DSI වොලිබෝල් වයඹ පළාතේ තේරීම් තරග අවසන්

903

DSI සුපර් ස්පෝට් අන්තර් පාසල් වොලිබෝල් තරගාවලියේ වයඹ පළාතේ කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවල තේරීම් තරග පසුගිය දා නිමාවට පත්විය.

DSI වොලිබෝල් මධ්‍යම පළාත් තේරීම් තරග අවසන්

DSI සුපර් ස්පෝට් අන්තර් පාසැල් වොලිබෝල් තරගාවලියේ මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ සහ නුවරඑළිය..

කුරුණෑගල දිස්ත්‍රික්කය

වයස අවුරුදු 19න් පහළ

වයස අවුරුදු 19න් පහළ බාලක අවසන් මහා තරගය සඳහා නම්මුවාව මුස්ලිම් මහා විද්‍යාලයීය කණ්ඩායම සහ කැකුණගොල්ල ජාතික පාසල් කණ්ඩායම සුදුසුකම් ලැබූ අතර එහිදී තරගය ජය ගත් නම්මුවාව මුස්ලිම් මහා විද්‍යාලයීය ක්‍රීඩකයින් ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 19න් පහළ බාලිකා අවසන් මහා තරගය සඳහා මානලෙම්බුව ශ්‍රී සාරානන්ද මහා විද්‍යාලය සහ නිකවැරටිය මධ්‍ය මහා විද්‍යාලය සුදුසුකම් ලැබීය. එහිදී  අවසන් මහා තරගය ජයග්‍රහණය කරනු ලැබුවේ මානලෙම්බුව ශ්‍රී සාරානන්ද මහා විද්‍යාලයේ ක්‍රීඩිකාවන් ය.

වයස අවුරුදු 17න් පහළ

වයස අවුරුදු 17න් පහළ බාලක අංශයේ ශූරතාවය ඇහැටුවැව බණ්ඩාරනායක පාසලත් බාලිකා අංශයේ ශූරතාවය කුලියාපිටිය මහා විද්‍යාලයත් දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 15න් පහළ

වයස අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩයේ බාලක ශූරතාවය දිනා ගැනීමට කුරුණෑගල සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලයීය කණ්ඩායමත්, බාලිකා අංශයේ ශූරතාවය දිනා ගැනීමට කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලයීය කණ්ඩායමත් සමත් විය.

වයස අවුරුදු 13න් පහළ

තරගාවලියේ වයස අවුරුදු 13න් පහළ බාලක අංශයේ ශූරතාවය කුලියාපිටිය වීරපොකුණ විජිත මහා විද්‍යාලයීය කණ්ඩායම දිනා ගනිද්දී එහි බාලිකා අංශයේ ශූරතාවය දිනා ගනු ලැබුවේ පලුගොල්ල යාය 10 මහා විද්‍යාලයීය කණ්ඩායම විසිනි.

පුත්තලම දිස්ත්‍රික්කය

වයස අවුරුදු 19න් පහළ

වයස අවුරුදු 19න් පහළ බාලක අවසන් මහා තරගයේ දී වෙන්නප්පුව ජෝසප් වාස් මහා විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත් කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම යි.

බාලිකා අංශයේ අවසන් මහා තරගය නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම සහ ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම අතර පැවති අතර එම තරගය ජයග්‍රහණය කළ ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 17න් පහළ

වයස අවුරුදු 17න් පහළ බාලක අංශයේ ශූරතාවය නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයත්, බාලිකා අංශයේ ශූරතාවය මහඋස්වැව රතනපාල මහා විද්‍යාලයත් දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 15න් පහළ

වයස අවුරුදු 15න් පහළ බාලක අංශයේ ශූරතාවය මාරවිල සාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලය ජයග්‍රහණය කළ අතර එහි බාලිකා අංශයේ ශූරතාවය මහඋස්වැව ශ්‍රී රතනපාල මහා විද්‍යාලය විසින් දිනා ගන්නා ලදි.

