පහළ බාලක අංශයේ ශූරතාවය ගෝනකැලේ දෙමළ මහා විද්‍යාලය ජයග්‍රහණය කළ අතර එහි බාලිකා ශූරතාවය ජයග්‍රහණය කරනු ලැබුවේ දෙමෝදර වේවැල්හින්න දෙමළ මහා විද්‍යාලය විසිනි.

වයස අවුරුදු 15න් පහළ

වයස අවුරුදු 15න් පහළ බාලක අංශයේ ශූරතාවය ඇල්ල නිව්බර්ග් දෙමළ මහා විදුහලත්, බාලිකා අංශයේ ශූරතාවය කැප්පෙටිපොළ මහා විද්‍යාලයත් දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 13න් පහළ

වයස අවුරුදු 13න් පහළ බාලක ශූරතාවය දෙමෝදර නාඋල්ල මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම ජයග්‍රහණය කරද්දී එහි බාලිකා අංශයේ ශූරතාවය දිනා ගනු ලැබුවේ වැලිමඩ දේවානන්ද මහා විද්‍යාලයීය කණ්ඩායම යි.

මොණරාගල දිස්ත්‍රික්කය

වයස අවුරුදු 19න් පහළ

වයස අවුරුදු 19න් පහළ බාලක අවසන් මහා තරගය සඳහා විපුලානන්ද දෙමළ මහා විද්‍යාලයීය කණ්ඩායම සහ තණමල්විල මහා විද්‍යාලයීය කණ්ඩායම සුදුසුකම් ලැබූ අතර එහි දී තරගය ජය ගත් විපුලානන්ද දෙමළ මහා විද්‍යාලයීය කණ්ඩායමේ ක්‍රීඩකයින් ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 19න් පහළ බාලිකා අවසන් මහා තරගය සඳහා අල්පිටිය මහා විද්‍යාලයීය කණ්ඩායම සහ ගලබැද්ද මහා විද්‍යාලයීය කණ්ඩායම සුදුසුකම් ලැබීය. එහි දී අවසන් මහා තරගය ජයග්‍රහණය කරනු ලැබුවේ අල්පිටිය මහා විද්‍යාලයීය ක්‍රීඩිකාවන්ය.

වයස අවුරුදු 17න් පහළ

වයස අවුරුදු 17න් පහළ බාලක අංශයේ ශූරතාවය රණුගල්ල මහා විද්‍යාලය ජයග්‍රහණය කළ අතර එහි බාලිකා ශූරතාවය ජයග්‍රහණය කරනු ලැබුවේ මොනරාගල බණ්ඩාරනායක මහා විද්‍යාලය විසිනි.

වයස අවුරුදු 15න් පහළ

වයස අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩයේ බාලක ශූරතාවය දිනා ගැනීමට නන්නපුරාව මහා විද්‍යාලයීය කණ්ඩායමත්, බාලිකා අංශයේ ශූරතාවය දිනා ගැනීමට මහතආරාව මහා විද්‍යාලයීය කණ්ඩායමත් සමත් විය.

වයස අවුරුදු 13න් පහළ

තරගාවලියේ වයස අවුරුදු 13න් පහළ බාලක අංශයේ ශූරතාවය මොනරාගල රාජකීය ජාතික පාසල ජයග්‍රහණය කරද්දී එහි හා බාලිකා අංශයේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ අල්පිටිය මහා විද්‍යාලයීය කණ්ඩායමයි.

සබරගමුව පළාත්  තරග ප්‍රතිඵල – රත්නපුර දිස්ත්‍රික්කය

වයස අවුරුදු 19න් පහළ

බාලක:

  • ශූරතාවය – කලෙයිමගල් දෙමළ විද්‍යාලය
  • අනුශූරතාවය – ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය

බාලිකා:

  • ශූරතාවය – ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය
  • අනුශූරතාවය – බලවින්න මහා විද්‍යාලය, ගොඩකවෙල

වයස අවුරුදු 17න් පහළ

බාලක:

  • ශූරතාවය – ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය
  • අනුශූරතාවය – හේමගිරි විද්‍යාලය, විජේරිය

බාලිකා:

  • ශූරතාවය – ගජනායක විද්‍යාලය, වැල්ලඳුර
  • අනුශූරතාවය – ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය

වයස අවුරුදු 15න් පහළ

බාලක:

  • ශූරතාවය – ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය
  • අනුශූරතාවය – ගඟේයාය මහා විද්‍යාලය, ඇඹිලිපිටිය

බාලිකා:

  • ශූරතාවය – ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය
  • අනුශූරතාවය – ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය

වයස අවුරුදු 13න් පහළ

බාලක:

  • ශූරතාවය – ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය
  • අනුශූරතාවය – ඇහැලියගොඩ මධ්‍ය මහා විදුහල

බාලිකා:

  • ශූරතාවය – ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය
  • අනුශූරතාවය – ගඟේයාය මහා විද්‍යාලය, ඇඹිලිපිටිය

කෑගල්ල දිස්ත්‍රික්කය

වයස අවුරුදු 19න් පහළ

බාලක:

  • ශූරතාවය – රාජසිංහ මහා විද්‍යාලය, රුවන්වැල්ල
  • අනුශූරතාවය – ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය

බාලිකා:

  • ශූරතාවය – ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය
  • අනුශූරතාවය – ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලය, කෑගල්ල

වයස අවුරුදු 17න් පහළ

බාලක:

