Road to Olympic තුලින් ශ්‍රී ලංකාවෙන් 15ක් 2028 ඔලිම්පික් වලට

102

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ සහ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳව මෙන්ම “Dream to Olympic” වැඩසටහන හඳුන්වා දීම සම්බන්ධ මාධ්‍ය හමුවක් ඊයේ (16) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී පැවැත්විය.

ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතාවලට මෙවර වැඩි වටිනාකමක්

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල පිළිබඳව සහ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී …….

මෙම “Dream to Olympic” වැඩසටහනෙන් ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කරනුයේ 2028 ඔලිම්පික් තරගාවලිය වන අතර ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15ක් සහභාගී කරවීම එහි ඒකායන අරමුණයි.

මෙම වැඩසටහනේ සමාරම්භය එළඹෙන නොවැම්බර් මස මුල් සතියේ දී ලබා ගැනීමට කටයුතු සැලසුම් කර ඇත්තේ පාසල් ශිෂ්‍යයන් 1,250ක් සමඟින් නිදහස් චතුරස්‍රයේ දී ය. එහි දී එම ශිෂ්‍යයන්ට අනුස්ථාපන වැඩසටහනක් (Orientation program) පැවැත්වීමට නියමිතව ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල මහතා මෙසේ පැවසීය.

“2028 ඔලිම්පික් තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15ක් සහභාගී කරවන්නයි අපිට ඕන. හැබැයි Wild Card මගින් නෙවෙයි. ඇත්තටම සුදුසුකම් සපුරා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15ක් සහභාගී කරවන්නයි අපිට අවශ්‍ය වෙලා තිබෙන්නේ. 

මෙම වැඩසටහනට අපි තෝරාගනු ලබන්නේ පාසලේ 7 වසරේ සිටින දරුවන්වයි. අධ්‍යාපන අමාත්‍යාංශය එක්ක එකතු වෙලයි අපි මේක කරන්නේ. ඒ සඳහා දිස්ත්‍රික්ක 25ක ක්‍රීඩා මධ්‍යස්ථාන 25ක් අපි ආරම්භ කරනවා. ඒ හැම ක්‍රීඩා මධ්‍යස්ථානයකින්ම 7 පන්තියේ ළමයි 50 ගානෙ අපි ඇතුළත් කරනවා. ඒ 50 දෙනා තෝරාගන්නේ එම අධ්‍යාපන කලාපයේ සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් 500 දෙනෙකුගේ දක්ෂතාවයන් අතරිනුයි. ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1250 දෙනෙක් අපි මේ අවුරුද්දේ හොයාගන්නවා.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ,

“මේ අවුරුද්දේ තෝරාගන්නා ළමයි අතරින් සමහර විට 2028 ඔලිම්පික් තරගාවලියට ළමයි 10ක් යයි, සමහර විට 5ක් යයි. සමහර විට එක් ළමයෙක්වත් යන එකක් නෑ. හැබැයි  ලබන අවුරුද්දෙත් අපි මේක පටන් ගන්නවා. මොකද ව්‍යාපෘතියක් සාර්ථක වීමට වගේම අසාර්ථක වීමටත් පුළුවන්කමක් තිබෙනවා. හැබැයි මේ දේ කරන්න ඕන. “ශ්‍රී ලංකාව තම පළවෙනි ඔලිම්පික් රන් පදක්කම ඊයේ දිනයේ ලොස් ඇන්ජලීස්වල දී දිනා ගනු ලැබුවා” කියලා 2028 දී පත්තර වල සහ අනෙකුත් මාධ්‍ය වල යන එක ගැන තමයි අපේ හීනය තිබෙන්නේ. ඒක තමයි “Dream to Olympic” වැඩසටහනේ අගය වෙන්නේ” ලෙසයි.

හමුදා මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල කණ්ඩායමක්

එළඹෙන ඔක්තෝබර් මස 27 වැනිදා චීනයේ වුහාන් හිදී ……..

මෙහි දී කතාබහට ලක් වූ තවත් කාරණයක් බවට පත් වූයේ ශ්‍රී ලංකාවේ සිටින මලල ක්‍රීඩා පුහුණුකරුවන්ගේ තත්ත්වයයි. ජාතික පුහුණුකරුවන් පිළිබඳව ඔහු පල කළේ මෙවන් අදහසක්.

“පසුගිය දා සුසන්තිකා ජයසිංහගේ පුහුණුකරු ශ්‍රී ලංකාවට ආවා. ඔහු කියලා තිබුණේ “ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෝ දක්ෂයි, නමුත් පුහුණුකරුවෝ දන්නෙ නෑ” කියන එක. ඒ නිසා ජාතික පුහුණුකරුවන්ගේ ධාරිතා හා සංවර්ධන වැඩසටහනක් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙලෙස පුහුණුකරුවන්ගේ ධාරිතා සංවර්ධනය කිරීම සඳහා අපි මහා භාණ්ඩාගාරයෙන් එන අවුරුද්දට රුපියල් මිලියන 50ක මුදලක් ඉල්ලුවා. භාණ්ඩාගාරයත් අපිත් එක්ක ඒකට එකඟ වුනා. මේකෙ අරමුණ ශ්‍රී ලංකාවේ දක්ෂ පුහුණුකරුවන් 25ක් හදන එක. අපි විද්‍යාත්මක ක්‍රමවේදයක් හරහා නවීනත්වයට යන්න ඕන. ඒක පුහුණුකරුවන්ගේ වරදක් නෙවෙයි. අපි ක්‍රියාමාර්ග සකසන්නන් වශයෙන් ඔවුන්ට ඒ සඳහා යන ගමන හදලා දෙන්න ඕන. මෙහි දී අපි සමහර අනුස්ථාපන වැඩසටහන් (Orientation programs) පැවැත්වූවා. ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් ද ඒ සඳහා හොඳ දායකත්වයක් ලබා දුන්නා.”

තහනම් ලෙස උත්තේජනය වූ රුසියාවට තහනමක්?

රුසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ රුධිර සාම්පල වල ඇති ……..

“අපේ සම්පත් අසීමිත වුනාට අපි ඒවා ප්‍රයෝජනයට ගන්න දන්නේ නෑ. ඒක කරන එක තමයි මෙම වැඩසටහනේ මූලිකම අරමුණ වෙන්නේ. අපි මේ මගින් තෝරගන්න සෑම ක්‍රීඩකයෙකුගෙන් Super Pool එකක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ අනාගතය ගැන අපි බලාගන්න ඕන. අපිට ළමයි 15ක් යවලා රන් පදක්කමක් ලබාගන්න පුළුවන්. මේක විශාල වැඩසටහනක්. මේක තමයි අපේ හීනේ” ලෙසින් ද මුතුගල මහතා අවසාන වශයෙන් පැවසීය.

මෙම මාධ්‍ය හමුව සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල සහ ක්‍රීඩා අධ්‍යක්ෂ අයි. පී. විජේරත්න යන මහත්වරුන් සහභාගී වී සිටියහ.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<