වයස අවුරුදු 13න් පහළ

වයස අවුරුදු 13න් පහළ බාලක ශූරතාවය සාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම ජයග්‍රහණය කරද්දී එහි බාලිකා අංශයේ ශූරතාවය දිනා ගනු ලැබුවේ ලුණුවිල අනුරුද්ධ මහා විද්‍යාලයීය කණ්ඩායම යි.  

තරග ප්‍රතිඵල

කුරුණෑගල දිස්ත්‍රික්කය

වයස අවුරුදු 19න් පහළ

බාලක:

  • ශූරතාවය – නම්මුවාව මුස්ලිම් මහා විද්‍යාලයීය
  • අනුශූරතාවය – කැකුණගොල්ල ජාතික පාසල

බාලිකා:

  • ශූරතාවය – මානලෙම්බුව ශ්‍රී සාරානන්ද මහා විද්‍යාලය
  • අනුශූරතාවය – නිකවැරටිය මධ්‍ය මහා විද්‍යාලය

වයස අවුරුදු 17න් පහළ

බාලක:

  • ශූරතාවය – ඇහැටුවැව බණ්ඩාරනායක පාසල
  • අනුශූරතාවය – සාන්ත ආනා විද්‍යාලය, කුලියාපිටිය

බාලිකා:

  • ශූරතාවය – කුලියාපිටිය මහා විද්‍යාලය
  • අනුශූරතාවය – විශාකා විද්‍යාලය, කුලියාපිටිය

වයස අවුරුදු 15න් පහළ

බාලක:

  • ශූරතාවය – සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලය, කුරුණෑගල
  • අනුශූරතාවය – මැදමුල්ල ද මෙල් මහා විද්‍යාලය

බාලිකා:

  • ශූරතාවය – මලියදේව ආදර්ශ මහා විද්‍යාලය, කුරුණෑගල
  • අනුශූරතාවය – පලුගොල්ල යාය 10  මහා විද්‍යාලය

වයස අවුරුදු 13න් පහළ

බාලක:

  • ශූරතාවය – වීරපොකුණ විජිත මහා විද්‍යාලය, කුලියාපිටිය
  • අනුශූරතාවය – හිරිපොකුණ වීරපොකුණ මහා විද්‍යාලය, කුලියාපිටිය

බාලිකා:

  • ශූරතාවය – පලුගොල්ල යාය 10  මහා විද්‍යාලය
  • අනුශූරතාවය – දන්ඩුවාව මහා විද්‍යාලය

පුත්තලම දිස්ත්‍රික්කය

වයස අවුරුදු 19න් පහළ

බාලක:

  • ශූරතාවය – ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය, නාත්තන්ඩිය
  • අනුශූරතාවය – ජෝශප් වාස් මහා විද්‍යාලය, වෙන්නප්පුව

බාලිකා:

  • ශූරතාවය – ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය
  • අනුශූරතාවය – ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය, නාත්තන්ඩිය

වයස අවුරුදු 17න් පහළ

බාලක:

  • ශූරතාවය – ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය, නාත්තන්ඩිය
  • අනුශූරතාවය – සාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලය, මාරවිල

බාලිකා:

  • ශූරතාවය – ශ්‍රී රතනපාල මහා විද්‍යාලය, මහඋස්වැව
  • අනුශූරතාවය – ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය

වයස අවුරුදු 15න් පහළ

බාලක:

  • ශූරතාවය – සාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලය, මාරවිල
  • අනුශූරතාවය – ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය, නාත්තන්ඩිය

බාලිකා:

  • ශූරතාවය – ශ්‍රී රතනපාල මහා විද්‍යාලය, මහඋස්වැව
  • අනුශූරතාවය – ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය

වයස අවුරුදු 13න් පහළ

බාලක:

  • ශූරතාවය – සාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලය, මාරවිල
  • අනුශූරතාවය – සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, මාදම්පේ

බාලිකා:

  • ශූරතාවය – අනුරුද්ධ මහා විද්‍යාලය, ලුණුවිල
  • අනුශූරතාවය – ශ්‍රී සංඝබෝධි මහා විද්‍යාලය, කටුකෙන්ද

>> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<