  • ශූරතාවය – රාජසිංහ මහා විද්‍යාලය, රුවන්වැල්ල
  • අනුශූරතාවය – රුවන්වැල්ල රාජකීය විද්‍යාලය

බාලිකා:

  • ශූරතාවය – ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය
  • අනුශූරතාවය – රුවන්වැල්ල රාජකීය විද්‍යාලය

වයස අවුරුදු 15න් පහළ

බාලක:

  • ශූරතාවය – රාජසිංහ මහා විද්‍යාලය, රුවන්වැල්ල
  • අනුශූරතාවය – රුවන්වැල්ල රාජකීය විද්‍යාලය

බාලිකා:

  • ශූරතාවය – කොටළුගොඩ කන්ද කනිෂ්ඨ විද්‍යාලය
  • අනුශූරතාවය – රුවන්වැල්ල රාජකීය විද්‍යාලය

වයස අවුරුදු 13න් පහළ

බාලක:

  • ශූරතාවය – කඩිගමුව කනිෂ්ඨ විද්‍යාලය
  • අනුශූරතාවය – රාජසිංහ මහා විද්‍යාලය, රුවන්වැල්ල

බාලිකා:

  • ශූරතාවය – ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය
  • අනුශූරතාවය – රාජසිංහ මහා විද්‍යාලය, රුවන්වැල්ල

ඌව පළාත්  තරග ප්‍රතිඵල – බදුල්ල දිස්ත්‍රික්කය

වයස අවුරුදු 19න් පහළ

බාලක:

  • ශූරතාවය – හයිලන්ඩ් දෙමළ මහා විද්‍යාලය, මාලිගාතැන්න
  • අනුශූරතාවය – බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලය

බාලිකා:

  • ශූරතාවය – වියළුව මහා විද්‍යාලය, කන්දෙගෙදර
  • අනුශූරතාවය – කුඩා කුසුම් බාලිකා මහා විද්‍යාලය

වයස අවුරුදු 17න් පහළ

බාලක:

  • ශූරතාවය – ගෝනකැලේ දෙමළ මහා විද්‍යාලය
  • අනුශූරතාවය – මැදවෙල මහා විද්‍යාලය, ඌව පරණගම

බාලිකා:

  • ශූරතාවය – වේවැල්හින්න දෙමළ මහා විද්‍යාලය, දෙමෝදර
  • අනුශූරතාවය – නාඋල්ල මධ්‍ය මහා විද්‍යාලය, දෙමෝදර

වයස අවුරුදු 15න් පහළ

බාලක:

  • ශූරතාවය – නිව්බර්ග් දෙමළ මහා විද්‍යාලය, ඇල්ල
  • අනුශූරතාවය – විවේකානන්ද දෙමළ මහා විද්‍යාලය, ඇටම්පිටිය

බාලිකා:

  • ශූරතාවය – කැප්පෙටිපොළ මහා විද්‍යාලය, කැප්පෙටිපොළ
  • අනුශූරතාවය – කිතල් ඇල්ල මහා විද්‍යාලය, ඇල්ල

වයස අවුරුදු 13න් පහළ

බාලක:

  • ශූරතාවය – නාඋල්ල මධ්‍ය මහා විද්‍යාලය, දෙමෝදර
  • අනුශූරතාවය – බොරලන්ද ධර්මපාල මහා විද්‍යාලය

බාලිකා:

  • ශූරතාවය – දේවානන්ද මහා විද්‍යාලය, වැලිමඩ
  • අනුශූරතාවය – නාඋල්ල මධ්‍ය මහා විද්‍යාලය, දෙමෝදර

මොනරාගල දිස්ත්‍රික්කය

වයස අවුරුදු 19න් පහළ

බාලක:

  • ශූරතාවය – විපුලානන්ද දෙමළ මහා විද්‍යාලය
  • අනුශූරතාවය – තණමල්විල මහා විද්‍යාලය

බාලිකා:

  • ශූරතාවය – අල්පිටිය මහා විද්‍යාලය
  • අනුශූරතාවය – ගලබැද්ද මහා විද්‍යාලය

වයස අවුරුදු 17න් පහළ

බාලක:

  • ශූරතාවය – රණුගල්ල මහා විද්‍යාලය
  • අනුශූරතාවය – ෂන්මුගම් දෙමළ මහා විද්‍යාලය

බාලිකා:

  • ශූරතාවය – බණ්ඩාරනායක මහා විද්‍යාලය, මොනරාගල
  • අනුශූරතාවය – තඹාන මහා විද්‍යාලය

වයස අවුරුදු 15න් පහළ

බාලක:

  • ශූරතාවය – නන්නපුරාව මහා විද්‍යාලය
  • අනුශූරතාවය – පැලවත්ත මහා විද්‍යාලය, මොනරාගල

බාලිකා:

  • ශූරතාවය – මහතආරාව මහා විද්‍යාලය
  • අනුශූරතාවය – ගලබැද්ද මහා විද්‍යාලය, මොනරාගල

වයස අවුරුදු 13න් පහළ

බාලක:

  • ශූරතාවය – රාජකීය ජාතික පාසල, මොනරාගල
  • අනුශූරතාවය – ගෞරි දෙමළ කනිෂ්ඨ විද්‍යාලය, මොනරාගල

බාලිකා:

  • ශූරතාවය – අල්පිටිය මහා විද්‍යාලය
  • අනුශූරතාවය – කිරිවනාගොඩ කනිෂ්ඨ විද්‍යාලය

  තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට